Friends (1995) [S01 : E20] Sinhala Subtitle
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
මේ කොටසේදී ප්‍රධාන වශයෙන්ම රේචල් සහ එයාගේ කලින් පෙම්වතා වෙච්ච බැරී (Barry) අතර තියෙන පැටලිලි සහගත සම්බන්ධය ගැන තමයි කතාව යන්නේ.මතකනේ කලින් එපිසෝඩ් එකේ බැරී ඇවිත් රේචල්ට ආදරෙයි කිව්වා? ඉතින් රේචල් ආයෙත් බැරී එක්ක ඩේට් එකකට යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බැරී දැන් එන්ගේජ් වෙලා ඉන්නේ රේචල්ගේ හොඳම යාළුවා වෙච්ච මින්ඩි (Mindy) එක්ක. රේචල්ට පස්සේ තේරෙනවා මේක ලොකු වැරද්දක් කියලා.රේචල් මින්ඩිට ඇත්තම කියන්න තීරණය කරනවා. එතකොට තමයි මින්ඩි කියන්නේ රේචල් බැරීව දාලා පැනලා යන කාලෙත් බැරී මින්ඩි එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා. අන්තිමේදී රේචල් සහ මින්ඩි දෙන්නම එකතු වෙලා බැරීගේ ක්ලිනික් එකට ගිහින් එයාට හොඳටම බනිනවා.චැන්ඩ්ලර්ට කෙල්ලෙක්ගේ (Danielle) ෆෝන් නම්බර් එකක් හම්බවෙනවා. එයාට ඕන වෙන්නේ ඒ කෙල්ලට කෝල් කරන්න, හැබැයි එයා බයයි “Desperate” (වැඩිපුර ඕනෑකමක් තියෙන කෙනෙක්) වගේ පෙනෙයි කියලා. ඉතින් චැන්ඩ්ලර් ෆෝන් එක දිහාම බලන් ඉන්නවා කෝල් එකක් එනකම්. මේක නිසා එයා ලොකු මානසික වදයක් විඳිනවා.