Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. The Matrix Revolutions (2003) Sinhala Subtitle

The Matrix Revolutions (2003) Sinhala Subtitle

January 08, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 6.7
GENRES
ActionEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Mary Alice, Tanveer K. Atwal, Helmut Bakaitis, Kate Beahan

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. පොරොන්දු වුණ විදියටම Matrix චිත්‍රපට මාලාවෙ තුන්වැන්න වන The Matrix: Revolutions (2003) හි සිංහල උපසිරැසිය තමයි මේ අරගෙන එන්නෙ. මුල් මුල් චිත්‍රපට නරඹල නැති අය ඉන්නවනම් මුලින්ම කියන්න ඕනෙ පහත ඇති පිළිවෙලට චිත්‍රපට නරඹල එන්න කියල. නම් උඩ ක්ලික් කිරීම මගින් උපසිරැසි සහ ඩවුන්ලෝඩ් ලින්ක් සහිත වෙබ් පිටුවලට පිවිසිය හැක.

The Animatrix (2003)

The Matrix (1999)

The Matrix: Reloaded (2003)

මෙවර චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය 6.7ක්.Rotten Tomatoes අගයනම් 35%ක් ලෙස තමයි සටහන් වෙන්නෙ. ඊට අමතරව ගූගල් පරිශීලකය අගය 88%ක් ලබා තිබෙන අතරේ සම්මාන 37කට නිර්දේශව එයින් 4ක් ජයගෙන තිබෙනවා මේ චිත්‍රපටය. Matrix : Reloaded තුලින් ඔබට මුල් චිත්‍රපටය තුලින් ඇතිකර තිබූ ගැටලු බොහොමයකට පිළිතුරු ලැබෙන්නට ඇති, විශේෂයෙන්ම Architect එහෙමත් නැත්නම් නි-මැවුම්කරුගේ කතාව තුලින්. හැබැයි අපි ඇත්තටම බැලුවොත් ඒ කතාවම තමයි පලමු චිත්‍රපටයේදී ස්මිත් විසින් මෝෆියස්ට කියන්නෙ. අපි මේ දක්වා තේරුම්ගත් කතාව මේ ආකාරයට කොටස් කීපයකට කඩන්න පුළුවන්.

1) මුල් මෙට්‍රික්සය එනම් කිසිදු අඩුපාඩුවක් නොතිබූ ස්වර්ග- මෙට්‍රික්සය බාරගැනීමට මිනිසුන් කැමති නොවූ බව. ඔවුන්ව යාන්ත්‍රිකයන්ගේ බලාගාර තුල නින්දේ තබන්නට එය ප්‍රමාණවත් වන්නේ නෑ ඒතරම් සර්ව සම්පූර්ණ ලෝකයක් පිළිගැනීමට මනුෂ්‍ය සිත ස්වභාවයෙන්ම ප්‍රතික්ෂේප කිරීම නිසා.

2) තමන්ට සැබෑවට මනුෂ්‍යයා නින්දේ තබන්නට හැකි පරිගණක ලෝකයක් නිර්මාණය කිරීමේ හැකියාව නැති බව වටහා ගන්නා නි-මැවුම්කරු, එය බාරදෙන්නේ මිනිසා නම් ප්‍රහේලිකාව ගැන සෙවීමට නිර්මාණය කර තිබූ පරිගණක වැඩසටහනකට. නි-මැවුම්කරු එම හඳුන්වන්නේ “ඇය” ලෙස වන අතර ඔහුගේම වචනවලින් මෙට්‍රික්සයේ පියා තමන් වද්දී “මව” වන්නේ ඇයයි. ඒ කවුදැයි කෙලින්ම පිළිතුරක් නි-මැවුම්කරුගෙන් නොලැබුණත් අපිට සිතාගන්නට පුළුවන් ඒ අනාවැකිකාරිය බව. ( මෙවර චිත්‍රපටයේදී ඔබට හුරුපුරුදු අනාවැකිකාරිය දකින්නට ලැබෙන එකක් නෑ, චිත්‍රපටයේදී එයට දෙන පැහැදිලි කිරීම කෙසේ වුවත්, චරිත මාරුවට සැබෑ හේතුව එයට පණපෙවූ ග්ලෝරියා ෆොස්ටර් රංගන ශිල්පිනියගේ මරණයයි, ඇය මියයන්නේ 2001 වසරෙදී)

