Fireworks Wednesday (2006) Sinhala Subtitle
ආයුබෝවන් අපේ Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මං ඔයගොල්ලන්ට අරගෙන එන්නේ සම්මානලාභී ඉරාන සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ Chaharshanbe-soori නොහොත් Fireworks Wednesday (2006) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඔහුගේ චිත්‍රපට ඕගොල්ලො බොහෝ දෙනෙක් නරඹලා ඇති. A Separation (2011) චිත්‍රපටය එහෙම හොඳින් මතකයේ රැඳිල ඇති බලපු අයට, ඒ ඔහුගේ චිත්‍රපටවල රැඳී තිබෙන පුදුමාකාර තාත්විකභාවය නිසාමයි. ඒ නිසාමයි ඔහුගේ චිත්‍රපට බොහොමයක්ම චිත්‍රපට ලෝකය තුල සම්මානලාභී විශිෂ්ඨ චිත්‍රපට බවට පත්වෙන්නේ. මේ චිත්‍රපටයත් ඒ වගේමයි සම්මාන 7ක් දිනාගන්න සමත්වුණ චිත්‍රපටයක්. ඒ වගේම ඇමරිකානු ‘ස්ලාන්ට්’ ජාලගත සඟරාව මගින් මෙය 2006 වසරේ තිරගතවූ හොඳම වෘතාන්ත චිත්‍රපට අතරින් එකක් ලෙසත් ගෞරවයට පාත්‍ර කර තිබෙනවා.
මෙය ලබා ඇති Imdb අගය 7.9ක් තරම් විශාල අගයක්.එසේම Rotten tomatos වෙතින් ලබාගත හැකි ඉහලම අගය වන 100% ක අගය ලබාගන්නත් එහි ප්‍රේක්ෂකයන් වෙතින් 83% අගයක් ලබාගන්නත්මෙය සමත් වෙනවා. නාට්‍යමය ,අභිරහස්, ප්‍රේමණීය යන තුන් ඝනයට අයත් මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 42ක්. ඒ වගේම ආරම්භයේ සිටම නරඹන්නාව සිර කර තබාගන්නට සමත් චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ. ඉතින් මේ වගේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි නැතිකම අඩුවක් වගේ දැනුන නිසා තමයි උපසිරැසිය කරන්න අත තිබ්බෙ, කොහොමවුණත් මෙහි ඉංග්‍රීසි උපසිරැසිය එක්ක නරඹද්දි ඒ උපසිරැසියේ වැරදි ගොඩක් දැනුන නිසා, කතාව නරඹන්නාට වැටහෙන විදියට බොහෝ තැන් වෙනස් කරන්න සිද්ධවුණා. එහි සාර්ථක අසාර්ථක භාවය තීරණය කිරීම නරඹන ඔබට බාර කරමින් දැන් මං යන්නම් කතාව පැත්තට. ආ.. ඊට කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටයෙ නමේ අර්ථය. Fireworks Wednesday කියන නම සිංහල හැරෙව්වම එන්නෙ “ගිණිකෙලි බදාදා” කියලනෙ, මේක සාම්ප්‍රදායික පර්සියානු (අද ඉරානය)උත්සවයක්.
මෙහි එරට නාමය Chaharshanbe- Soori. Chaharshanbe යන්නෙහි අර්ථය බදාදා දිනය වන අතර,Soori යන පදයෙන් හැඳින්වෙන්නේ රතු පැහැය සහ ගින්නය. රතු පැහැය නිරෝගීභාවයේ සහ පර්සියානු සම්ප්‍රදායික පිබිදීමේ සංකේතයක් ලෙස සැලකේ. ගතවූ පැරණි වසර නිමාවී (පර්සියානු)නව වසරක උදාව (නූරූස්) සැමරීමට සිදුකෙරේ. කෙසේ වෙතත් අධික ගිණිකෙලි භාවිතය සහ පැරණි වසරේ දුක් සොම්නස් දවා දැමීම සංකේතවත් කරමින් කරන ගිණිමැල උඩින් පැනීමේ චාරිත්‍රය නිසා සිදුවන අනතුරු හේතුවෙනුත් , ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් ආගමික උත්සවයක් නොවීම යන කාරණයත් මුල් කරගෙන මේ පැරණි පර්සියානු උත්සවය තහනම් කිරීමට ඉරාන රජය උත්සාහ කරනවා. නමේ කතාව කෙටියෙන් එහෙමයි. දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට.
