Daily Dose of Sunshine (2023) [S01 : E06] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
මේ කොටස අපේ රටේ රස්සා කරන ගොඩක් අයට පට්ට විදිහට “සෙට්” වෙනවා. මොකද මේකේ තියෙන්නේ රස්සාවයි, ගෙදර දොරේ වැඩයි පටලවාගෙන හෙම්බත් වුණු ගැහැණු කෙනෙක් ගැන.වාට්ටුවට අලුතින් එනවා හෙදියන්ගේ ප්රධානියා (Head Nurse) වගේම තවත් කෙනෙක්. එයා වැඩ කරන තැනත් වැඩ, ගෙදර ගියාම දරුවන්ගේ වැඩ, උයන පිහිටන වැඩ. මෙහෙම හැමදේම තනියම කරන්න ගිහින් එයාට හැමදේම අමතක වෙන ලෙඩක් (Dissociative Amnesia) හැදෙනවා. එයාට තමන් කවුද කියලත් අමතක වෙන වෙලාවල් එනවා.ඩා-යූන් මේ ලෙඩී දිහා බලලා ඉගෙන ගන්නවා, ඕනෑවට වඩා “පර්ෆෙක්ට්” වෙන්න ගියාම වෙන්නේ තමන්ගේ මානසික සෞඛ්යය නැති වෙන එක කියලා. ඕනෑම මනුස්සයෙක්ට විවේකයක් ඕනේ කියන එක මේකෙන් තදින්ම පෙන්වනවා.ඩොක්ටර් ගෝ-යුන් දැන් කෙළින්ම ඩා-යූන්ට තමන්ගේ හිතේ තියෙන දේ කියන්න අවස්ථාවක් හොයනවා. හැබැයි එයාගේ “ඇඟිලි නටවන” ලෙඩේ දැන් සෑහෙන්න අඩුයි ඩා-යූන් එක්ක ඉන්න නිසා. ඩා-යූන් තමයි එයාගේ ලෝකේ තියෙන “Sunshine” එක කියලා පොරට දැන් පට්ටම ෂුවර්.ඩා-යූන්ගේ යාළුවා (යූ-චෑන්) තමන්ගේ Panic Disorder එක නිසා රස්සාවට යන්න බය වෙනවා. ඩා-යූන් එයාව දිරිමත් කරන්න හැදුවත්, ඒක හිතන තරම් ලෙහෙසි වෙන්නේ නැහැ. ඇත්ත ජීවිතේ ප්රශ්නවලට මූණ දෙන්න කොච්චර හයියක් ඕනෙද කියලා මේ කොටසෙන් පේනවා.