Lake Placid: Legacy (2018) Sinhala Subtitle
ඔන්න අද මටත් මගෙ උපසිරැසි ජීවිතයටත් විශේෂ දවසක්. මොකද කිව්වොත් අද මේ අරගෙන එන්නෙ මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 200 වෙනි උපසිරැසිය. 2016 වසරේ ඔක්තෝබර් 29 දිනයේයි මම Subz LK අඩවියට සම්බන්ධ වෙන්නෙ. අද 2018 සැප්තැම්බර් 6. ඒ කියන්නෙ Subz LK වලට සම්බන්ධ වෙලා අදට වසරකුත් මාස දහයකට මදක් වැඩියි.
මේ වසර දෙකකට ආසන්න කාලය තුල උපසිරැසි 200 කඩයිමට ලඟාවෙන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. මේ 200 කඩයිමට චිත්‍රපට උපසිරැසි 115ක් සහ රූපවාහිනී කතාමාලා කොටස් 85ක උපසිරැසි ඇතුලත්. අද ආපහු හැරිල බලද්දි ඇත්තටම පුදුමත් එක්ක. උපසිරැසිකරණය කියන්නෙ ඇබ්බැහිවෙන සුලු විනෝදාංශයක් කියන්න මම හිතන්නෙ මේකත් හොඳ සාක්ෂියක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවකදි වෙනද වගේම මතක් කරන්නම ඕනෙ ගොඩක් දෙනා ඉන්නවා. මුලින්ම දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ Subz LK ඇඩ්මින් මඩුල්ල. ඔවුන්ගෙන් මට සහ අනෙකුත් උපසිරැසිකරුවන්ට ලැබෙන සහාය සහ නිදහස නොවෙන්නට මේතරම් දුර ගමනක් කවදාවත්ම එන්න නොලැබෙන බව ඉරහඳ වගේ විශ්වාසයි. ඊලඟට අපේ අඩවියට හැමදාමත් ගොඩවදින අපට කුඩා හෝ ප්‍රතිචාරයකින් සහාය දක්වන සියලුදෙනාත් මේ ගමනට ඒ හා සමානම ශක්තියක් වුණා. ඉතින් මේ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිය පළ කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා.
උපසිරැසිකරණය ගැන කියනවනම් ඇත්තටම මම මේ තුලින් ඉගෙනගත්ත දේවල් කියල නිමකරන්න බැරි තරම්. මොකද කිව්වොත් ඉංග්‍රීසි උපසිරැසියක් එක්ක චිත්‍රපට නරඹද්දි අපිට අපි නොදන්නා ජීවිතේටවත් අහල නැති වචන අහන්න දකින්න ලැබෙනවා, ඉතින් නරඹන ගමන්ම ප්ලේයරය හරහා අන්තර්ජාලයේ සෙවුම් කරමින් නැරඹුවාට, ඒකත් හැම තිස්සෙම කරන්න බෑ. එකක් ඒක වෙහෙසකරයි අනිත් එක ටිකක් වෙලා යද්දි කම්මැලි හිතෙනවා. එතනදි තමයි උපසිරැසිකරණයේ වාසිය එන්නෙ, මොකද උපසිරැසියක් කරද්දි එහෙම කම්මැලි වෙන්න බෑ, අන්තර්ජාලය පීරලා හරි අදාල වචනයේ, වාක්‍යයේ නිවැරදි තේරුම හොයාගන්නම වෙනව. සමහරවෙලාවට එක තනි වචනයක තේරුම හොයාගන්නත් මුළු සිදුවීම් මාලාවක්ම අධ්‍යයනය කරන්න වෙන වෙලාවල් තියනවා. ඒ නිසා අර කම්මැළිකම ඉබේම යට යනවා. අපේ ඔළුවටත් දවසින් දවස අළුත් වචනයක් හරි එකතුවෙනවා. උපසිරැසියක් කිරීමෙන් ලැබෙන