කණගාටු නොවන්න, සතුටු වන්න
ලැබුවා වූ 2021 නව වසර ලෝකවාසී සහ ලංකාවාසී සැමට, නීරෝගී, වාසනාවන්ත වසරක් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමින්, නව වසරේ මුල්ම උපසිරැසිය තිලිණ කරන්නයි මේ සූදානම.
සුපිරි සටන් නලු ජැකී චෑන් විසින් ලියා (සම දායකත්වය), නිෂ්පාදනය කරමින් රඟපෑ තවත් කදිම සිනමා නිර්මාණයක් තමයි Gorgeous . 1999 පෙබරවාරි 06 දින තායිවානයේදී මුලින්ම තිරගත වූ අතර හොංකොං බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ලැබූ සිනමා පටයක්. හොංකොංහි තිරගත කල කාලය තුල හොංකොං ඩොලර් 40,545,889 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන තියෙනවා. සටන් චිත්‍රපටවලින් බැහැර වී, Drama වර්ගයේ චිත්‍රපටයකට ජැකීගෙ ලොකු ආසාවක් තිබූ නමුත්, ගෝල්ඩන් හාවෙස්ට් සමාගමේ හවුල්කරුවෙක් වූ, ජැකීගෙ ගෝඩ්ෆාදර් වන Leonard Ho ඊට විරුද්ධ වෙලා තියෙනවා. ඔහු පවසා ඇත්තේ, ජැකීගෙ චිත්‍රපට සාර්ථක වෙන්න නම්, ප්‍රේම ජවනිකා නොව, ජැකීගෙ රසිකයන් අපේක්ෂා කරන ෆුල් ඇක්ෂන් ෆිල්ම් විය යුතු බවයි. 1998 පෙබරවාරි 16, Ho මියගිය අතර, ටික කාලයකින්ම ජැකී ගෝල්ඩන් හාවෙස්ට් සමාගමෙන් ඉවත්විය. ඒ ඔහුට කිරීමට අවශ්‍ය වූ ජාතියේ චිත්‍රපට කිරීම සඳහා නිදහස හොයාගෙනයි. ඒ වෙනස සොයා හොලිවුඩයට පා තැබූ ජැකී, Chris Tucker සමඟ රඟපෑ Rush Hour [1998] චිත්‍රපටය අන්තර්ජාතික සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්වූ අතර, ඒ සමගම ඔහු හොලිවුඩ් සුපිරි තරුවක් බවට පත්විය. ඉන්පසු නැවත හොංකොං දෙසට හැරුනු ජැකී තමාගෙ ආසාව ඉටු කරගත්තේ 1999 වසරේ Gorgeous නිර්මාණය කරමින්. මේක රොමෑන්ටික් ගතියක් තියෙන ෆිල්ම් එකක්. හරියට හින්දි ෆිල්ම් එකක වගේ. හැබැයි එහෙම කියලා සටන් නැත්තෙ නෑ. සුපිරි සටන් ටිකක් තියෙනවා. ජැකීගෙ අරුම පුදුම හැකියාවන්ගෙන් අඩුවකුත් නෑ. කොමඩිත් ඒ වගේම තමයි. ඒ නිසා මේක Action Romantic Comedy ෆිල්ම් එකක් හැටියට තමයි වර්ග කෙරෙන්නෙ. ජැකී පසුව පවසා තිබුනේ මෙහි ඔහු රඟපාන C.N, Chan චරිතය, නියම ජැකී චෑන්ට 60% – 70% ක් සමාන බවයි. ෆිල්ම් එකේ ඔහුගේ ඔෆීස් එකට අරන් තියෙන්නෙත් ඔහුගේ පෞද්ගලික ජිම් එකයි. චිත්‍රපටයේ එන සාමාන්‍ය දින චරියාවන්, ව්‍යායාම් ඔහුගේ සැබෑ ජීවිතයට සමාන බවයි කියවෙන්නෙ. ඒ වගේම ඇඳුම් පැළැඳුම් පවා, ඔහුගෙ සාමාන්‍ය ජීවිතයේ අකාරයට සමානලු. අඩු තරමේ සිපගැනීමේ දර්ශනයක්වත් නොමැති අතර, සටන් දර්ශනද කැපීම් කෙටීම්, ලේ වැගිරීම්, මිනීමැරුම් ආදියෙන් තොරව තිබීම නිසා පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකියි. කොහොමත් ජැකීගෙ ෆිල්ම් 90% ක්ම එහෙමයි.