3) ඇය එම ගැටලුවට දෙන විසඳුම තමයි මෙට්‍රික්සය තෝරාගැනීමේ හෝ නොගැනීමේ අයිතිය මනුෂ්‍යන්ට ලබාදීම.එම විසඳුම අනුව එවර මෙට්‍රික්සය සාර්ථක වුණත් ඒ මුළුමුනින්ම නෙමෙයි 99%ක් පමණයි. එය 100% කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ. එතකොට ඉතිරි 1% කවුද? ඔව්, මෙට්‍රික්සය නම් සිහින ලොවේ ජීවත්වන්නට අකමැතිවූවන්. ඒ වගේම නියෝ එහෙමත් නැත්නම් ඉරණම්කරු කියන්නෙ එම 99% තත්වයට මෙට්‍රික්සය ප්‍රතිනිර්මාණය කරද්දි ඇතිවූ ඉවත්කල නොහැකි දෝෂයක් වන අතර අර 1%ක්වූ පිරිස අතරින් ඉතා කලාතුරකින් එය මතුවෙනවා.

4) ඇත්තටම බැලුවොත් නි-මැවුම්කරු නොකියා කියන්නෙ ඒ 1% ක පිරිසගේ වාසභූමිය එනම් සයෝන් නගරයත් තමන් දැනුවත්වම නිර්මාණය වූවක් බව. සයෝන් නගරය එහි නිදහස් මිනිසුන් මෙට්‍රික්සයේ පැවැත්මට හිරිහැරයක් වුවත්, පෙරකී 1% පිරිස සැලකිය යුතු කාලයකට ඉවත්කර තැබීමට සයෝන් නගරය ප්‍රයෝජනවත් වෙනවා. ඉරණම්කරු එහෙමත් නැත්නම් මේ මෙට්‍රික්සය හැසිරවීමට තරම් බලයක් ඇති දෝෂය හා සයෝන් නගරය මෙට්‍රික්සයේ පැවැත්මට තර්ජණයක් වූ විට හා කාලය පැමිණිවිට ඊට ඔවුන්ගේ පිලියම වෙන්නෙ නි-මැවුම්කරු ලවා තතු පහදා ඉරණම්කරුට කරන්නට ඇති තෝරාගැනීම් දෙක තුලින් යාන්ත්‍රිකයන්ට අවශ්‍ය තේරීම කරවීම.

පලමු තේරීම: මෙට්‍රික්සය රීලෝඩ් වෙන්නට සලස්වමින් ඉරණම්කරු තමන්ගේ කෝඩින් එක යාන්ත්‍රිකයන්ගේ ප්‍රධාන පරිගණකය තුලට එක්කිරීම. එයින් මෙට්‍රික්ස් වැඩසටහන රීලෝඩ් වෙන අතර සයෝන්හි සිටින මනුෂ්‍යයන් සියලු දෙනා යාන්ත්‍රිකයන් විසින් මරා දැමෙනවා. නමුත් පසුව මෙට්‍රික්සය තුලින් ඉරණම්කරුම තෝරාගත් 23 දෙනෙකු රැගෙන නැවත සයෝන් නගරය අලුතින් පිහිටුවීමට ඉඩ ලැබෙනවා. (මතකනෙ නි-මැවුම්කරු කිව්වා නියෝට පෙර ඉරණම්කරුවන් එනම් දෝෂ පස් දෙනෙක් සිටි බව. කලින් කලට පැණනගින මේ දෝෂය ඉවත්කල නොහැකි නිසා නිමැවුම්කරු කරන්නේ ( අනාවැකිකාරියත් හවුල් ඇති මෙයට) එයට මනුෂ්‍ය වර්ගයා ගැන පොදු ආදරයක් ඇතුල්කිරීම. )

දෙවන තේරීම: මුල් තේරීමට පිටුපා සටන දිගටම කරගෙන යාම. මෙසේ කිරීමෙන් යාන්ත්‍රිකයන් සයෝන් නගරය විනාශ කරන අතර එහි සිටින සියල්ලන්ට අමතරව මෙට්‍රික්සයට ප්ලග්ව සිටින සියල්ලන්ද මියයනවා මෙට්‍රික්ස වැඩසටහන ‘රන්’ වෙන යාන්ත්‍රිකයන්ගේ ප්‍රධාන පරිගණකය ක්‍රෑෂ්වීමෙන් . එවිට සිදුවන්නේ මුළු මනුෂ්‍ය සංහතියම වඳවයාම.