හිතේ සතුට, පැය ගණනාවක මහන්සියෙන් සැකසෙන ඒ උපසිරැසිය තවත් අයෙක් හා බෙදාගැනීමෙන් ලබන සතුට, එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හැරෙන්නට ලැබෙන ලොකුම ත්‍යාගය තමයි මම හිතන්නෙ අන්න ඒක. මේක මට විතරක් නෙමෙයි දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා උපසිරැසිකරුවන් සියලුම දෙනාට පොදුයි. අපේ දමිත් වගේ උපසිරැසි අඩවි පවත්වාගෙන යන අයත් තිරය පිටුපස ඉඳන් නිහඬවම මේ කාර්යයට සෑහෙන සහයක් සපයනවා. ඉතින් උපසිරැසිකරණයට සම්බන්ධ වෙන්නට කැමති අය ඉන්නවනම්, මම ඉල්ලා සිටිනවා එකතු වෙන්න Subz LK අඩවියට. කිසිම සැකයක් නෑ මේ තරම් පහසුකම් සහ නිදහසක් ලැබෙන වෙනත් කිසිම උපසිරැසි අඩවියක් වෙන කිසිම තැනක නෑ. ඒ වගේම තමන් කරන කාර්යයට හැකි උපරිම කැපවෙන්න. තව කියන්න දෙයක් තියනවා, ඒ තමයි ගොඩක් අය උපසිරැසි ඉල්ලීම් කරනවා. ඇත්තටම ඒ හැම එකක්ම සම්පූර්ණ කරන්න තියනම් මමත් හරි කැමතියි. ඒත් ඉතින් කාලය එක්ක ලොකු සටනක් කරන්න වෙලා තියන නිසා, උපසිරැසි කරන්න වෙන්නෙ එයින් තෝරගත් ඒවට විතරයි. ඉතින් ඒ ගැන සිත් අමනාප වුණ අය එහෙම ඉන්නවනම් සමාව ඉල්ලන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් සියලුම දෙනාට නැවතත් ස්තූති කරමින් මම මෙතනින් නවතින්නම්. ඉදිරියටත් රැඳී ඉන්න අපත් සමගම!

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි පිළිවෙලින්…
- Lake Placid (1999)
- Lake Placid 2 (2007)
- Lake Placid 3 (2010)
- Lake Placid: The Final Chapter (2012)
- Lake Placid vs. Anaconda (2015)
…විදියට ආව චිත්‍රපට පෙළක හයවැන්න වන Lake Placid : Legacy(2018). මේ චිත්‍රපට මාලාවම මිනිසුන්ව ආහාරයට ගන්නා දැවැන්ත කිඹුලන් පාදක කරගනිමින් නිර්මාණය වුණ චිත්‍රපට. මේ චිත්‍රපටයත් එසේම තමයි, ඩැරල් රූට්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මෙයට ලැබී ඇති IMDB අගයනම් 4ක්. ඒ වගේ අඩු අගයක් ලබන්න හේතු ඇහුවොත්, හේතු ගණනාවක් පෙන්නන්න පුළුවන් ඇත්තටම. මේ චිත්‍රපටය අයිතිවෙන්නෙ ක්‍රියාදාම/සංත්‍රාස/ විද්‍යා ප්‍රබන්ධ ඝනයට. ධාවන කාලය පැයකුත් මිනිත්තු 30ක්. රංගනයෙන් දායක වෙන්නෙ කැතරින් බැරෙල් (ජේඩ්), ටිම් රොසොන් ( සෑම්), සායි බෙනට් (ඇලිස්), ලූක් නිව්ටන් (බිලී), ක්‍රේග් ස්ටේන් (ස්පෙන්සර්), ජෝ පැන්ටලියානෝ (හෙන්ඩර්සන්), අලීෂා බේලි (පෙනී), මැක්සිම් බෝල්ඩ්රි (ඩේන්), ග්‍රෙග් ක්‍රීක් (ට්‍රැවිස්) වගේ පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…