මේකෙ ප්‍රධාන නිලිය ගැනත් විශේෂයෙන්ම කියන්න ඕන. අපි කවුරුත් දන්න සුපිරි තරුවක්, Shu Qi. මතක ඇතිනෙ, So Close [2002] එකේ අක්කා. තව Transporter [2002], My Wife is a Gangster 3 [2006] සහ Assassin [2015] ෂූ රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙනවා. Assassin චිත්‍රපටය වෙනුවෙන්, Asian Film Festival සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස පිදුම් ලබන්නටත් ඇයට හැකිවුනා. තායිවාන්-හොංකොං නිලියක් වන ඇය 2014 වනවිට තායිවානයේ වැඩිම මුදලක් අයකරන කීප දෙනා අතරට පත්වී තිබුනා. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 120 යි.
Shu Qi
Cast
Jackie Chan … සී.එන්. චෑන්
Shu Qi … බූ
Tony Chiu-Wai Leung … ඇල්බට්
Emil Chau … එල්.ඩබ්ලිව්.ලෝ
බූ, කුඩා තායිවාන් ධීවර ගමක මධ්‍යම පාන්තික ලස්සන තරුණියක්. ඇයට දවසක් මුහුදේ පාවෙලා ආපු බෝතලයක් හම්බවෙනවා. ඒක ඇතුලෙ කාටදෝ ලියපු කෙටි ආදර පණිවුඩයක් තියෙනවා. ලියල තියෙන්නේ හොංකොංවල ඇල්බට් කියල කෙනෙක්. බූ මේ ඇල්බට්ව හොයාගෙන යනවා. ගිහින් බලපුවාම ඇල්බට් ඒක ලියල තියෙන්නෙ එයාගෙ බෝයිෆ්රෙන්ඩ්ට. දන්නවනෙ තේරුම. ඉතින් බලාපොරොත්තු සුන් වෙන බූට, හොංකොංවලදී අඳුරගන්න ලැබෙනවා ධනවත් ව්‍යාපාරිකයෙක්, සීඑන්. හම්බවෙන්නෙත් ඔහු වලියකට පැටලිලා ඉන්න වෙලාවක තමයි. මොකද සීඑන්ට, විරුද්ධ ව්‍යාපාරිකයෙක්ගෙන් නිතර නිතර ප්‍රශ්න එනවා. කොහොමහරි සීඑන් සහ බූ අතර පැහැදිලිවම එලියට නොඑන ආදරයක් ඇතිවෙනවා. මේ ආදරය සහ ව්‍යාපාරික අරගල කොහෙන් කෙළවර වෙයිද? කොහොම කෙළවර වුනත්, එතෙක් සිනහව සහ ඇක්ෂන් නම් අඩුවක් නෑ.
ජය වේවා.
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
Thanks jayawewa….!
Thanx saho.
ලැබුවා වූ 2021 නව වසර සතුට, සෞභාග්‍යය, නිරෝගිකම සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:pray: අයියට පිං සිද්ධ වෙන්න තමයි පරණ චිත්‍රපට ආයේ සැරයක් අපිට බලන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ජැකී චෑන්ගේ චිත්‍රපට. පරණ චිත්‍රපටවලට සබ් දෙන එක නවත්තන්න නම් එපා. ජැකී චෑන්ගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න. මොකද පිස්සුවෙන් වගේ තමා ජැකී චැන්ගේ ෆිල්ම් බලන්නේ. ඒවගේම Jet-Li කියන්නෙත් සුපිරිම පොරක් තමයි. එයාගේ ෆිල්ම් වලටත් හැකි සෑම විටම සබ් දෙන්න. මෙහෙම කමෙන්ට් දාන්නේ එච්චරටම පිස්සු වැටිලා ඉන්න නිසයි.:smile::smile::smile:
Obatath esema wewaa. aniwaaren parana film walata denawaa. eth site eka wenuwen aluth film ehamath karanna wenawaa. aekai late.
John Woo Direct karapu parana films wala sub danna puluwanda.
ex – Hard Boiled, The Killer, ehema
try karannam.
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ..!!!
තෑන්ක්ස් සබ් එකට ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් නම් සුපිරි ඉතිං
Oyalage comment apita hayyak. thanx.
—wish you Happy new year—!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
oyaa nam nitharama ma ekka innawane. Happy New Year.
ලැබුවාවු නව වසර සුබ නව වසරක් වේවා …
සබ් දෙනකම් බලන් හිටිට ෆිල්ම් එකක් ගොඩක් ස්තූති සබ් එකට
obatath esema wewa. anith ewath dhennam.
Winners and Sinners (1983)
Dragon Fist (1979)
Twinkle Twinkle Lucky Stars (1985)
My Lucky Stars (1985)
Miracles (1989)
Dragon Lord (1982)
The Fearless Hyena (1979)
Fearless Hyena 2 (1983)
Battle Creek Brawl (1980)
Island of Fire (1990)
හැකිනම් ඉහත ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න.
oya okkoma mage list eke thiyenawa. kaalaya pilibada prashnayak witharai thiyenne.