Friends (1995) [S01 : E19] Sinhala Subtitle
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
මේ කොටස සම්පූර්ණයෙන්ම වගේ කැරකෙන්නේ රොස්ගේ සුරතල් වඳුරා වෙන “මාසෙල්” වටා.රේචල්ට මාසෙල්ව බලාගන්න බාර දීලා රොස් එලියට යනවා. හැැබැයි රේචල්ගේ පොඩි අතපසුවීමකින් මාසෙල් ගෙදරින් පැනලා යනවා. මේක දැනගත්තම රොස් හොඳටම කලබල වෙලා රේචල් එක්ක මල පනිනවා.මුළු සෙට් එකම එකතු වෙලා නිව් යෝර්ක් නගරය පුරාම මාසෙල්ව හොයනවා. මේ අස්සේ රොස් සහ රේචල් අතර පොඩි රණ්ඩුවකුත් යනවා මාසෙල්ව නැතිවුණ එක ගැන.මාසෙල්ව හොයන්න උදව්වට සත්ව පාලන ඒකකයේ නිලධාරිනියක් එනවා. පුදුමෙ කියන්නේ මේ කෙල්ල මොනිකා සහ රේචල්ගේ ඉස්කෝලේ යාළුවෙක් (Louisa). හැබැයි එයා මොනිකාලට කැමති නැහැ, මොකද ඉස්කෝලේ කාලේ මෙයාලා එයාට විහිළු කරපු නිසා. එයා උත්සාහ කරන්නේ උදව් කරනවා වෙනුවට මාසෙල්ව අල්ලගෙන ගිහින් රොස්ට දඩයක් ගහන්න.අන්තිමේදී මාසෙල්ව හම්බවෙන්නේ “Mr. Heckles” ගේ ගෙදරින්. එයා මාසෙල්ට පොඩි ඇඳුමක් අන්දවලා තියාගෙන ඉන්නවා. හැබැයි අර නිලධාරිනිය මාසෙල්ව අරන් යන්න හදද්දී, රේචල් එයාට බය කරලා (blackmail කරලා) මාසෙල්ව බේරගන්නවා.මේ ඔක්කොම අස්සේ රේචල්ව හොයාගෙන එයාගේ කලින් බැඳලා හිටපු බැරී (Barry) එනවා. බැරී කියනවා එයා තවමත් රේචල්ට ආදරෙයි කියලා.