Friends (1995) [S01 : E23] Sinhala Subtitle
IMDB RATING
8.9
CAST
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
රෝස් ගේ බාබා 2
මේ කොටස මුළු සීරීස් එකේම වැදගත් තැනක් ගන්නවා, මොකද රොස්ගේ පුතා (Ben) උපදින්නේ මේ එපිසෝඩ් එකේදී.කැරොල්ට දරුවා ලැබෙන්න හොස්පිට්ල් එකට ඇතුළත් කරනවා. මුළු සෙට් එකම හොස්පිට්ල් එකට යනවා. රොස්, සුසෑන් (Susan) සහ කැරොල් අතර පොඩි පොඩි මතභේද ඇතිවෙනවා දරුවාගේ නම තියන එක ගැන සහ රොස්ගේ තාත්තාගේ භූමිකාව ගැන.හොස්පිට්ල් එකේ ඉද්දී රොස් සහ සුසෑන් දිගටම රණ්ඩු වෙනවා. මේක බේරන්න ගිය ෆීබිත් එක්ක මේ තුන්දෙනාම අහම්බෙන් හොස්පිට්ල් එකේ බඩු දාන කාමරයක (Janitor’s closet) හිරවෙනවා. දරුවා ලැබෙන්න කලින් එතනින් පැනගන්න මෙයාලා ලොකු ගේමක් දෙනවා.