Daily Dose of Sunshine (2023) [S01 : E04] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
මේ කොටසේදී අපිට හම්බවෙනවා කිම් සෝ-වන් කියලා කොල්ලෙක්ව. මූට තියෙන්නේ පට්ටම මානසික ලෙඩක්. මූ හිතාගෙන ඉන්නේ මූ ඉන්නේ “Fantasy Game” එකක් ඇතුළේ කියලා. මූ හැමෝවම දකින්නේ ගේම් එකේ චරිත විදිහට. මේ කොල්ලා මේ වගේ මානසික මට්ටමකට වැටෙන්න හේතුව තමයි රස්සාවක් නැතිව විඳපු පීඩනය සහ විභාග ෆේල් වීම. (ලංකාවේ අපේ කොල්ලන්ටත් මේක හෙනටම දැනෙනවා)..ඩා-යූන් උත්සාහ කරනවා මේ කොල්ලව ගේම් ලෝකෙන් එළියට අරන් සැබෑ ලෝකයට ගේන්න. හැබැයි ඒක ලෙහෙසි වෙන්නේ නැහැ. මොකද සැබෑ ලෝකය ඒ කොල්ලට හෙනම අකාරුණිකයි, ඒ නිසා මූ කැමති අර හීන ලෝකෙටම වෙලා ඉන්න.අර ඩොක්ටර් ගෝ-යුන් දැන් හෙමින් හෙමින් ඩා-යූන්ට කිට්ටු වෙන්න හදනවා. හැබැයි එයා දකිනවා ඩා-යූන් සහ එයාගේ අර පරණ යාලුවා (යූ-චෑන්) අතර තියෙන බැඳීම. මේක දැකලා ඩොක්ටර්ට පොඩි ඉරිසියාවක් වගේම “අයියෝ මට චාන්ස් එකක් නැති වෙයිද?” කියලා බයක් එනවා.මේ කොටසෙන් තව දෙයක් පෙන්වනවා. ඒ තමයි මානසික රෝගියෙක් වාට්ටුවෙන් එළියට ගියාම සමාජය ඒ මනුස්සයා දිහා බලන වැරදි විදිහ. ඒකෙන් ලෙඩා තවත් අගාධයට වැටෙන හැටි පට්ට විදිහට පෙන්වනවා.