12 Monkeys (2015) [S01 : E03] Sinhala Subtitle

April 28, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
කැසන්ඩ්‍රා ග්‍රස්තිය

දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ තෙවන කොටසයි මේ රැගෙන එන්නේ. Cassandra complex (කැසන්ඩ්‍රා ග්‍රස්තිය/ අනතුරු ඇඟවීම් ගණනකට නොගැනීම) නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 7.8 ක අගයක් ලැබී තිබෙනවා.

පසුගිය කොටස කෙටියෙන්…

2043 වසරේදී, ජෝන්ස්ට වැටහෙනවා වෛද්‍ය රේලිගේ හඬ පණිවිඩය තුල “දොළොස් වඳුරු හමුදාව” ගැන සඳහන් වන බව, එසේම ඔවුන්ගේ සංකේතය 2015 වසරේදී මානසික රෝහලක් තුල තිබී ඇති බව. ඒ නිසා ඇය කෝල් සහ ඔහුගේ මිතුරු රැම්සිව පිටත්කරනවා ඒ ගැන විමර්ශණය කරන්නට. කෝල්ට හමුවෙනවා එම රෝහලේ 248වන කාමරය, දොළොස් වඳුරු හමුදා ලාංජනයත් ඒ තුල තිබෙනවා ඒ වනවිටත්, නමුත් එම කාමරයේ සිටි රෝගියාගේ විස්තර සහිත ගොණුව අතුරුදන්. එවිට එතැනට කඩාවදින සවකැවෙන්ජර්ලා මරා දමන කෝල් සහ රැම්සි ආපසු තමන්ගේ තිප්පොලටම යනවා.

2015 වසරේදී, කැසී ඇරොන්ගෙන් උදව් ඉල්ලා සිටින අතර ඔහු ඇයව ඇගේ සීයාට සහ අත්තම්මාට අයිතිව තිබූ පැරණි පොත් සාප්පුවට රැගෙන යනවා. ඇය එහිදී ඇරොන්ට පවසනවා තමන් සහ කෝල්ව පොලිස් භාරයෙන් මාක්රිජ් සමාගම අතට බාර කිරීම ගැන. ඇරොන් කැසීට පවසනවා ඇයව පැහැරගත් තැනැත්තා සමග ගැවසීම අණුවන ක්‍රියාවක් බව. කතාව නැවත අනාගතය දෙසට යැවෙන අතර එහිදී ජෝන්ස් හා කෝල් අතර වාදයක් ඇතිවෙනවා, ජෝන්ස් කෝල්ට පවසනවා නැවත කැසීව මුණ නොගැසෙන ලෙස, ඒ ඇයගේ ජීවිතයේ කාල ගලනය (Time line) විනාශ වී යා හැකි නිසා.

නැතව කාලයෙන් අතීතකට යාමට කාල යන්ත්‍රයට ගොඩන කෝල්, යම් වැරදීමකින් 2006 වසරේ උතුරු කොරියාවට යැවෙනවා. උතුරු කොරියානුවන් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම අරඹන විටම ජෝන්ස් සහ පිරිස සමත්වෙනවා ඔහුව කෙලින්ම 2015 වසරට ස්ප්ලින්ටර් කරන්නට, එහිදී ඔහු සිතාමතාම ලීලන්ඩ් ගොයින්ස්ගේ දියණිය වන ජෙනිෆර් ගොයින්ස් සිටින J.D පීපල්ස් මානසික රෝහලට ඇතුල්වනවා දොළොස් වඳුරු හමුදාව පිලිබඳව ඇය යමක් දන්නා බව සිතමින්.මේ අතරවාරයේ, කැසී ජෙරමිට ඇමතුම් ලබාගැනීමට උත්සාහ කලත් සාර්ථක වන්නේ නෑ, ඒ අතරේ ඇයට රූපවාහිනියෙන් දකින්නට ලැබෙනවා ලීලන්ඩ් ගොයින්ස් මියගියේ හෘදයාබාධයකින් බවට විකාශය වෙනවා.