මේ කතාවට පාදක වෙන්නේත් මේ උත්සව දිනයක උදෑසන සිට සවස වනතෙක් සිදුවන සිදුවීම් මාලාවක්. රූහි කියන්නෙ ඉරාන තරුණියක්. ඇය ජීවත්වන්නේ නිවෙස්වල වැඩකරමින් ලබාගන්නා මුදලෙන්. දිනපතාම ඇය තමන්ට එදා දිනයට ලැබෙන රාජකාරිය ලබාගන්නේ රැකියා ඒජන්සියකින්. මේ කියන දවසෙ ඇයට රාජකාරිය ලැබෙන්නේ ඉරානයේ ටෙහ්රාන් නුවර නිවසක. කොහොමින් හරි ඇය මේ නිවසට යද්දි ඒ නිවසේ යම් ප්‍රශ්නයක්. කෙමෙන් කෙමෙන් දුරදිග යන මේ ප්‍රශ්ණයට මේ රූහිටත් මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. එතනින් එහාට මං කියන්න යන්නෙ නෑ. ඒ සියල්ල නරඹන ඔබට බාරයි. එහෙනම් මං ගිහින් එන්නම් තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.
උපසිරැසියට තුති සහෝ..මේක ඉරාන් මූවි එක..100 වැනි උපසිරැසියත් ඉක්මනටම දෙමු එහෙනම්..ඔබට ජය..
බොහොම ස්තූතියි, සුමින්ද 🙂
Thanks machan
බොහොම ස්තූතියි, හිරාන් 🙂
wow patta machan, digatama me wage foreign language movies walata sub karapan Bro.
hari aduwen me wage movies walata sub watenne. ona ehenam math bawa
THanks!!!
ඔව්, යසිත් . මේ වගේ ෆිල්ම් ඇහැ ගැටෙනව අඩුයි. වෙලාව ලැබෙන විදියට තව මේ වගේ ඒව දෙන්නම්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
machan torrent link eka ganna ba, severer error ekak enawa, fix it machan.thanks
මේ ඉමේජ් එකේ තියන විදියට ඇඩ් එක ස්කිප් කරල යන්න එතකොට හරි.
https://imgur.com/PJmNXr8
ade me wage supiri nirmana walata sub demu machn thanks…………..
බොහොම ස්තූතියි, ළහිරු 🙂
නියමයි හසිත සහෝ…
උපසිරැසියට බොහොම ස්තූතියි!
ජය!!
බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂
හම්මෝ තව 2යි✌️
උපසිරැසියට තුති සසහෝදරයා
ඔබට ජය???
බොහොම ස්තූතියි, පසිඳු 😉
නියමයි සහෝදරය.. බොහෝම ස්තූතියි..
කලින් සබ් එක 98 නෙහ් බ්‍රෝ… මේක 99 නෙවේද?
සේරම උපසිරැසි එකට (Total Subtitles :98 )කවුන්ට් වෙලා වැටෙන්නෙ, එරංග. ඒ හින්ද 99 නෙමෙයි 98 තමයි හරි. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි .
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි, Kantha 🙂
වෘතාන්ත්‍ර කියන්නෙ මොකද්ද කියලනම් හරියටම දන්නැ එත් මම brooklyn වගෙ ෆිල්ම් වලටත් හරි අසයි මෙකත් ගොඩක් හොද ඇති තක්කාලිල 100% දුන්න කියන්නෙ.2
හොඳ ප්‍රශ්ණයක්, සෑම්. මාත් දන්නෙ නෑ වෘතාන්ත චිත්‍රපටයක් කියන එකේ තේරුම. අන්තර්ජාලයේ විස්තර අනුවනං මෙන්න මෙහෙමයි. වැරදිනම් කවුරුහරි කමෙන්ට් මගින් නිවැරදි කරන්න.
*සිද්ධි ගණනාවක් අවසානයේදී එක කේන්ද්‍රයකට ගොනුවීම සහ එය පැහැදිලිව නරඹන්නාට දැකගැනීමට තරම්ධාවන කාලයකින් සමන්විත යුතුය. එනම් විනාඩි (30?) 40කට වැඩි කාලයක් (ඊට අඩුනම් කෙටි චිත්‍රපටයක්)
* පිලිගත් සිනමාශාලාවක තිරගතවූවක් විය යුතුය.
*මේ ලිපියෙ පලමු ප්‍රශ්ණ දෙක සහ උත්තර බලන්න.
http://www.divaina.com/2015/10/29/sarasavi%201.html
හොඳ ප්‍රශ්ණයක්, සෑම්. මාත් දන්නෙ නෑ වෘතාන්ත චිත්‍රපටයක් කියන එකේ තේරුම. අන්තර්ජාලයේ විස්තර අනුවනං මෙන්න මෙහෙමයි. වැරදිනම් කවුරුහරි කමෙන්ට් මගින් නිවැරදි කරන්න.