ජේඩ්, සෑම්, බිලී, ස්පෙන්සර් කියන්නෙ රහසේ වැඩ කරන පරිසරවේදී කණ්ඩායමක්. ඔවුන් කරන්නෙම විප්ලවකාරී වැඩ. පරිසරයට වින කරන සමාගම් පස්සෙ එලවන එකම තමයි මේ අයගෙ වැඩේ. කොහොමහරි දැන් මේ අයගෙ අදහස තමන් මේ රහසේ කරන දේවල් නවත්තල එලිපිටම පරිසර දූෂණවලට එරෙහි වෙන්න. ඒ එක්කම වගේ මේ අයට ආරංචියක් ලැබෙනවා සිතියමකවත් සඳහන් වෙලා නැති මිනිසාට ඇතුළු විය නොහැකි ලෙස වසා ඇති පරිසර කලාපයක් ගැන. ඒ පැත්තෙ අයනම් කියන්නෙ ඒ හරියෙ වුණරසායනික විෂවීමක් නිසයි ඒ කලාපය වහල දාල තියෙන්නෙ කියල. කොහොමහරි මේ තැනට ඉස්සෙල්ලාම යන අයට ත්‍යාගයක් ලබාදෙන්නත් යම් අයෙක් සූදානම් බවයි අඅරංචිය ලබාදුන් කෙනා පවසන්නේ. ඉතින් මේ රහස් පරිසරවේදී කණ්ඩායම තීරණය කරනවා තමන්ගෙ අවසාන වැඩේ විදියට මේක කරන්න.නෙතනින් එහාට නරඹන ඔයගොල්ලන්ට බාරයි. කොහොමවුණත් ඉතාම සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ, කැමති අය නරඹන්න. මම ගිහින් එන්නම් හමුවෙමු අපි තවත් උපසිරැසියකින්.
විශේෂ :
- යෝකෝ :- චිත්‍රපටයෙ එක තැනක මේ නම සඳහන් වෙනවා. මෙතන යෝකෝ විදියට හඳුන්වන්නෙ ලෝක ප්‍රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන්ගේ දෙවන බිරිඳ වුණ ජපන් ජාතික යෝකෝ ඔනෝව. බීට්ල්ස් සංගීත කණ්ඩායම බිඳී වෙන්වී යාමට මුලපිරුවෙ මේ යොකෝ ඔනෝ කියලයි ගොඩක් දෙනා විශ්වාස කරන්නෙ. මොකද බීට්ල්ස් කණ්ඩායමේ පිරිසගෙ එකඟතාවක් තිබිල තියනව තමන් සංගීත පුහුණුවීම් කරන තැන්වලට තමන්ගේ පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් එක්කගෙන එන්නෙ නැති බවට. කොහොමහරි අවසන් කාලෙ ජෝන් ලෙනන් සංගීත පුහුණුවීම්වලට ඇවිත් තියෙන්නෙ යොකෝ ඔනෝඑක්කමයි. මේ සිදුවීමෙන් ආරම්භ වී අවසානයේ කණ්ඩායමේ කටයුතුවලටත් යෝකෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසූ බව කියවෙන අතර කෙසේහෝ අවසානයේ සිදුවන්නේ ලෝකයට තවත් අපූරු සංගීත කණ්ඩායමක් අහිමිව යාමයි. චිත්‍රපටයෙදි ඒ නම කියන්නෙ ඇයි කියල නරඹද්දි වැටහෙයි ඕගොල්ලන්ට.
Me 200 neda? Ay sadahan karalawath naththe, Good luck
පොඩි අතපසුවීමක්.. ඒක හරිගැස්සුවා ඔන්න.
ඔව්නේ මමත් හිතාගෙන හිටියෙ මේක 199 කියල. ඔයාගෙ කමෙන්ට් එකෙනුයි මම දැනගත්තෙ මේක 200 බව. අපේ සබ් අපිමනෙ පල කරන්නෙ , ඒකෙනුයි මේක මටත් මගැරිල ඇඩ්මින්ලටත් මිස් වුණේ.
