Daily Dose of Sunshine (2023) [S01 : E02] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
පළවෙනි කොටසේ වුණු ජරමර අස්සේ කෙල්ල (ඩා-යූන්) හෙන අමාරුවෙන් දෙවැනි දවසටත් වාට්ටුවට එනවා. හැබැයි මේ කොටසේදී අපිට තව පට්ට රෝගියෙක්ව හම්බවෙනවා.මේ පාර මූලිකවම කතාව යන්නේ සෝ-වන් කියලා කොල්ලෙක් ගැන. මූ සාමාන්‍ය රස්සාවක් කරන මනුස්සයෙක්. හැබැයි මූට තියෙන්නේ “Social Anxiety” (මිනිස්සු එක්ක ඉන්න තියෙන බය). මිනිහා වැඩ කරන තැන ලොක්කෝ මූට හෙන විදිහට පීඩනය දෙන නිසා මූ පට්ටම අවුලෙන් ඉන්නේ.මේ මනුස්සයා කියනවා එයාට මිනිස්සු ඉන්න තැන්වල ඉද්දී හරියට වතුර යට හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා කියලා. ඒක අහද්දී ඩා-යූන්ටත් හිතට මාර විදිහට වද දෙනවා. ඇයි ඉතින් කෙල්ලත් තාම අලුත් තැන හුස්ම ගන්න බැරිව වගේනේ ඉන්නේ.අර අමුතු ඩොක්ටර් (ගෝ-යුන්) තාම ඩා-යූන් පස්සෙන්. එයාට මේ කෙල්ලව දකින එක හෙන මැජික් එකක් වගේ. එයාගේ ඇඟිලි නටවන ලෙඩේට මේ කෙල්ල තමයි හොඳම බෙහෙත කියලා පොරට දැන් ෂුවර්.ඩා-යූන්ගේ යාලුවා යූ-චෑන් කියන කොල්ලත් මේ කොටසේදී මතු වෙනවා. මූ ඉතින් ඩා-යූන්ට හෙන හයියක් වෙනවා වගේ පෙන්නුවට, මූත් ඇතුළෙන් මොකක් හරි හිතේ අමාරුවකින් ඉන්නවා වගේ ගතියක් තියෙනවා.ඩා-යූන් අර බය වෙලා ඉන්න රෝගියා (සෝ-වන්) එක්ක කතා කරලා, එයාට තේරුම් කරලා දෙනවා එයා තනි වෙලා නැහැ කියලා. ඩා-යූන්ගේ ඒ වැඩේ නිසා රෝගියාට ටිකක් සහනයක් ලැබුණත්, වැඩ කරන තැන මිනිස්සු කොච්චර දරුණුද කියලා මේකෙන් පෙන්වනවා.