මානසික රෝහල තුලදී, කෝල්ට ජෙනිෆර් ගොයින්ස්ව මුණ ගැසෙනවා, ඔහු ඇයගෙන් දොළොස් වඳුරු හමුදාව ගැන විමසන විට, ඇය පවසනවා වඳුරන් ජීවත්වන්නේ තමන්ගේ මනස තුල බවත්, ඇය තමන් ලවා මිනිස්සුන්ට කරදර කරවන බවත්. එසේම ඒ ගැන කිසිවෙකුට නොපවසන ලෙස වෛද්‍යවරුන් නියම කර ඇති බව පවසන ඇය ආරක්ෂක නිලධාරීන් කැඳවා කතාවෙන් ගැලවී යනවා. මේ පිලිබඳව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පසුව ප්‍රශ්ණ කරනවිට, ජෙනිෆර් සඳහන් කරනවා ” නයිට් රූම්” ගැන. මෙයින් බියපත්වන වෛද්‍යවරයා මාක්රිජ් සමූහ ව්‍යාපාරයට අමතා එය දැණුම් දෙනවා. ඔවුන් ඊට හිලව්වට ඔහුගේ ගිණුමට මුදල් බැර කරනවා.

ජෙරමිගෙන් ප්‍රතිචාරයක් නැති තැන ඔහුව සොයා ඔහුගේ නිවසට යන කැසීට දකින්නට ලැබෙනවා ඔහුව මරා දමා සිරුව මල් පෙතිවලින් වසා තිබෙනවා. ඊට ටික වේලාවකට පසු, බියකරු පෙනුමැති වයස්ගත පුද්ගලයෙක් ඇයට තර්ජණය කර පවසනවා ප්‍රශ්ණ කිරීම් නවත්වන ලෙස. මේ බියකරු පුද්ගලයා ඉදිරියේ කැසීට කරකියාගන්නට දෙයක් නැති වනවා. නැවත තමන්ගේ නිවසට යන ඇය මේ පිලිබඳ ඇරොන් හා කතාකරනවා, ඔහු ඇයට කෝල් 2006 වසරේදී උතුරු කොරියාවේ සිටි බවට වන CIA ( ඇමරිකා මධ්‍යම බුද්ධි ඒජන්සිය) ඡායාරූප ඇයට පෙන්වනවා. එයින් ඇය යැවෙනවා J.D පීපල්ස් මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයට.

මානසික රෝහලේදී, ජෙනිෆර් සොරෙන් කෝල් සිටින කාමරයට ඇතුල් වී ඔහුට පවසනවා තමන්ගේ අතීතය ගැන. තමන් මාක්රිජ් සමාගමේ සේවය කරද්දී, හිත තුලින් යම් හඬවල් ඇසුණ බවත්, එයට දැඩි ලෙස ඖෂධ ගත් බවත්, එක් රාත්‍රියක, කළු හැඳුම් ඇඳි පිරිසක් තම රසායනාගාරයට කඩා වැදි බවත් ඇය කෝල්ට පවසනවා. ඔවුන් ඇය හා එකට සේවය කරන විද්‍යාඥයන්ව මරා දමා, ” නයිට් රූම්” පිලිබඳව විමසූ බවත්, ඉන්පසුව ඒ මිනීමැරුම්වලට තමන්ව හසු කල බවත් ඇය කෝල්ට පවසනවා. ආරක්ෂක නිලධාරීන්ට හසුවීමෙන් මෙම කතාබහ මගින් නවතින අතර කෝල්ව නැවත පොලිසියට බාරදීමට ගෙනයද්දී ඔහු සොයාගෙන එන වෛද්‍ය කැසී රේලි ඔහුව තමන්ගේ බාරයට ගන්නවා. කැසීව ජෙනිෆර් මුණගැසීමට කැඳවාගෙන යාමට කෝල් උත්සාහ දරද්දී, ජෙනිෆර්ව පැහැරගෙන යන අද්භූත මිනිසා දකින්නට ලැබෙනවා.මෙහිදී කෝල්ට දැනගන්නට ලැබෙනව මේ බියකරු පෙනුමැති මහළු මිනිසාගේ මුහුණේ ඇති කැලල තමන් විසින් කල දෙයක් ප්‍රතිඵලයක් බව, ජෙනිෆර් බේරාගන්නට තැත් කලත් මහළු මිනිසා ජෙනිෆර්වත් රැගෙන පලායනවා.

