The Wolf’s Call (2019) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල යුධ සබ්මැරීන වටා ගෙතුණ පාදක කරගත් ප්‍රංශ චිත්‍රපටයක උපසිරැසි අරගෙනයි. ඒ නිසා මෙහි ස්තූතිය ඔහුට. මේ චිත්‍රපටයෙ ප්‍රංශ නාමය Le chant du loup, ඉංග්‍රිසියෙන්නම් The Wolf’s Call (2019). මුලින්ම කියන්න ඕනෙ මේ Wolf’s call කියන්නෙ මොකද්ද කියල. දළ වශයෙන් පරිවර්තනය කලොත් වෘක උඩුබිරුම කියල තමයි මේකෙ අර්ථය එන්නෙ. නමුත් සබ්මැරීන භටයන් මෙම වචනය පාවිච්චි කරන්නෙ සතුරු මුහුදු සීමාවකදී තම සබ්මැරීනය ඇති ස්ථානය සොයාගත් සතුරු සබ්මැරීනයක් එය ඔවුන්ගේ මිතුරු හමුදා නෞකාවලට සහ සබ්මැරීනවලට දන්වා යවන පණිවිඩය. ඒ වගේම කියන්න ඕනෙ අපි පහුගිය කාලවල ගොඩක් සබ්මැරීන කතා පාදක කරගත් චිත්‍රපට දැක්කා, එයින් ගොඩක්ම ජනප්‍රිය වුණේ මම හිතන්නෙ ගෙරඩ් බට්ලර් රංගනයෙන් දායක වුණ The Hunter Killer (2018) චිත්‍රපටයයි. එය බොහෝදුරට ක්‍රියාදාම මූලික චිත්‍රපටයක් වෙද්දී, මේ චිත්‍රපටයනම් ඊට වඩා කතාවට මුල්තැන දෙන සහ වෙනත් සබ්මැරීන චිත්‍රපටවල නොසලකා හැරෙන සබ්මැරීනයට වැදගත් සේවයක් ඉටුකරන නිලධාරියෙක් වටා නිර්මාණය කල එකක්. ඒ තමයි Sonar Officer එහෙමත් නැත්නම් ධ්වනි අධ්‍යයන නිලධාරී. ඔබ දන්නවනෙ සබ්මැරීනයක ගමන අන්ධකාරයේ ගමන් කිරීමක් වගෙයි. අධි-තාක්ෂණික මාපකයන් රැසක කියවීම් අනුව තමයි එහි ගමන සිද්ධවෙන්නෙ. ඒ වගේ තත්වයකදි ජලය සමග මිශ්‍රව එන ශබ්දන්ගෙන් ස්වභාවික ශබ්ද සහ නිහඬව ඉදිරියට ඇදෙන සතුරු සබ්මැරීන ආදියෙන් එන ශබ්ද වෙන්කොට හඳුනාදීම මගින් ධ්වනි නිලධාරීන් ඉටුකරන්නෙ ඉමහත් සේවයක් තම සබ්මැරීනයේ ආරක්ෂාවට. අන්න ඒ වගේ අතිදක්ෂ ශ්‍රවණ හැකියාවකින් යුත් චැන්ට්‍රේඩ් නම් ධ්වනි නිලධාරියෙක් වටා තමයි මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ. IMDB අගය 7.1ක් සහ ගූගල් පරිශීලකයන් 94%ක ප්‍රසාදයද දිනා ඇති මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය ඇබෙල් ලැන්සැක්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ : ෆ්‍රැන්කොයිස් සිවිල්( චැන්ට්‍රේඩ්), ඔමාර් සයි (ඩොර්සි), මැතියු කැසොවිට්ස් ( අද්මිරාල්), රෙඩා කටෙබ් ( ග්‍රැන්ඩ්චැම්ප්), පෝලා බියර් ( ඩයෑන්) වගේ පිරිසක්.
