The Secret Circle [S01 : E22] Sinhala Subtitle
ඔන්න ඉතිං අද The Secret Circle කතා මාලාවේ අවසන් කොටස ගෙනාවා.පොඩි වැඩ වගයක් නිසා ඉතින් පරක්කු උනේ.අද අවසන් කොටස නිසා කියන්න දේවල් වගයක් තියෙනවා.මුලින්ම මේ කතා මාලාව පටන්ගත්තේ හිරු සහෝ උනත් එයාගේ පෞද්ගලික වැඩ වගයක් නිසා කතාව නවත්තන්න උනා.ඒත් මේ කතාවට තියෙන ඉල්ලුම නිසා ගොඩක් අය අපෙන් ඉල්ලීම් කළා මේ කතාවට ආයෙමත් උපසිරැසි දෙන්න කියලා.ඒ වගේම ඇඩ්මින්ලට ෆේස් බුක් එන්නත් බැරි තත්වයක් උදා උනේ.ඒ තරමටම මේ කතාවට ඉල්ලුම තිබ්බා.ඒ නිසාම මේ කතාව අපි කිහිප දෙනක් එකතු වෙලා මේ කතාවේ උපසිරැසි දෙන්න තීරණය කළා.ඉතින් මේ කතාවේ උපසිරැසි කරන්න දායක උන හිරු,මනෝජ් වගේම සමීර සහොටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා…
කතාවේ මුලුට හැරෙමු.කැසීගේ අම්මව කෙනෙක් මරනවා.ඒ නිසා කැසී තීරණය කරනවා චාන්ස් හාබර් වල ඉන්න එයාගේ ආච්චි ජේන් එක්ක ජිවත් වෙන්න.ඒ නිසා කැසී චාන්ස් හාබර් වලට යනවා.ඊට පස්සේ කැසීට අමුතු යාලුවෝ පස් දෙනෙක් හම්බෙනවා.ඇඩම්,ඩයනා,නික්,ෆෙයා වගේම මෙලීසා.ඒ වගේම මෙයාලා අමුතු වැඩ කරන්නේ කියලා දැනගන්නවා.ඒ වගේම මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ කැසී මෙයාලා එක්ක කවයක් විදිහට එකතු වෙනවා.ඊට පස්සේ තමා හොදම දේවල් වෙන්නේ.ඒ වගේම යක්ෂයෙක් නික්ගේ ඇග ඇතුලට ගිය නිසා චාල්ස් නික්ව මරනවා.ඊට පස්සේ කවයට එක් වෙන අලුත්ම සාමාජිකයා තමා ජේක්.ඒ නික්ගේ මල්ලි වගේ ෆෙයාගේ කලින් කොල්ලා.ඊට පස්සේ කතාව ත්‍රාසය වගේම කුතුහලය නංවමින් ඉදිරියට යනවා.ඒ වගේම ඊට පස්සේ කැසීගේ අරමුණක් වෙනවා එයාගේ තාත්තා වන ජෝන් බ්ලැක්වෙල්ව හොයාගන්න එක.ඒ වගේම කැසී හොයාගන්නවා.ජෝන් ඒ වගේම උදවු කරනවා මෙයාලට දඩයක්කාරයෝ එක්ක සටන් කරන්න.ඒ වගේම ඒබන් කියන දඩයක්කාර නායකයාව නවත්තන්න.ඒකට මේ පවුලේ හත් දෙනාගේ පවුල් වල පලිගු ඕනේ.ඔය වගේ කතාව එපිසෝඩ් ගානක් දිගට ඇදීගෙන යනවා…
කලින් කොටසේ ඔයාලට මතක ඇතිනේ.කැසී වගේම ඩයනා බ්ලැක්වෙල් ගැන ඇත්ත හොයාගත්තා.ඒ වගේම ඩයනා දැනගත්තා කැසීගේ අම්මා මරලා තියෙන්නේ එයාගේ තාත්තා කියලා.ඒ වගේම කානිවල් එකේ දැකපු නික් ඒ විදිහටම ආවා පලිගුව අරන් යන්න.මොකද නික් තවදුරටත් කලින් හිටපු නික් නෙමේ.එයාව ජිවත් කරලා තියෙන්නේ එයාගේ ඇගේ ඉන්න යක්ෂයා.ඒ යක්ෂයා ආය ගන්න නම් නික්ට පලිගුව ඒබන්ට දෙන්න වෙනවා.ඒ සටනේදී මෙලීසට නික්ව මරන්න වෙනවා.ඒ වගේම ෆෙයාව ඒබන් පැහැරගෙන යනවා.ඔය ටික තමා කෙටියෙන් ගිය කොටසේ උනේ…