5) ඒ නිසා මුල්ම තේරීම කලොත් මනුෂ්‍යයන් 23 දෙනෙක් ඉතිරි වෙනවා සයෝන් නගරය නැවත ගොඩනගන්නට, ඒ වගේම මෙට්‍රික්සයට ප්ලග්ව සිටින්නන්ගේ අවාසනාවන්ත ජීවිතද රැකෙනවා. කලින් සඳහන් කල විදියටම, ඉරණම්කරු තුලට කවා ඇති මනුෂ්‍ය වර්ගයා පිලිබඳ දැඩි ඇල්ම නිසා ඔහු අකමැත්තෙන් වුවත් තෝරාගන්නෙ අංක එක තෝරාගැනීම. ඒ තම විප්ලවය වෙනුවෙන් මිනිසුන් අසීමිත පිරිසක් බිලිදීමට ඔහුගේ හෘදසාක්ෂිය ඉඩ නොදෙන නිසා. ඒ නිසයි නි-මැවුම්කරු ඇතුළු යාන්ත්‍රියකයන් සමත්වෙන්නෙ නියෝට පෙර ඇතිවූ දෝෂ එනම් ඒ මතුවූ ඉරණම්කරුවන් තමන් සැලසුම් කල ලෙසම සාර්ථකව මැඩපවත්වා පස් වතාවක්ම සයෝන් නගරය විනාශ කරන්නට.

හැබැයි මේ වතාවෙ අපි දැක්කා මෙවර නියෝ තෝරාගන්නෙ දෙවැන්න. ඊට හේතුවත් නි-මැවුම්කරුම පැහැදිලි කලා, ඔහු කිව්වෙ පෙර ඉරණම්කරුවන් පොදුවේ මනුෂ්‍ය සංහතියටම සමානව ආදරය දක්වන ලෙස නිර්මාණය කර තිබියදී, නියෝගේ බැඳීම ඊට වෙනස් බව, ඔහුද මනුෂ්‍ය වර්ගයාටද ලැදි නමුත් ඒ සියල්ලන්ටම වඩා එක් අයෙකුට ආදරය කරන බව, ඒ ට්‍රිනිටි. අපිට අනුමාන කරන්නට පුළුවන් එය අනාවැකිකාරියගේ ක්‍රියාවක් බව. මේ සියල්ලම ගත්තහම Reloadedහි අවසාන භාගයේ නියෝ කියන්නාක් වගේ මෝෆියස් විශ්වාස කරන අනාවැකිය අසත්‍යයක් බව තමයි තේරුම්ගන්න තියෙන්නෙ. මොකද එතකොට වෙන්නෙ මේ මිනිස්-යාන්ත්‍රික යුද්ධය අවසන් වේවිද අනාවැකියේ එන ලෙසම? නැත්නම් එය නියෝ කියන්නාක් මෙන් අසත්‍යයක්ද? ඒ සියල්ලට පිළිතුරු තිබෙනවා මේ අවසන් චිත්‍රපටය තුල. කෙසේ හෝ මෙහි සිව්වැන්නක් මේ වනවිට නිර්මාණය කෙරෙමින් පවතින බවත්, ලබන මැයි මසදී පමණ තිරගත වන බවත් වෝනර් බ්‍රදර්ස් සමාගම පසුගියදා එලිකලා. තවමත් නම් කිරීමක් කර නැති මේ Matrix 4 ත් සුපුරුදු ලෙසම Wachowski සහෝදරියන් විසින් තමයිලු අධ්‍යක්ෂණය කෙරෙන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු Last Christmas (2019) චිත්‍රපටයේ උපසිරැසිය සමගින්.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
11568 වාරයක්
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 699.59 MB x264
▲50 · ▼15
Magnet GET
1080p bluray 1.85 GB x264
Magnet GET
2160p bluray 6.23 GB x265
Magnet GET
Discussion (9)
  • තුෂාර Unregistered
    Android 4.4 Chrome 76
    2020-01-09

    දැන් ඉතින් දවසක් හොයාගන්න තමයි තියෙන්නේ😅

    Reply
  • nadeeshan Unregistered
    Windows 10 Chrome 79
    2020-01-09

    bro sub eka downlod karana bane wena link ekak open wenawa

    Reply
    • පසිදු සාරංග Expert Subtitler
      Windows 7 Chrome 79
      2020-01-09

      වෙන browser එකකින් උත්සාහා කරන්න..

  • kavinda Unregistered
    Windows 7 Chrome 69
    2020-01-09

    මේ ෆිල්ම් සෙට්එක පොඩි කාලේ ඉදලා ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් සෙට් එකක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-09

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79
    2020-01-09

    බොහොම ස්තුතියි උපසිරැසියට!

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2020-01-10

    නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

    Reply
  • mithun Unregistered
    Windows 10 Chrome 79
    2020-01-12

    SUB EKATA THANKS SAHO .OKKAMA EKAPARA NAWATA DOWNLOAD KARALA BALANNA INNE. GODAK STHUTHI1!!!

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 85
    2020-10-09

    sub ekata thanks saho

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 671
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved