Friends (1995) [S01 : E18] Sinhala Subtitle
මේ එපිසෝඩ් එකේදී මුළු සෙට් එකම එකතු වෙලා පෝකර් (Poker) ගහනවා. ඒක වටා තමයි මුළු කතාවම යන්නේ.
කෙල්ලෝ vs කොල්ලෝ: රේචල්, මොනිකා සහ ෆීබි තීරණය කරනවා කොල්ලන්ගෙන් පෝකර් ඉගෙනගෙන එයාලත් එක්ක සෙල්ලම් කරන්න. මුලින්ම කොල්ලෝ (රොස්, ජෝයි, චැන්ඩ්ලර්) කෙල්ලන්ට සෙල්ලම උගන්නලා එයාලව පරද්දනවා. හැබැයි කෙල්ලෝ ඒක ලේසියෙන් අතහරින්නේ නැහැ.
මොනිකාගේ නැන්දා (Aunt May) ගෙන් කෙල්ලෝ ආයෙත් පෝකර් පුරුදු වෙලා එනවා. ඊට පස්සේ සෙට් එකම රොස්ගේ ගෙදර එකතු වෙලා ලොකු බෙට් එකක් දාලා පෝකර් ගහනවා. මේ සෙල්ලම මැද්දේ රොස් සහ රේචල් අතර පොඩි “ටෙන්ෂන්” එකකුත් ඇතිවෙනවා.
මේ දවස්වල රේචල් ඉන්නේ හරිම අප්සෙට් එකේ, මොකද එයා ඇප්ලයි කරපු “Fashion Assistant” ජොබ් එක එයාට ලැබෙන්නේ නැති නිසා. පෝකර් සෙල්ලම මැද්දේ තමයි එයාට ඒ බැඩ් නිව්ස් එක ලැබෙන්නේ.
න්තිම රවුන්ඩ් එකේදී රොස් සහ රේචල් තමයි ඉතුරු වෙන්නේ. රොස්ට දිනන්න හොඳ කාඩ්ස් තිබුණත්, රේචල් ඉන්න මානසික මට්ටම දැකලා එයා රේචල්ට දිනන්න ඉඩ දෙනවා (හැබැයි ඒක කාටවත් පේන්න කරන්නේ නැහැ). ඒකෙන් රේචල්ට ලොකු සතුටක් ලැබෙනවා.