The Vampire Diaries (2009) [S07 : E20] Sinhala Subtitle
කලින් එපිසෝඩ් එකේ රයිනාගේ ජීවිතය බොනීට ලැබුණට පස්සේ, බොනී තාම ඉන්නේ සිහි නැතිවයි. හැබැයි එයාගේ හිත ඇතුළේ ලොකු සටනක් යනවා. රයිනාගේ “හන්ටර්” ආත්මය බොනීගේ හිතට බලපෑම් කරලා, එයාගේ යාළුවෝ හැමෝම මිනීමරු වැම්පයර්ලා විදියට පෙන්නන්න පටන් ගන්නවා.
බොනීව ඇහැරවන්න නම් රයිනාගේ ලැයිස්තුවේ ඉතිරි වෙලා ඉන්න අන්තිම වැම්පයර්ලාවත් මරන්න ඕන කියලා ඩේමන් තේරුම් ගන්නවා. ඒත් ඒක කරන්න නම් The Armory එකේ උදව් ඕන වෙනවා. ඩේමන් උන් එක්ක ඩීල් එකක් දානවා—එයාලගේ හිර කරලා තියෙන Vault එක ඇතුළේ ඉන්න අද්භූත බලවේගය (The Evil inside) විනාශ කරන්න බොනීව පාවිච්චි කරන්න දෙන්නම් කියලා.
මේ අතරේ ස්ටෙෆන් උත්සාහ කරනවා කැරොලයින් එක්ක තියෙන ප්‍රශ්න විසඳගන්න. ස්ටෙෆන් තේරුම් කරලා දෙනවා එයා එදා කැරොලයින්ව දාලා ගියේ එයාව ආරක්ෂා කරන්න මිසක් අතෑරලා යන්න නෙවෙයි කියලා. කැරොලයින් තාමත් ඉන්නේ දෙගිඩියාවෙන්, මොකද එයා දැන් ඇලරික් සහ ළමයි එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරන නිසා.
එපිසෝඩ් එක අන්තිමේදී ඩේමන් සහ කට්ටිය ඉතිරි වැම්පයර්ලා හැමෝම මරලා ඉවර කරනවා. ඒත් එක්කම බොනී ඇහැරෙනවා. හැබැයි එයා ඇහැරෙන්නේ එයාලා බලාපොරොත්තු වුණ පරණ බොනී විදියට නෙවෙයි. බොනී දැන් සම්පූර්ණයෙන්ම “Vampire Hunter” කෙනෙක්. එයා ඇස් ඇරපු ගමන්ම ඉස්සරහ ඉන්න ඩේමන්ව මරන්න පනිනවා.