මේ කොටසේදී ලිලී සහ එයාගේ අලුත් පෙම්වතා වෙන ජූලියන් (Julian) ගැන. ස්ටෙෆන් සහ ඩේමන් උත්සාහ කරන්නේ ජූලියන් කියන්නේ කොච්චර නරක කෙනෙක්ද කියලා ලිලීට ඔප්පු කරන්න. ඒ වෙනුවෙන් මේ දෙන්නා ලිලීව පැහැරගෙන ගිහින් එයාට අතීතය මතක් කරලා දෙනවා.
ස්ටෙෆන් සහ ඩේමන් පොඩි කාලේ, එයාලගේ තාත්තා (Giuseppe Salvatore) එයාලට කරපු වධහිංසා ගැන ලිලීට මතක් කරලා දෙනවා. ලිලී හිතාගෙන හිටියේ එයා ඒ කාලේ දරුවන්ව බේරගන්න උත්සාහ කළා කියලා. හැමෝම දැනගන්නවා ජූලියන් කියන්නෙත් ඒ වගේම දරුණු, කපටි කෙනෙක් කියලා.
වැලරි ලිලීට ඇත්තම විස්තරය කියනවා—ඒ තමයි, ජූලියන් නිසා වැලරිට ස්ටෙෆන්ගේ දරුවා අහිමි වුණු හැටි. මේක ඇහුවම ලිලී සම්පූර්ණයෙන්ම හෙල්ලෙනවා. එයාත් තේරුම් ගන්නවා ජූලියන් කියන්නේ එයා හිතපු කෙනා නෙවෙයි කියලා.
ඇලරික්ගේ (Alaric) මැරුණු බිරිඳ ජෝගේ (Jo) බඩේ හිටපු නිවුන් දරුවන්ව, “Gemini Coven” එකේ මන්ත්‍රකාරයෝ මැරෙන්න කලින් ආරක්ෂිතව කැරොලයින්ගේ ඇඟට මාරු කරලා කියලා හොයාගන්නවා. ඒ කියන්නේ කැරොලයින් දැන් වැම්පයර් කෙනෙක් වුණත්, එයා ඒ දරුවන්ව දරාගෙන ඉන්නවා.