Nanban (2012) Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියමින් උපසිරස දිවියේ කඩයිමක් පසු කරන්නයි මේ සුදානම් වෙන්නේ….එහෙනම් ඇඩ්මින් තුමා කියපු විදියට මේ වෙබ් අඩවියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා ගත විදියට වාර්තා කරන්න හැකි වීම ගැන ඉතාම සතුටු වෙනවා,…මම මුලින්ම මේ වෙබ් අඩවියට 2017 නොවැම්බර් 11 වනදා මගේ පළවෙනි උපසිරසය නිකුත් කළා එතැනින් ආරම්භ කළ ගමන හරියටම දින 75ක් වගේ කෙටි කාලයකින් 50 ගහන්න ලැබුණා…ඒ වගේම කියන්න ඕනේ ඒ උපසිරස 50න් 27ක්ම නිර්මාණය කළේ මේ ජනවාරි මාසයේ… මේ උපසිරස වගේම 48 උපසිරස වගේම 49 වෙනි උපසිරසත් ඉතාම වැදගත් කඩයිමක් උනා..මොකද 48 වන උපසිරස ටින් ටින් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසානයත්…49 වන උපසිරසය නයිට් රයිඩර් කතා මාළාවේ පළවෙනී සීසන් එකේ අවසාන කොටසත් වෙනවා…ඔන්න ඔය විදියට තමයි මගේ වාර්තාගත අර්ධ ශතකය ගහන්න ලැබුනේ..මුලින්ම ස්තූති කරන්න සයිට් එකේ දමිත් සොයුරාව..මම ගොඩක් වෙලාවට එයා එක්ක කතා කරලා තමයි වැඩ කටයුතු කරගෙන ගියේ…ඒ වගේම හැමදාම මට අදහස් ප්‍රකාශ කරන ආදරණීය ප්‍රේක්ෂක ඔයාලව ඔයාලගේ ඔය අදහස මත තමයි මේ වගේ දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් මොකද කාලය කියන දේ සෑහේන උවමනා වෙනවා මේ වගේ වැඩක් කරගෙන යන්න.
ඔයාල දෙන අදහසින් තමයි මේ වැඩේට තව හයියක් වෙන්නේ…ඒ වගේම මම පෞද්ගලිකව සතුටු වෙනවා ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ ඉහලම පහසුකම් තියෙන වෙබ් අඩවියකට එක් වීම ගැන, මොකද ඔයාලා දන්නවා අනිකුත් උපසිරස ලබාදෙන එකදු වෙබ් අඩවියකවත් තමාගේ උපසිරසක් එසැණින් තමාටම පළකිරීම හා යාවත් කාලීන කිරීම නොහැකි බව ගැන ..ඒ වගේම ටික කාලයක් ඇතුළත වැඩිම උපසිරස ලාභීන් තිදෙනා අතරට එන්න ලැබීම ගැනත් සතුටු වෙනවා….ඒ වගේම කියන්න ඕනේ මම නිතරම පරණ නිර්මාණයන් වලට උපසිරස දෙන්න එක හේතූවක් තියෙනවා මොකද නිතරම ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කිරීම් දැක තිබෙනවා මාධ්‍ය ආයතන වලට ඉල්ලීම් කරලා පරණ කාටුන් වැඩසටහන් රූපවාහිනි ටෙලි කතා නැවත ප්‍රචාරය කරන්න කියා..අන්න ඒ හේතූව නිසාම යන රැල්ලෙන් ටිකක් ඈත් වෙලා මම පරණ නිර්මාණයයන් සදහාම උපසිරස ලබා දෙන්නේ…එහෙනම් ඉදිරියේදි තවත් ලස්සන නිර්මාණයන් ඔයාලා වෙතට අරගෙන එන්න පොරොන්දු වෙනවා….ඒ වගේම අවසාන වශයෙන් ස්තූති වන්ත වෙනවා මට අවස්ථාව ලබා දුන් වෙබ් අඩවියේ සියලුම බාර ඇඩ්මින් වරුන්ට…
දැන් කියන්න සුදානම් වෙන්නේ අද ලබා දෙන උපසිරස ගැන ඇත්තම කියනවනම් පුදුම බාධා වෙලා අවසන් කරපු උපසිරසක් තමයි මේක කෙටියෙන් කියනවනම් සෑහේන කාලයක් කොට උඩ තිබ්බ උපසිරසක්…මේ උපසිරස ඉවර කරන්න හරියටම අවුරුදු 2කට ආසන්න කාලයක් කොට උඩ තිබ්බා…මේක මගේ මුල්ම චිත්‍රපටියකට කරපු උපසිරස. ජිවිතයේ කරපු පලවෙනි උපසිරසය, ඒ වගේම මම කරලා තියෙන දිගම උපසිරසය ඒ වගේම මේ උපසිරය ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඩුබායි දේශයේ ඉදන් කළ එකක් ,ඒ වගේම මේකේ ලයින් 300ක් විතර ඩුබායිවලට යන අතරමග පැය 4ක විතර ගුවන් යානයේ ඉදනුත් කරපු එකක්…මේක මුල් කාලයේම වෙබ් අඩවියට දෙන්න හිතපුවම හොද ටොරන්ට් එක්ක තිබ්බේ නැහැ…ඊට පස්සේ 31 රෑ දෙන්න හදපුවම හදිසියේම ආපු චිත්‍රපටියකට කරපු නිසා එදා උනෙත් නෑ, අන්තිමට එදා හදිස්සියේ කරපු චිත්‍රපටිය වෙබ් අඩවියේ පළ කරන්න උනේ නෑ ඒක තවත් කෙනෙක් බාර අරන්. කොහොම හරි අවසානයේදි 50 වෙනි එකේ දෙන්න පුළුවන් උනා …..පේනවා ඇතිනේ පුදුම අපල උපසිරසක්ද කියලා….”All is well” කියලා එහෙනම් අපි කතාව පැත්තට යමු.