කොහොමහරි මෙහි උපසිරැසි කරන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා, නිකුත්වී ඇති නිල උපසිරැසියත් අඩුපාඩුවලින් ගහණ එකක් වීම හේතුවෙන්. ඒ නිසා යම් දෙබස් වෙනස්කම්වලට ලක්කරන්නත්, වටහාගත නොහැකිවූ කීපයක් ඉවත්කරන්නත් සිද්ධවුණා. කෙසේ හෝ නරඹන්නාට අපහසුවක් නොවෙන ආකාරයට හැකි උපරිම අයුරින් උපසිරැසිය සකස් කරන්න උත්සාහයක් ගත්තා. එහි සාර්ථක අසාර්ථක භාවය ඔබට බාරයි. ඒ වගේම යම් යම් නාවික වචනවල අර්ථය වරහන් තුල සඳහන් කරල තියනවා. මෙය ද්වි භාෂා ( ඉංග්‍රීසි/ ප්‍රංශ) පිටපත්වලට නොව ප්‍රංශ භාෂා පිටපත්වලට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක් බවත් කරුණාවෙන් සලකන්න. එහෙනම් මම කතාවට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම් වෙනදා වගේම…
සිරියාවේ මෙහෙයුමක යෙදී සිටින ප්‍රංශ හමුදා භට පිරිසක් එම ස්ථානයෙන් ඉවත්කරගෙන ඒමේ ( Extraction mission) මෙහෙයුමකට ප්‍රංශ නාවික හමුදාවට අනුයුක්ත ‘ටයිටන්’ නම් සබ්මැරීනයක් එම මුහුදු සීමාවේ රහසින් රැඳී සිටිනවා. රහසිගතව එම සෙබළුන් නැවත ප්‍රංශයට රැගෙන යාමයි ඔවුන්ගේ රාජකාරිය. කෙසේ නමුත් එහි ධ්වනි නිලධාරියෙකු වන චැන්ට්‍රේඩ්ට නාඳුනන යාත්‍රාවක හඬක් ඇසීමත්, එම හඬ නිසි ලෙස හඳුනාගැනීමට ඔහු අපොහොසත් වීමත් සමග මෙහෙයුම නොසිතූ පැත්තකට හැරෙන අතර, ඔහුගේ රාජකාරියද නැතිවිමේ අවධානමකට ලක්වෙනවා. එහෙමයි කතාවෙ ආරම්භය… එතැනින් එහාට ඔබට බාරයි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
සැලකිය යුතුයි : උපසිරැසිය ප්‍රංශ භාෂා BLURAY පිටපත් සඳහා පමණක් ගැලපේ. ද්වි භාෂා( ඉංග්‍රීසි/ ප්‍රංශ) පිටපත් සතු අය එයින් ප්‍රංශ භාෂාව තෝරාගෙන නරඹන්න. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් සියල්ල ප්‍රංශ භාෂා පිටපත් වේ.
Sthuthi sub ekata….
Thank u Bro…
ප්‍රංශ ,රුසියන් වගේ වෙන වෙන් භාෂාවල චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන එකට ස්තූතී සහෝ
පුළුවන් තරම් ඒ වගේ හොඳ චිත්‍රපට වලටම උපසිරැසි ලබාදෙන්න
Good Luck 😊💕
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ පතමි….
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙන්නකෝ..
ජය වේවා.!
එල. දෙනකල් බලන් හිටියේ. අනිව දෙයි කියල විස්වාසයක් තිබුනා. ස්තුතියි.
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..!
මේ වගේ ෆිල්ම් නම් නියමයි.
දිගටම සබ් දෙන්න..
තෙරුවන් සරණයි…!
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
Sub ekata thanks saho
ස්තූතියි සබ් එකට සහෝ
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .හසිත සහෝ
ඔයාගේ සබ් එකක් නම් ඉතින් ආයි ඒකේ අහන්න දෙයක් නෑ.!