The Vampire Diaries (2009) [S02 : E19] Sinhala Subtitle

September 22, 2018 Expert Subtitler

ඔන්න අද ගෙනාවා The Vampire Diaries දෙවැනි කතා සමයේ 19 වැනි කොටස. කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ. බෝනිට පුළුවන් ක්ලවුස්ව මරන්න.ඒත් එච්චර ලොකු බලයක් චැනල් කරද්දී බෝනිට දරාගන්න බැරි නිසා එයත් මැරෙනවා. ඒ බව ක්ලවුස් දැනගන්නවා. අනික දැන් ක්ලවුස් ඉන්නේ ඇලරික්ගේ ශරීරයේ. ඒ බව දැනගත්ත ක්ලවුස් බොනී එක්ක සටනට එනවා. ඒත් ඒක ක්ලවුස්ගේ උප්පර වැට්ටියක්. එයා මන්තරෙකින් ආරක්ෂා වෙලා ඉන්නේ.එයාට ඕන බොනී මායාවන් කරලා වෙහෙස වෙලා මැරෙන්න. ඒක තමා ක්ලවුස්ගේ සැලැස්ම උනේ. ක්ලවුස් සැලසුම් කරපු විදිහට ඒ දේ උනා. ඒත් ඇත්තටම බොනී මරුනේ නෑ. බොනී වගේම, ඩේමන් එකතු වෙලා තව සැලැස්මක් ගහලා තිබුනා. ඒත් ක්ලවුස් හිතාගෙන ඉන්නේ බොනී මැරුණා කියලා.ඒ නිසා දැන් ක්ලවුස් තිරයට පිවිසෙන්න යන්නේ. එලේනා, ස්ටෙෆන් වගේම ඩේමන් පවා බොනී ඒ මායාව කරොත් මැරෙනවා කියලා දැනගත්තේ එදා. එලේනා නම් කොහොමටත් කැමති නෑ එයා වෙනුවෙන් බොනී මැරෙනවට. ඒ නිසා අපි දැක්කනේ එලේනා ඩේමන්ට කියනවා අපි වෙන ක්‍රමයක් හොයාගමු කියලා. ඒ අතරේ මැට් දැනගත්තා හැම දෙයක්ම. එයා ඒ දේවල් ශේරිෆ්ටත් කියුවා. කැරොලින් හිතාගෙන ඉන්නේ, එයා මැට්ට බල කරපු නිසා එයාට හැමදේම අමතකයි කියලා.ඒත් එහෙම නෑ.මැට්ට හැමදේම මතකයි. එතනත් ප්‍රශ්ණ ගොඩක්. ක්ලවුස් දැන් කැතරින්වත් හිර කරගෙන ඉන්නේ. ක්ලවුස්ට කැතරින් එක්ක තියෙන්නේ ලොකු තරහක්. ඒවටත් හේතු ඔයාලා දැනගනීවි. කොහොම වෙතත්, අපි කලින් කොටසේ අන්තිමට දැක්කනේ එලේනා ඩේමන්ට කියනවා “බොනීට මම නිසා මැරෙන්න දෙන්න බැහැ. අපි වෙන ක්‍රමයක් හොයාගමු කියලා”. ඉතින් ඒ නිසා එලේනා හොරෙන්ම ගිහිං එලයිජට ඇනලා තියෙන කිනිස්ස ගලවනවා. එලයිජට ආයමත් පණ දෙන්න. ඒක තමා එලේනගේ වෙන ක්‍රමය. ඕක තමා ඉතින් කලින් කොටසේ සාරාංශය.

අද කොටස ටිකක් සුවිශේෂී එකක්. අද ඔයාලට ක්ලවුස්ගේ ඇත්ත ස්වරුපය බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලවුස්ගේ ඉතිහාසයේ විස්තර ටිකක් වගේම ඔරිජිනල්ස්ලා ගැන විස්තර ටිකක් දැනගන්නත් පුළුවන්. ඒ වගේම ක්ලවුස් මේ බිදින්න හදන ශාපේ මොකද්ද කියලත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. මේ කොටස විකාශය වෙලා තියෙන්නේ April 21, 2011 දින. ලබාගෙන තියෙන IMDB අගය 9.0ක් තරම් වෙනවා. ඒ වගේම දෙවැනි කතා සමයේ අවසානයත් අපි හුගක් ලං වෙලා ඉන්නේ දැන්.

විශේෂ දෙයක් කියන්න ඕන. ක්ලවුස් වගේම එලයිජා කතා කරන වචන හුගක් සංකීරණයි. සමහර වෙලාවකට. ඉතින් ඒ සංකීරණ වාක්‍ය මම ඒ විදිහට පරිවර්තනය කරලා දුන්නොත් ඔයාලට තෙරෙනේ නැති වෙනවා. ඉතින් ඒ වගේ හුගක් සංකීරණ තැන් මං සරලා කරලා දුන්නා. ඒ වගේම සමහර තැන නොතේරෙයි කියලා, ඒ සංකීරණ වචන වල තේරුම් යටින් හයිලයිට් කරලා දුන්නා. එහෙනම් ඉතින් මම ගිහිං එන්නම්. නිකංම සබ් එක බාගෙන යන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න ආරත්මාර්ථකාමී නොවී. එහෙනම් ඊලග කොටසෙන් හම්බෙමු. ඔබට ජය!

Klaus

Tension grows between the Salvatore brothers as they disagree on how to protect Elena; the origin of the moonstone curse is revealed; Elena makes a shocking discovery about Klaus’ motives.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (11)
  • chathuni Unregistered
    Windows 7 Chrome 43

    Thank you sooooooooooooo much😀😀❗❗

  • kasun Unregistered
    Windows 7 Waterfox 56

    thanks machooo,,, sub eka enakan maga bala bala hitiye

  • Gayan Unregistered
    Android 8 Chrome 69

    Thanks saho,,,, jaya wewa,,, mekata sub dena eka sahentawatinawa

    • John Snow Unregistered
      Android 6 Chrome 75

      Thanks For Subtitles ❤️

  • RMC Unregistered
    Windows 10 Firefox 62

    thnxx broo

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 69

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Kavindu dinesh Unregistered
    Android 5.1 Chrome 43

    එල බොක්ක…තැන්Q sub එකට.. දිගටම ඔනි

  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 69

    දිගටම සබ් දෙමු. සබට තුති, ජය වෙවා

  • desh Unregistered
    Windows 8.1 Firefox 63

    bohoma pin apita terenna meka balanna dunnata

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝ…

  • Manilka perera Unregistered
    Android 8.1 Chrome 84

    thanks bro sub ekata :thumbsup:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search