The Trunk (2024) [S01 : E01] Sinhala Subtitle
කොහොමද කට්ටියටම? ඔන්න ඉතිං අළුත් අවුරුද්දකුත් ඇවිල්ලනේ. ඉතිං මේ ලැබුවාවූ 2025 වසර සිතුම් පැතුම් ඉටුකරගන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් මට අරන් එන්න ඕන උනේ මේ කතාවට මම ආස නිසා. ඒ වගේම කතාව රඟපාන්නෙත් මම පෞද්ගලිකවම ආස නළු නිළි දෙපලක්. ට්‍රේලර් එක දැක්ක දවසෙ ඉඳලා බලන්න ආසාවක් තිබ්බා වගේම උපසිරැසියක් අරන් එන්නත් ඕන කියලා හිතුනා.
කතාව පැත්තට ගියොත් පොලිසියට හම්බ වෙනවා ට්‍රන්ක් එකක්. ඒකෙ තියෙන විශේෂත්වය තමයි මේක වතුරෙ තිබිලා හම්බ වෙන්නෙ. මළසිරුරක්වත් මුකුත් ඒකත් එක්ක නෑ. අනික ඒක ගණන් ට්‍රන්ක් එකක්. පොලිසියට තියෙන ප්‍රශ්නෙත් මෙච්චර ගණන් ට්‍රන්ක් එකක් අයිතිකාර යෙක් නැතුව මොකද මේ ගඟක තියෙන්නෙ කියලා. ඉතිං මෙයාලා මේක ගැන විමර්ශනය කරන්න ගන්නවා. ඔය අතරෙම පෙන්නනවා මීට මාස පහකට කලින් සිද්ධ වුණු සිද්ධියක් එක්ක ගලාගෙන කතාවක්. ඒ කතාව මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ. ඔයාලටම බලද්දි තේරෙයි. පටලවගන්න එහෙම එපා කියලා කලින්ම කියන්නේ මාස පහකට කලින් සිද්ධ වුණු දේවලුයි දැන් සිද්ධි එකට පෙන්නන්නේ. ඒත් වර්තමානයේ ඒවා ගොඩක් වෙලාවට කතාවෙ අන්තිමට පෙන්නන්නේ.
කතාවෙ නළු නිළියන් විදියට... Seo Hyun Jin නිළිය විසින් Noh In Jiට පණ පොවනවා. ඔයාලා K-Drama පිස්සො පිස්සියො නම් අනිවාර්යයෙන්ම එයාගෙ එක කතාවක් හරි බලලා ඇති. Let's Eat Season 2(2015), Another Miss Oh(2016), Dr.Romantic(2016), Temperature Of Love(2017), The Beauty Inside(2018), Why Her(2022),... වගේ කතාවල ප්‍රධාන චරිතය රඟපෑවේ එයා තමයි. මේකේ ප්‍රධාන නළු චරිතයට හෙවත් Han Jeong Wonට පණ පෙව්වේ ඔයාලා හැමෝම දන්න Gong Yoo විසින්. Gong Yoo කිව්වොත් Goblin, Goblin කිව්වොත් Gong Yoo. ඉතිං K-Drama බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Goblin බලලා තියේනේ. මේ දවස්වල නම් කට්ටිය එයාව අඳුරන්නේ Squid Game එක හින්දා. මේ ප්‍රවීණ නළුවා ගැන නම් කතා කරන්න දෙයක් නෑනේ. ආ... කොච්චර ප්‍රසිද්ධ වුනත් එයාගේ Coffee Prince(2007) නම් අමතක කරන්න බෑ නේද?
ඉතිං ඔයාලටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම ටිකකට නවතින්නම්. (අනිත් එපිය අරන් එනකං හොඳේ..)
යන්න කලින් Subz.lk ඇඩ්මින් මඩුල්ලට ස්තුති කරන ගමන් දැනට මං නවතින්නම්!
බුදු සරණයි!!
IMDB
Year : 2024
Actors : Seo Hyeon-jin,Gong Yoo,Jung Yun-Ha
2025-01-20 03:21 pm
- WEBRip
- Download : 32
- File Size : 14.131KB
Download Links:
The Trunk (2024) [S01 : E02] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Firefox 134
බොහෝම ස්තූතියි සිස් මේ සීරිස්එකට සිංහල සබ් දුන්නට……