මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේකට අවස්ථාව දුන්න Subz LK උපසිරැසි අංශයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් Kriv Stenders විසින් අධ්‍යක්ෂණය කල Josh Lucas හා Rachael Taylor රංගනයෙන් දායක වූ Red Dog,සත්‍ය කතාවක්...
Dampier නගරයේ අවන්හලක් පටන් ගන්න එන ජෝඩුවකට අතරමගදි රතු බල්ලෙක් මුණ ගැහෙනවා. ඔවුන් මෙම බල්ලවත් නගරයට රැගෙන එනවා. විවිධ රටවල් වලින් රැකියා හොයාගෙන, මෙම නගරයට ආපු සෑම පුද්ගලයෙක් සමගම රතු බල්ලා මිත්‍ර වෙනවා. ඔවුන් රතු බල්ලට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරමින් ආදරයෙන් සලකනවා. රතු බල්ලත් මෙම සියලුම ආදර සත්කාර ලබමින් ජිවත් වෙන නමුත්, කාටවත් විශේෂයක් දක්වන්නෙ නෑ...
ජෝන් නම් ඇමරිකානු ජාතික බස් රථ රියදුරා නගරයට පැමිණීමත් සමග රතු බල්ලා ඔහු සමගත් මිත්‍ර වීමට උත්සාහ දරන නමුත් ඔහු, රතු බල්ලව ගණන් ගන්නෙ නෑ. එක්තරා සිදු වීමක් නිසා රතු බල්ලා සහ ජෝන් අතර නොබිදෙන මිතුදමක් ඇති වෙනවා. ජෝන්, නැන්සි නම් තරුණිය සමග ආදරයෙන් බැදෙන අතර ජෝන් නැන්සිට විවාහ යෝජනාවක් ගෙන එනවා. එදිනම “ඔහොමම ඉන්න මම හෙට උදේම නැවත එනවා” රතු බල්ලට පවසමින් ජෝන්, නැන්සි හා පිටත්ව යනවා...
සති ගණනක් බලා සිටියද ජෝන් නැවතත් පැමිණෙන්නෙ නැති බැවින් රතු බල්ලා, ජෝන් සොයා ගැනීමට මුළු ඕස්ට්‍රේලියා මහද්වීපය පුරාම සංචාරය කරනවා. ඌ හැමෝගෙන්ම ඇහුවේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒ “ඔයාල ජෝන්ව දැක්කද?” යන්නයි...
Spoiler Warning : Red Dog is a 2011 Australian comedy-drama family film written by Daniel Taplitz, directed by Kriv Stenders and produced by Nelson Woss and Julie Ryan...





Windows 8.1Chrome 54
සාදරයෙන් පිලිගන්නවා…
පලවෙනි උපසිරැසියට ජය…
Windows 10Chrome 54
සුභ පැතුම් සහෝ.!! ජය!!
Windows XPFirefox 43
සබ් එකට බොහොම ස්තූතියි.
ටොරන්ට් ලින්ක් එක ගන්නකොට ඩවුන්ලෝඩ් කරපු ටොරන්ට් ෆයිල් එකෙන්ම ලින්ක් එක ගන්න එතකොට ටොරන්ට් සයිට් එකට යන්න ඕනවෙන්නෙ නෑ කෙලින්ම ඕපන් වෙනවා…ජයවේවා!