2012 ජනවාරි 12 වෙනිදා තීරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටිය ඉන්දියාවේම නිර්මාණය වූ හින්දි චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්… vijay, Jiiva, Srikanth නළුවන් රංගනයෙන් දායක වෙනවා ඒ වගේම හින්දි එකටත් වඩා ලස්ස්නට වැඩේ කරලා තියෙනවා…7.6/10 IMDb මීටරෙත් කරකවගෙන තියෙනවා…කතාව ගැන වැඩිය කියන්නේ නෑ අද හෙන දිග ලිපියක් නිසා…විශ්ව විද්‍යලයක ගෙවෙන යාළුවන් 3 දෙනෙක් වටා තමයි කතාව තියෙන්නේ මේක මගෙන් කිහිප දෙනක් ඉල්ලුවා වෙබ් අඩවියෙනුත් එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
“One man can make a difference (Knight rider 1982)– එක මනුස්සයෙක්ට වෙනසක් කරන්න පුළුවන් “


niyamayi saho.
ස්තූතියි යාළුවා
meka download ven ne aye.download karanna puluwan link aekak dennako plz
ඇයි අපි ඕන ලින්ක් එක දීලා තියෙන්නේ.
download ven ne torrent direct aekak dennako plz
aiye plz link aekak denna
Shikkari Shambhu ෆිල්ම් එකේ sub එක පුලුවන්නම් දාන්ඩ සහෝ…
Film eka neni link ekak nedda wena
download ven ne
email eka ewanna link eka dennam natham face book haraha sambanda wenna…site eke apita link danna ba
ලින්ක් එකේ කිසිම ප්‍රශ්ණයක් නැහැ දීලා තියෙන ලින්ක් එක ක්ල්ක් කරලා තප්පර 5කට පස්සේ ඇඩ් එක ස්කිප් කරන්න…..
? ?උපසිරැසි අර්ධ ශතකයට හදවතින්ම සුභ පැතුම්, අසිත ? ? ? . උපසිරැසි 50ක් කරනවා කියන්නෙ ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. බොහොම කාලය ශ්‍රමය ධනය කැපකරගෙන කරන්න ඕනෙ කාර්යයක්. ඉතින් ඒ වගේ සද්කාර්යයක්
කරමින් මේතරම් දුරක් අතිසාර්ථකව පැමිණි ඔබට තව තවත් හොඳ නිර්මාණවලට උපසිරැසි ලබාදෙන්නට ශක්තිය ,ධෛර්යය ලැබේවා කියල මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ?? Good Luck, Brother !
වෙබ් අඩවියේ ඉන්න ප්‍රධානම උපසිරස කරුවා හැටියට ඔයා එක් කළ සුබ පැතුමට බොහොම ස්තූතියි…ඉක්මනින් ඔයාට 150 ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
tava man biscop aeken hottub time machine comedy2 baluva,neyameta hina yanawa,oyata barida aeka 1 an 3 4 sub denna
thanks bro.old is gold aluth film ona thanaka thiyenawa eth parana film walata sub karana aya aduy
ස්තූතියි යාළුවා.
machan meka download karanna link denna torrent veda ne
patta subapathum oyata 50ta
ස්තූතියි යාළුවා.
ලොකු කැපකිරීමක් කරන්න ඕනි මේ තරම් දුරක් එන්න. දිගු ගමනකට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම සුභපතනව සහෝ.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි යාළුවා.
Supiri bro
ස්තූතියි යාළුවා.
suba pathum yaluwa. digatama karamu. obata jaya . . !
ස්තූතියි යාළුවා.ස්තූතියි යාළුවා.
බොහොම ස්තුතියි උපසිරැසියට සහ මහන්සියට.
ස්තූතියි යාළුවා.
ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම සුභපතනව සහෝ.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි යාළුවා.
සුපිරියි හසිත සහෝ….මට සයිට් එක බලන්න බැරිවුනේ දවස් දෙකයි…මෙන්න අසිත සහෝ 50ත් ගහලා! ??
ඒකත් සුපිරි ටැමිල් එකකට…!
ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය!
ප.ලි- “හ” යන්නයි “අ” යන්නයි පැටලුනා…සොරිවෙන්න් හොඳේ!
මොකද මේ දැනුයි හසිත සහෝට කමෙන්ට් එකක් දැම්මේ!
හසිත/අසිත… පැටලෙන එක අහන්නත් දෙයක්ද!
🙂 😉
මටත් තව ටික දවසිකින් ඔයාට සුබ පතන්න ගහමු ඉක්මනට 50 සහෝදරයා ඔයාටත් තව ටිකයි…..බොහෝම ස්තූතියි
එලම සහෝ!
🙂
malli meka torrent veda ne link denna download wen a plz
machan meka download karanna link denna torrent veda ne
උපසිරැසි අර්ධ ශතකයට උණුසුම් සුභ පැතුම් <3 දිගටම කරගෙන යමු බ්‍රෝ 🙂
ස්තූතියි යාළුවා..
50වෙනි උපරැසියට සුබ පැතුම්! සබ් එකට ස්තුතියි.
ස්තූතියි යාළුවා..