Friends (1995) [S01 : E17] Sinhala Subtitle
මේ කොටසේදී ප්‍රශ්න ගොඩක් දුර දිග යනවා, විශේෂයෙන්ම රේචල් සහ මොනිකා අතර තියෙන අමනාපකම්.
කලින් කොටසේදී රේචල්ට උදව් කරපු දොස්තරලා දෙන්නව (George Clooney සහ Noah Wyle) මේ දෙන්නා ඩේට් එකකට ගෙදරට ගෙන්නගන්නවා. හැබැයි මතකනේ, මුන් දෙන්නා හොස්පිට්ල් එකේදී නම් මාරු කරගෙන හිටියේ (රේචල්, මොනිකා විදිහටත් – මොනිකා, රේචල් විදිහටත්). ඉතින් මුළු රෑ පුරාම දෙන්නට සිද්ධ වෙනවා මාරු වෙච්ච නම් වලින් රඟපාන්න. අන්තිමට දෙන්නා රණ්ඩු වෙවී එකිනෙකාගේ රහස් දොස්තරලා ඉදිරියේ කියවගන්නවා.
ජෝයි අර්සුලාට ඇත්තටම ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි අර්සුලා ජෝයිව ගණන් ගන්නේ නැතුව මග අරිනවා. මේක නිසා ජෝයි ගොඩක් දුකෙන් ඉන්නේ. ෆීබිට මේක බලන් ඉන්න බැරි නිසා, එයා අර්සුලා වගේ ඇඳගෙන ගිහින් ජෝයිව හම්බවෙලා ලස්සනට මේ සම්බන්ධය නතර කරනවා (ජෝයිගේ හිත රිදවන්නේ නැතුව). හැබැයි ජෝයිට ඒ වෙලාවේම තේරෙනවා ඒ ඉන්නේ අර්සුලා නෙවෙයි ෆීබි කියලා.