Friends (1995) [S01 : E21] Sinhala Subtitle
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
මේ කොටසේදී මොනිකාගේ ක්‍රෙඩිට් කාඩ් එක හොරකම් කරපු කෙනෙක් ගැන තමයි ප්‍රධානව කතාව යන්නේ..මොනිකාගේ ක්‍රෙඩිට් කාඩ් එක හොරකම් කරපු කෙනෙක් ඒකෙන් එක එක දේවල් කරනවා. මොනිකා, රේචල් සහ ෆීබි එක්ක ගිහින් මේ හොරාව හොයාගන්නවා. හැබැයි ඒ කෙල්ල (Elena) හරිම විනෝදකාමී, නිදහස් කෙනෙක්. මොනිකාටත් එයාගේ ලයිෆ් ස්ටයිල් එකට ආස හිතිලා, තමන්ගේ නියම නම කියන්නේ නැතුව ඒ හොර කෙල්ලත් එක්ක යාළු වෙලා සෙල්ලම් කරන්න යනවා. හැබැයි අන්තිමේදී ඒ හොර කෙල්ලව පොලිසියෙන් අල්ලගන්නවා.ජෝයිගේ ඒජන්ට් (Estelle) කියනවා ජෝයිට දැන් තියෙන නම වෙනුවට අලුත් “Stage Name” එකක් දාගන්න කියලා. මොකද ඒ නම නළුවෙක්ට ගැලපෙන්නේ නැතිලු. චැන්ඩ්ලර් විහිළුවට වගේ “Holden McGroin” කියන නම දාන්න කියනවා. ජෝයි ඒක ඇත්ත කියලා හිතලා ඒ නම පාවිච්චි කරන්න ගිහින් ලොකු චාටර් එකක් කනවා.රොස්ගේ වඳුරා, මාසෙල්, දැන් ටිකක් ලොකුයි. එයා දැන් සත්තුන්ට කරන අමුතු හැසිරීම් පෙන්නන්න පටන් අරන් (sexual maturity). මේක නිසා රොස්ට සිද්ධ වෙනවා මාසෙල්ව සත්වෝද්‍යානයකට (Zoo) බාර දෙන්න. මේක රොස්ට හරිම දුක හිතෙන තීරණයක්. අන්තිමේදී සැන් ඩියේගෝ සත්වෝද්‍යානයට මාසෙල්ව බාර දෙන්න රොස් එකඟ වෙනවා.