නැවත අනාගතයට ස්ප්ලින්ටර් වීමට ප්‍රථම, කෝල් කැසී හා එකඟ වනවා එකට එක්ව මේ ප්‍රශ්ණයේදී කටයුතු කරන්නට. ඉන්පසු අනාගතයේදී, ජෝන්ස් එය පිලිගත නොහැකි බවට වාද කරනවා. ඒ අතරේ, හිස්වැසුම් ලෑ බියකරු මහළු මිනිසා බෙහෙත් දැමූ පානයක් ජෙනිෆර්ට ලබාදෙද්දී අන්ධකාරය තුලින් යමෙක් මතුවෙනවා. අද එතැන් සිට. හමුවෙමු මීලඟ කොටසින්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (9)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    සහෝ කවුරුහරි උපසිරසිකරුවෙක් කරපු සබ් වෙනම ලිස්ට් එකක් විදිහට බලල ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද ​මේ සයිට් එකේ හසිත ඔයා සුපිරි සුපිරි ෆිල්ම්වලට සබ් කරල තියනවා ඔයා සබ් කරපු ෆිල්ම් ටික වෙනම බලාගන්න විදිහක් නැද්ද

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      https://subz.lk/author/nilnuwan/
      මගෙ ටිකනං මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්. nilnuwan කියන තැන අදාල කෙනාගෙ නම රිප්ලේස් කලොත් හරි ඇති. හැබැයි ෆිල්ම් විතරක් වෙනම බලාගන්න බෑ වගේ

    • Supun Kaushalya Unregistered
      Android 10 Chrome 81

      හරි සහෝ තෑන්ක්ස් ❤

    • Supun Kaushalya Unregistered
      Android 10 Chrome 81

      සහෝ ඉතුරු ටිකටත් සබ් දෙන්න මම ෆිල්ම් එක බැලුවට සීරීස් එක බලල තිබ්බෙ නෑ අනික මේක​ට සබ් දීල තියන සයිට් එකේ සබ් දීල තියෙන්නේ තුන්වෙනි සීසන් එකට එනකන් විතරයි අනික දීල තියෙන්නේ hdtv කොපිවලට ඔයා දෙන්නෙ webd-dl කොපිවලටනෙ…. සේරටම සබ් දෙන්න මේක දැනටමත් ඔයා සබ් කරල ඉවර කරපු එකක් නිසා

  • sachintha Unregistered
    Android 11 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    හසිත සහෝ මේම කිවුවට අවුලක් ගන්න එපා මේ සීරීස් එකට සම්පූර්ණයෙන්ම උපසිරැසි වෙනත් අඩවියකින් ලබා ගන්න පුලුවන්… ඉතින් මේ වගේ සීරීස් එකට කාලය වැය කරන එක ලොකු අපරාධයක් මොකද වෙනත් අඩවියකින් උපසිරැසි ලබා නොදුන් සුපිරි කතාමාලා ගොඩාක් තියනවා…
    ඒවගේ එකක් තෝරාගෙන කරන්න පුලුවන්නම් සහෝ ලොකු දෙයක්…

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      මේකට ඇත්තටම මම උපසිරැසි කරනවම නෙමෙයි, මම කලින් කරල තිබුණ එකක්, පලවෙනි කොටසෙ ලිපියෙ කියල තියන විදියටම. ඒ නිසා අමුතුවෙන් කාලයක් වැයවෙන්නෙ නෑ මට ලිපිය ලියන්න සහ පබ්ලිෂ් කරන්න යන සුළු කාලෙ කාලෙ ඇරුණම.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    සේරටම සබ් දෙන්න සහෝ මේකට සබ් දීල තියන සයිට් එකේ සබ් දීල තියෙන්නේ තුන්වෙනි සීසන් එකට එනකන් විතරයි දීලා තියෙන්නෙත් hdtv කොපිවලට ඔයා දෙන්නෙ bluray කොපිවලටනෙ ඒ නිසා සේරටම කො​ටස් ටිකට සබ් දෙන්න අනික ඔයා දැනටමත් මේකට සබ් කරල ඉවරයි කිව්වනෙ

  • Chandika Unregistered
    Android 10 Chrome 114

    Thank you for subtitle

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search