The Secret Circle [S01 : E20] Sinhala Subtitle
ඔන්න ඉතින් The Secret Circle කතාවේ විසිවෙනි කොටස මම අරගෙන ආවා.කතාව ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නේ.දැන් නම් කුතුහලය එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ.ඒ වගේම ඉතුරු කොටස් දෙකත් අරං එන්නේ මම.වැඩිය ඕන නැහැ ඉක්මනටම කතාවට බහිමු.මොකද දැන් වෙලාව පාන්දර 12.13 යි…
ගිය කොටසේ සිදුවීම් මතක ඇතිනේ.ගිය කොටසේ කැසී එයාට තව නංගි කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තා.ඒ වෙන කව්රුත් නෙමේ ඩයනා.ඒ කියන්නේ ඩයනත් බ්ලැක්වෙල්ගේ ළමයෙක්.ඩයනටත් අදුරු මායාව තියෙනවා.ඒ වගේම ගිය කොටසේ ගොඩක් දුරට කලේ පලිගු හොයපු එක.ඒ වගේම අන්තිමට උන දේ දැක්කනේ.චාල්ස් බ්ලැක්වෙල්ව මරන්න ගියත් ඒකෙන් මැරුණේ කැසීගේ ආච්චි ජේන්.බ්ලැක්වෙල් කලින්ම කුප්පි දෙක මාරු කරලා.ඔන්න ඉතින් කලින් කොටසේ කතාව මතක් කළා…
අද කොටස ගැන කියුවොත් අද කොටස නම් කරලා තියෙන්නේ Traitor (ද්‍රෝහියා) කියලා.ඒකට හේතුව මේ කොටස බලද්දී දැකගන්න පුළුවන්.ඒ වගේම අද ඔයාලට කැසීගේ ආච්චි ජේන්ගේ මළ ගෙදරත් තියෙනවා.අදත් ගොඩක් දුරට කට්ටිය කරන්නේ පලිගු හොයන එක.ඒ වගේම අද ඔයාලට විශේෂ දේවල් දෙක තුනක්ම දැනගන්න පුළුවන්.ඒ වගේම අවසානයේදී ඔයාලා නොසිතු කෙනෙක්වත් දකින්න හම්බෙනවා.ඔන්න වැඩියත් එක්ක කියුවා…
එහෙනම් ඉතින් Sub එක බාගෙන යද්දී Comment එකකුත් දාගෙනම යන්න.එහෙනම් මම ඊලග කොටස් දෙකත් පුළුවන් ඉක්මනින් අරගෙන එනවා කියන පොරොන්දුව පිට අදට යනවා.එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු…එතෙක් ඔබට ජය!!!
suppa thanks for the sub bro…..
සබට තුති කවියා?
ඉක්මනින්ම ඊලග එපියත් ගේමු?
වැඩේ සුපිරි
elama mcn…thanx…