The Vampire Diaries (TVD) 7 වෙනි සීසන් එකේ 10 වෙනි කොටස (Season 7, Episode 10) නම් කර තිබෙන්නේ “Hell Is Other People” කියලා..කලින් කොටසේදී ජූලියන් විසින් ඩේමන්ව ෆීනික්ස් ගල තුළට යවනවා..ඩේමන් සිටින්නේ 1863 වසරේ සිවිල් යුද්ධය පැවති කාලයකයි. ඔහුට තම හමුදා කඳවුරෙන් ලිපියක් ලැබෙනවා ඔහුගේ සහෝදරයා වන ස්ටෙෆන් අමාරුවේ වැටිලා කියලා..ඩේමන් මේ කාලය තුළ නැවත නැවතත් එකම සිදුවීම් මාලාවකට මුහුණ දෙනවා. ඔහු කොතරම් උත්සාහ කළත් අවසානයේ ඔහුට සිදුවන්නේ තමන්ට අකමැති දෙයක් කිරීමටයි. මෙය නිකම්ම මතකයක් නොව, ඔහුගේ ආත්මය තුළ ඇති වැරදිකාරී හැඟීම (Guilt) ප්‍රශ්න කරන වධහිංසාවක්.මෙහිදී ඔහුට ඔහුගේ මව වන ලිලීව මුණගැසෙනවා. ඩේමන් ඇය කෙරෙහි පවතින කේන්තිය සහ තමා කළ වැරදි ගැන පසුතැවීම මෙහිදී මතු වෙනවා. ඩේමන් ඇත්තටම තමාගේ වැරදි පිළිගන්නා තෙක් ඔහුට මේ “නිරයෙන්” ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ….
The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle
සිංහල උපසිරැසි සේවාදායකය
සිවිල් යුද්ධය