Elama, Idiri gamanata hadawathinma suba pathanawa,😊
අද හසිත සහෝදරයාගේ දෙසීය වෙනි උපසිරැසි
කඩයිම. හසිත සහෝට වගේම අපිටත් ඒ ගැන සතුටුයි. දැනට උපසිරැසි 200 කඩයිමට මුලින්ම
ආවේ හසිත සහෝ. මට තාමත් මතකයි එදා හසිත සහෝව මමයි දමිතුයි වෙබ් අඩවියට පිළිගත්තා
විදිහ. එදා ඉදන් අද වෙන තුරු මෙහෙම ගමනක් එන්න හසිත සහෝට ලොකු ශක්තියක් තිබිලා
තියෙනවා. මොකද උපසිරැසි 200ක් කරන එක හිතන තරම් ලේසි දෙයක් නෙමේ. උපසිරැසි ගැන
කියද්දී මගෙන් අත්වැරදීම් උන අවස්ථා බොහොමයි. ඒත් හසිත සහෝ කවදාවත් ඒවාට හිත
රිද්දගන්නේ නැතුව “ඕවා ගණන් ගන්න එපා කවිෂ මල්ලි” කියන්න තරම් අවංක කෙනෙක්. මෙතෙක්
කල් හසිත සහෝ ආව ගමන අති විශිෂ්ඨයි. කියන්න වරදක් නැති තරම්. හසිත සහෝගේ උපසිරැසි
වලත් කවදාවත් වැරද්දක් තිබිලා. ගුණාත්මකභාවය උපරිමේටම තිබ්බා. ඉතින් හසිත සහෝගේ
දෙසීය වෙනි උපසිරැසි කඩයිමට සුබ පතන්න මං අවස්ථාවක් කරගන්නවා. මෙතනින් නොනැවතී
ඉතිරි කඩයිම් වලට යන්නත් ශක්තිය ලැබෙන්න ඕන. ඔබට ජය!
බොහොම ස්තූතියි, කවීෂ 🙂 ඕගොල්ලන්ගෙන් මට එහෙම වැරැද්දක් වෙලා නෑ කවදාවත්.
හැමදාමත් වගේ මොන තරම් වැඩ තිබ්බත් කාගේ හෝ කඩයිම් අවස්තාවක්නම් හෝ විශේෂ අවස්තාවක් නම්, අපේ අඩවිය වෙනුවෙන් මම එතන ඇති. ඒ විදියට වැඩිම වාර ගානක් ආවේ හසිත සහෝ වෙනුවෙන්. එහෙම කිව්වේ මොකද, ඔබ තමයි අපේ අඩවියේ වැඩිම උපසිරැසි ලාභියා සහ වේගයත් ඊට නොදෙවෙනියි. සුපුරුදු විදියට 200ට සුබ පැතුම් පිරිනමන්නම්. ඉදිරියටත් මේ වගේම උපසිරැසි කරණයේ යෙදිලා මෙතෙක් පවතින සිංහල උපසිරැසි වාර්තා බිදහෙලමින් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!🤗👔
බොහොම ස්තූතියි, සමීර 🙂
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…හදවතින්ම සුබ පතනවා 200 වෙනි කඩයිම වෙනුවෙන්.
බොහොම ස්තූතියි මිත්‍රයා 🙂
මෙක 200ට කෙරුවද.පුදුමයි .හැබැයි ඉතින් ඔලුව අවුල් වෙන් නැති ,වින්දනයෙන් බලතහැකි ෆිල්ම් එකක් ඔන කෙනෙකුට .____________________________________________ඔයාගෙ 200වෙනි උපසිරැසියට සුභපැතුම් සහෝ… ඔයාගෙ සියල්ල සාර්ථක වේවා.. මෙ සතුට හැමදාම පවතිවා. ජයවෙව 💖😍
මං හිතුවෙ මේක මගෙ 199 කියල, ඇඩ්මින්ලටයි මටයි දෙන්නටම වැඩේ පැටලුණා මේ පාර 😛. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි,මිතුන් 🙂
මෙක කලිම් බැලුව ටැබ් එකෙන් වගෙ මෙ සබ් එකත් එන්න කලිම්720වගෙ.1080p වගෙ අරම් ටිවි එකේ බලන්න ඔනේ සබ් එක තියෙනවා හින්ද . අර පරන 1,2,3 බැලුවෙ ඩිවිඩි වල.සබ් ආවට පස්සෙ ආපහු බලල තියෙනවා අම්මො. මෙව්ව සුපිරිම නෙවෙ උනත් වින්දනයක් තියෙන ෆිල්ම් . මෙ ටයිප් ෆිල්ම් කොහොමත් හිතට සෙට් වෙනවම තම.
