Daily Dose of Sunshine (2023) [S01 : E01] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
කතාව පටන් ගන්නේ ඩා-යූන් කියලා හෙදියකගෙන්. මේ කෙල්ල අවුරුදු තුනක් සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් විදලා, සාත්තු කරලා කරලා එපා වෙලාද කොහෙද, එකපාරටම මාරු වෙනවා “පිස්සන් වාට්ටුවට” (මානසික සෞඛ්‍ය අංශයට).ඩා-යූන් වාට්ටුවට ආපු ගමන්ම කෙල්ලට තරු පේනවා. මොකද අනිත් වාට්ටු වගේ නෙවෙයි මෙහේ; ජනේලවලට තිර රෙදි නැහැ, කාමරවලට අගුළු නැහැ. ලෙඩ්ඩු මොන වෙලාවේ මොනවා කරයිද කියලා ෂුවර් එකක් නැති නිසා හෙදියෝ ඉන්න ඕනේ මාර ඇහැකින්.කෙල්ලට මුලින්ම බාර දෙන්නේ රි-යාන් කියලා රෝගියෙක්ව. මේ ගෑනු කෙනාට තියෙන්නේ සල්ලි වියදම් කරන පිස්සුවක් (Bipolar). පිස්සුව තද වුණාම නැති සල්ලිත් වියදම් කර කර, හෙන සෝබනේට නටනවා. ඩා-යූන් ඉතින් හිත හොඳ කෙල්ලනේ, මේ ලෙඩීට හෙන කරුණාවෙන් සලකන්න ගියා.ඔය අතරේ තමයි අපිට ගෝ-යුන් කියලා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්නේ. මූට තියෙන්නේ හෙන අමුතු ලෙඩක්, මූ නිකන් ඉන්න වෙලාවට ඇඟිලි පටලව පටලව ඉන්නවා. හැබැයි මූට ඩා-යූන්ව දැක්කම අර ඇඟිලි නටවන එක ඉබේම නතර වෙනවා. මූටත් කෙල්ල ගැන පොඩි අයිඩියා එකක් එනවා එතනදීම.ඩා-යූන් ලෙඩීට වැඩිපුර කරුණාව පෙන්වන්න ගිහින් අන්තිමට වැඩේ පත්තුවෙනවා. රි-යාන් වාට්ටුව ඇතුළේ ලොකු කලබලයක් කරලා, ඇඳුම් ගලවලා හෙන ජරමරයක් කරනවා. මේක දැකලා ඩා-යූන් බය වෙනවා විතරක් නෙවෙයි, “අපෝ මම මේ වැඩේට ගැලපෙන්නේ නැද්ද මන්දා” කියලා හිතලා කෙල්ල හෙන අවුල් යනවා.