Daily Dose of Sunshine (2023) [S01 : E08] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
කලින් කොටසේ වුණු අවාසනාවන්ත සිදුවීම නිසා (අර ගේම් එකක් කියලා හිතාගෙන හිටපු කොල්ලා, සෝ-වන්, ගත්ත තීරණය නිසා) මුළු වාට්ටුවම මළ ගෙයක් වගේ වෙලා.තමන් පණ වගේ බලාගත්ත, තමන්ව විශ්වාස කරපු ලෙඩාට වුණු දේ දරාගන්න ඩා-යූන්ට බැරි වෙනවා. කෙල්ල හිතන්නේ ඒක තමන්ගේ වැරැද්දක් කියලා. කෙල්ලට “Depression” (විසදය) ලක්ෂණ පෙන්වන්න ගන්නවා. වැඩට ආවත් කෙල්ල ඉන්නේ මැරුණු කඳක් වගේ.ඩා-යූන් උත්සාහ කරනවා ඒ වුණු දේ අමතක කරන්න. එයා හිතාගෙන ඉන්නේ සෝ-වන් තාම ජීවත් වෙනවා කියලා. ඒ තරමට කෙල්ලගේ හිත මේ කම්පනයෙන් බේරෙන්න බොරු ලෝකයක් හදාගන්නවා. මේක දකින අනිත් හෙදියන්ටත් හෙන දුකයි.මේ වෙලාවේ ඩොක්ටර් ගෝ-යුන් පට්ටම විදිහට කෙල්ලගේ ළඟින් ඉන්නවා. එයා දන්නවා ඩා-යූන් ඉන්නේ හෙනම අන්තරායදායක මානසික මට්ටමක කියලා. ආදරේට වඩා එහා ගිය ලොකු මනුස්සකමක් ඩොක්ටර් මේ වෙලාවේ පෙන්වනවා.වාට්ටුවේ අනිත් ලෙඩ්ඩුත් මේ මරණය නිසා කලබල වෙලා. ඒ අස්සේ හෙදියන්ට සිද්ධ වෙනවා තමන්ගේ හිතේ දුක හංගගෙන අනිත් ලෙඩ්ඩුන්ව බලාගන්න.මේ කොටස අවසානයේදී ඩා-යූන්ට තේරෙනවා තමන්ට වුණු දේ. එයා හඬා වැටෙමින් ඒ ඇත්ත පිළිගන්නවා. ඒක පට්ටම දුක හිතෙන දර්ශනයක්.