thanks bro … 200ta suba pathum
200 වෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා සහෝ…
මම මේ වෙබ් site එකට ආවේ 2017 මුල හරියේදී ඒ the magicians කතාවේ උපසිරසි හොයාගෙන,ඉතින් ඒ කතා මාලාවේ පුරා පලවෙනි season 2 කම අපේ හසිත සහෝ කරලා තියන එක නිකන් මගේම වාසනාවට වුනු දෙයක් වගේ කියලා හිතුවා.ඉතින් ඒ කතා මාලාවේ එම උපසිරසි ඒ විදියට බලද්දී ඒ කතාවේ අගය තව තවත් තාත්වික කරන්නට එය සමත් වුවා නිසැකයි.ඉති ඒ වගේම avengers පට්ටෙටම උපසිරැසිය අයියා හදලා තිබුණා.ඒ වගේම tvd,goddles කතා ගත්තත් ඉතාමත් අති සාර්ථක ලෙස නිම කරලා තිබ්බා.හසිත අයියා තමයි මම දන්න විදියට ලංකාවේ ඉන්න වේගවත්ම සහ උපසිරසි නිර්මාණකරණයේදී ඉතා උසස්ම විදියට නිර්මාණය කරන එක්කෙනා,ඒ වගේම ලිපිය සමහර වේලාවට් හැම ෆිල්ම් එකක්ම බැලුවේ නැති වුනත් අයියා ඒවාට දුන්නු ලිපි කියෙව්වේ නැති අවස්ථා ඉතාමත් අඩුයි,ඉතින් අයියේ මේ වගේ තවත් කඩයිම් වලට ඇවිත් ඉක්මනටම උපසිරසි 1000,2000 වගේ කඩයිම් වලට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.☺
ඒ වගේම 200 වෙනි උපසිරසියටත් මගෙන් සුබ පැතුම්.
බොහොම ස්තූතියි, සහන් 🙂
200 වැනි සබ් එකට උණුසුම් සුබ පැතුම් මේක දෙනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක්.
හසිත සහො 200 උපසිරැසිය සම්පූර්ණ කරන මේ වෙලාවෙ විශේෂම දෙයක් කියන්නම ඕනෙ. ඒ තමා Subz LK වෙබ් අඩවියෙ ඉන්න දක්ෂතම හා ගුණාත්මක භාවයෙන් යුතු උපසිරැසි අප වෙත ලබා දෙන්නෙ ඔයා කියලා. ඇත්තටම සහෝගෙ උපසිරැසි වල අමුතු ගතියක් තියෙනවා. ෆිල්ම් එකක් බලද්දිත් ආසයි. ඒ තරම්ම සුපිරියට හදනවා. ඒවගේම තමා 200 උපසිරැසිය හදවතින්ම සුබ පතනවා සහෝ. මේ වගේම 250, 300, 350, 400 වගෙ කඩයිම් වලටත් ඉක්මනින්ම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය සහෝ. ❤
පුළුවන් නම් Next Gen (2018) Animation මූවි එකටත් සබ් එක දෙන්න. 💛
අනිවාර්යයෙන් එක නම් ඇත්ත.මෙයාගෙ සබ් වල අමුතුම දෙයක් තියෙනව ,පොයිට් එක අදුනගෙන ෆිල්ම් එක වදින්න සබ් දානව එකනෙ අපිත් මෙච්චර මැරිගෙන හසිතගෙන් සබ් ඉල්ලන්නෙ😁❤️ Great sabtitel
Next Gen පබ්ලිෂ් කරනවා මල්ලි අද රෑ වෙද්දි. ඒ ෆිල්ම් එක ගැන කිව්වට බොහොම ස්තූතියි, මොකද බලන්න වටින ෆිල්ම් එකක් ඒක. සුභ පැතුමටත් බොහොමත්ම ස්තූතියි 🙂
Thanxx😊😊