අද කොටසින් පොඩි දේවල් ටිකක් කියන්නම්.අද කොටස නම් කරලා තියෙන්නේ Family (පවුල) කියලා.ඒ ඇයි කියලා තේරෙයි කතාව බලද්දී.දැනගත්තු විදිහට ජෝන් බ්ලැක්වෙල් කියන්නේ හොද කෙනෙක් නෙමේ.ඇත්තටම බ්ලැක්වෙල්ට ඕන පලිගු හය එකතු කරලා හිස් කබල හදන්නද?ඒකෙන් දඩයක්කාරයෝ විනාශ කරන්නද?නැත්තම් බ්ලැක්වෙල් ආපහු කරන්න යන්නේ එයා අවුරදු දාසයකට කලින් කරපු දේද?ඒ වගේම ෆෙයා බේරෙයිද?අපේ කතාවේ වීරයෝ ටිකට මොනාවෙයිද?ඇත්තටම කතාවේ අවසානය මොන වගේ වෙයිද?ඒ ටික ඔයාලට කතාව බලලම දැනගන්න පුළුවන්…
මේ කතාව CW ආයතනය විසින් Cancle කරපු කතාමාලාවක්.ඒ කියන්නේ මේ කතාවේ Season 2 එකක් නැහැ.ඒත් මේ කතාවේ Season 2 වෙන ආයතනයක් හරහා ඉදිරියේදී එන්න පුළුවන් කියලා අන්තර්ජාලයේ සදහන් වෙනවා.මම නම් මේ ගැන හරියටම කියන්න දන්නේ නැහැ.ඉතින් මම The Secret Circle කතා මාලාවේ අවසානය මේ විදිහට අනිටුවහන් කරනවා.ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලදගත් කතාවක් මේක.ඒ වගේම මේ කතාව Season 1 එකෙන් අවසන් වෙන්නේ නැහැ කියලා අවසන් කොටසෙන් ඉගියක් දෙනවා.ඒ වගේම මේ කතා මාලාව එක්ක මෙතෙක් කල් රැදී හිටපු හැමෝටම ස්තුතියි.අවසන් කොටස නිසා හැමෝගෙන්ම කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා.ඉතින් අහෙනම් ආයෙත් මේ වගේම කතා මාලාවකින් හමුවෙමු.ඔබට සුබ දවසක්.මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!!!
…කවී සහෝ බොහොම ස්තූතියි සබ් එකට..
Good luck..???
නියමයි සහෝ..
උපසිරසියට බෝහෝම ස්තුතියි…
ජය වේවා…
එලම බන්…..පුලුවන් නමි වැමිපයර් ඩයරිස් සිසන් 1 එකෙ ඉතුරැ ටිකට සබි දෙමු
Balanna mcn…
කට්ටිය එකතු වෙලා මේ කරපු මේ වැඩේ ගැන ඉතාමත් සතුටු වෙනවා..
හිරු ,මනෝජ් ,කවිශ සහ සමීර එකතු වෙලා මේ කතා මාලාව ඉවර කරපු එක ගැන ඉතාමත් සතුටු වෙනවා..
එල කවියා..
බොහොම සතුටුයි සීරිස් එක ඉවර කරපු එක ගැන. මේ දවස් ටිකේ ගොඩල් මහන්සියෙන් කරේ සබ් එක. ඒක අපි දැක්කා. මග නැවතුනු සීරිස් එක ඉක්මනින්ම ඉවර කරන්න ඕනෙ නිසා. ඒකෙ එක එපියක මමත් කොටස් කරුවෙක් වුන එක ගැන සතුටුයි.
සබට තුති! මනෝජ් සහෝවත් හිරු සහෝවත් ආදරයෙන් මතක් කරනවා! එ දෙන්නටත් තුති!
Elama saho…thanx…
Elama kollo.thnx.
lassanai machooo thawa ekak ikmanata denda jaya sri……….
thx brothers