Everybody Knows (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. මුලින්ම ඔහුට ස්තූති කරන ගමන් අපි යමු චිත්‍රපටය පැත්තට. මේ තමයි අති දක්ෂ ඉරාන ජාතික සිනමා අධ්‍යක්ෂ අස්ගාර් ෆර්හාඩිගේ නවතම චිත්‍රපටය වන Everybody knows (2018) චිත්‍රපටයෙ උපසිරැසිය. අස්ගාර් ෆර්හාඩිගෙ චිත්‍රපට නරඹල තියන අයට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඔහුගේ නිර්මාණ කොතරම් තාත්විකද කියල, චිත්‍රපටයේ මුල් කාර්තුව තුලම නරඹන්නාත් ඉබේම චිත්‍රපටයෙ කොටස්කරුවෙක් බවට පත්වෙනවා. ඔහුගේ The Salesman (2016), A Separation (2011), Fireworks Wednesday (2006), The Past (2013) වගේ චිත්‍රපට නරඹපු අය අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම විඳල ඇති. මේ Everybody knows චිත්‍රපටයත් ඒ වගේම සිනමාත්මක පැත්තෙන් ඉදිරියෙන් තියන එකක්, මේ වනවිට සම්මාන 33කට නිර්දේශ වෙලා එයින් එක් සම්මානයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. Imdb වෙතින් 7.0ක අගයකුත්, Rotten tomatoes වෙතින් 71%ක අගයකුත්, මෙටා ක්‍රිටික් වෙතින් 68%ක අගයකුත් වශයෙන් ඉහල අගයන් දිනාගන්නත් මෙය සමත්වී තිබෙනවා. එසේම ඔහු ඉරානයෙන් පිටතදී කල දෙවන චිත්‍රපටය තමයි මේ, ඒ The Past (2013) චිත්‍රපටයට පසුව. කෙසේ වෙතත් ඔහුගේ පෙර නිර්මාණ තුල තිබුණ ආකාරයේ ප්‍රබල කතාවක් මේ චිත්‍රපටය තුල නැති බවත් කියන්නම වෙනව. වරදවා වටහාගන්න එපා, මම මේ කියන්නෙ වැඩක් නෑ කියල නෙමෙයි, ඔහුගේ පෙර නිර්මාණ එක්ක සංසන්දනය කරල බැලුවම මදි කියල විතරයි. ස්පාඤ්ඤයේ ඉඩම්හිමි වැවිලිකාර (මිදි) පවුලක සමාජිකයන් වටා ගෙතුණ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ : පෙනිලොපි කෲස් (ලෝරා), හාවියර් බාඩම් (පැකෝ), රිකාඩෝ ඩෙරින් ( ඇලහැන්ඩ්‍රෝ), එඩුවාඩ් ෆර්නැන්ඩස් ( ෆර්නැන්ඩෝ), බාබරා ලෙනී (බියා),ඉන්මා ක්වෙස්ටා (ඇනා), එල්විරා මින්ගස් (මරියානා),රාමෝන් බරියා( ඇන්තෝනියෝ), කාර්ලා කැම්ප්‍රා (අයිරින්),සාරා සලාමෝ (රෝසි) වගේ පිරිසක්. හරි අපි දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
කතාව පටන්ගන්නෙ විවාහකව ආජන්ටිනාවේ ජීවත්වන ලෝරාත්, ඇගේ දියණිය අයිරින් සහ පුතා ඩියේගෝ යන තිදෙනා තම මව්බිම වන ස්පාඤ්ඤයට පැමිණීමෙන්. ඇය එහි එන්නෙ තම නැගනිය වන ඇනාගේ විවාහ උත්සවය වෙනුවෙන්. ඒ වගේම ඇය මේ එන්නෙත් වසර ගණනාවකින් ඒ නිසාම තම පවුලේ අය බැහැදැකීමේ ලොකු ආසාවකුත් තියනව ඇයට. ලෝරා පවුලේ සියල්ලෝම පාහේ මධ්‍යම ප්‍රමාණයේ මිදි වගාකරුවන්. සාමාන්‍යයෙන් යමක් කමක් තිබෙන අය.කෙසේ හෝ සතුටින් පිරී ඉතිරී යන මේ විවාහ උත්සවය උඩු යටිකුරු වෙන්න යන්නෙ ඉතාම සුළු වේලාවයි, ඒ මෙම පවුලේ දරුවෙක්ව පැහැරගැනීමට ලක් වීම නිසා. පැහැරගත්තවුන්ගේ තර්ජණය නිසාම මෙය පොලිසියට දැන්වීමට බිය වන ඔවුන් මේ ගැන විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙකුගේ සහය පතනවා. එතනින් එහාට නරඹන ඔබට බාරයි. එක් අයෙකුට දෙදෙනෙකුට පමණක් බලපාන දෙයක් යැයි පිටින් පෙනෙන සිදුවීමක් හරහා කී දෙනෙකුගේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්ද කියල හොඳින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටය තුලින්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු Shoplifter (2018) චිත්‍රපටය තුලින්..
SUb filrbeke error ekak enawane.thiyena knk dennko
තිලිණ :- සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ දැන් චෙක් කලා. පොඩ්ඩක් වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරල බලන්න.
Error ekak enwa download krgnna bari una brother
Hari brother wena browser ekak use kala thnkz.keep it up
🙂 You’re welcome.
උපසිරිසියට බොහොම ස්තුති
Mewatath sub dennako
Primal fear (1996)
K pax (2001)
Frailty (2001)
In the name of father (1993)
Vanilla sky (2001)
Devil wears prada (2006)