Friends (1995) [S01 : E24] Sinhala Subtitle
IMDB RATING
8.9
CAST
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
රේචල් දැනගත්තාම
මේ කොටසෙදි රේචල්ගේ උපන්දිනය සමරන අතරේ තමයි ලොකුම දේ සිද්ධ වෙන්නේ.රොස්ට වැඩකට චීනයට යන්න සිද්ධ වෙනවා. එයා යන්න කලින් රේචල්ගේ උපන්දින තෑග්ග මොනිකා අතේ දීලා යනවා. රොස් එයාර්පෝට් එකේ ඉද්දී රේචල්ට එයාගේ හිතේ තියෙන ආදරේ කියන්න හැදුවත්, ඒක කරගන්න ලැබෙන්නේ නැහැ.රේචල් තෑගි කඩන වෙලාවේ රොස් දීපු තෑග්ග දැකලා පුදුම වෙනවා. ඒක හරිම වටිනා “Antique” පින් එකක් (Pin). ඒක දැකලා චැන්ඩ්ලර්ට අහම්බෙන් කියවෙනවා, “රොස් රේචල්ට කොච්චර ආදරේද කියලා මේකෙන් පේනවා” කියලා. ඒ වෙලාවේ තමයි රේචල් මුල්ම වතාවට දැනගන්නේ රොස් අවුරුදු ගාණක ඉඳන් එයාට ආදරේ කරනවා කියලා.