Mare of Easttown (2021) [S01 : E02] Sinhala Subtitle
පියවරුන්
Mare of Easttown (2021)
පලමු කතාසමය – දෙවන කොටස
කොටස ලබා ඇති IMDb අගය – 8.7
කොටස් සාරාංශය– එරින් මැක්මෙනමින්ගේ මලසිරුර ඇති තැනට මෙයර් ෂීහන් පැමිණේ.
විමර්ශනය සඳහා පළාත් පොලිසියෙන් අනුයුක්ත කෙරෙන නිලධාරියෙකු ඊස්ට්ටවුන් වෙත පැමිණේ.
ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.
වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ලින්ක් දෙකෙන් අඩු ප්‍රමාණයෙන් යුත් 480p සහ 720p පිටපත් ලබාගත හැක.
තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ
බොහොම ස්තූතියි, සුපුන්.
මුල් වතාවට comment එකක් දාන්නෙ.මම subz.lk සයිට් එකේ ලොකු රසිකයෙක් නම් නෙමේ නමුත් මම හසිත ප්‍රසාද් සහෝදරයාගෙ සබ් වල ලොකුම ලොකුම රසිකයෙක්.සාමාන්‍යයෙන් සයිට් එකට නිතර දෙවේලේ සබ් ගන්න නොආවත් යම් ෆිල්ම් එකකට අදාල සිංහල සබ් එක search කරාම හසිත සහෝගෙ සබ් එකක් තිබ්බොත් එකෙන්ම ඇවිත් බාගෙන යනවා.නමුත් මීට කලින් comment කරල නැහැ.අද register වෙලා comment එකක් දාන්නෙ මේ tv series එකට සබ් දෙන්න පටන් අරන් කියල දැක්ක නිසාමයි.මීට දවස් තුනකට කලින් තමා මම මේ series එක බලල ඉවර කලේ නමුත් ඒ වෙද්දි මේකට සිංහල සබ් තිබ්බෙ නැහැ.යන්තම් බලල ඉවර උන ගමන්ම මේකට සබ් දෙන්න පටන් අරන් කියල දැනගත්තම පොඩි දුකකුත් ආවෙ නෑ නෙමෙයි.මොකද series එක බලන මුල් අත්දැකීම හොඳ සිංහල සබ් එකක් එක්ක ගන්න බැරිවුණ නිසා.මේක ගැන ලොකු අදහසක් නැති හැමෝටම කියන්නෙ ඔබ mystery thriller කතාවල ලොකු රසිකයෙක් නම් මේක මඟ නොහැරිය යුතුම නිර්මාණයක් බව.ඒ විතරක් නෙමෙයි පවුල් තුල මේ කාලයේ ඇතිවෙන ගැටලු බාධක හැලහැප්පීම්,ජීවිතයේ කලින් ඇතිවුණු ප්‍රශ්න නිසා මිනිසුන් වර්තමානයේ ඒ අමිහිරි අත්දැකීම් එක්ක ජීවත් වෙන්න අරගල කරන ආකාරය,ආදරය කියන දේ විවිධාකාර ලෙස මිනිස් ජීවිත හසුරවන හැටි යනාදී දේවල්ද ඇතුලත්ව mystery ගතියටම සීමා නොවී මනුෂ්‍ය හදවතට තදින් කතාකරන්න පුලුවන් කෙටිකතා මාලාවක් විදියට මේක නිර්මාණය වෙලා තියනවා.kate ඇතුලු කණ්ඩායමේ අති විශිෂ්ට රංගනයත්,හසිත සහෝගෙ සබ් එකත් එක්ක අප වෙත එන මේ series එක නොබලන දෑස මක්කටැයි කියල තමා කියන්න වෙන්නෙ.ඒ වගේම හසිත සහෝගෙන් ඉල්ලන්න කැමතියි psychological thriller කැටගරියට අයත්ව මේ 2021දි netflix හරහා නිකුත්වුණු behind her eyes කෙටිකතා මාලාවටත් පුලුවන් නම් සබ් දෙන්න කියල.කලින් සබ් දීපු the mosquito coast කෙටිකතා මාලාව නම් හිතපු තරම්ම හිතට ඇල්ලුවෙ නෑ.කෙසේවෙතත් හසිත සහෝගෙ සබ් කිරීමේ කුසලතාව නැවට වතාවක් අගය කරනවා.ඒ පද ගලපන රටාවත් එක්ක තනිකරම බලද්දි හිතෙන්නෙ සිංහලෙන් ලියපු script එකක් කියල.දිගින් දිගටම සබ් දෙන වැඩකටයුතු කරගෙන යන්න අවශ්‍ය කාලය සහ කැමැත්ත ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව සහෝ.ජයවේවා!!
බොහොමත්ම ස්තූතියි, දේෂාන්. ඔව්, මේ නිර්මාණය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් ඔබ කිව්වා වගේම.කාලෙකින් දැක්ක හොඳ නිර්මාණයක්. තව බලල නැත්තං බලන්න The Killing (2011-). ඒක ස්විඩිෂ් ටෙලි සීරීස් එකක රීමේක් එකක්. මේ කොලටි එකම ඒකෙත් තියනව, කතාවත් බොහෝ දුරට එක වගේ. The Mosquito Coast එක කෙටි කතාමාලාවක් නෙමෙයි, ඒක බොහෝවිට සීසන් 4ක් එන්න ඉඩ තියනව, මොකද ඒකෙ පොත වෙළුම් 5ක් විදියටයි තියෙන්නෙ. සීසන් 2 දැනටත් ඇපෲව් වෙලාලු තියෙන්නෙ. Behind Her Eyes නං මම බලල නෑ. ඩවුන්ලෝඩ් කරන්න හදලත් කීපවතාවක්ම අතෑරල දැම්මා, බලමු මේකට සබ් දීල ඉවරවෙලා මම බලන්නම් ඒකත්.
සිංහල උපසිරැසියට ස්තූතියි
subtitle ekata thank saho .supard ❤
meke oya palaveni episode eka dila thibba torrent site eka nam maru.. eken man okkama gatta lasiyenma
Watchsomuchද? කලින් මම ගොඩක්ම යූස් කලේ සෙවන්ටොරන්ට් කියල එකක්. පස්සෙ ඒක වැහුවා, එකවුන්ට් එක්කම ඕකට ට්‍රාන්ස්ෆර් කරල තිබුණා. ඔව්, හොඳ සයිට් එකක් ඒකත්. හැබැයි සෙවන්ටොරන්ට් තරමට නෑ :pensive:.