ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමකෙනෙක්ටම. අද මේ එන්නෙ දෙවන සීසන් එකේ 6වන කොටසත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ Plan B කියලයි. ලැබී ඇති Imdb අගය 8.8ක් . විකාශය වූ දිනය 2010 ඔක්තෝබර් 21 . පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. ටයිලර් තමන්ගේ පවුලේ ශාපය ගැන විස්තර බොහොමයක් දැනගන්නවා ඒ ශාපයේම ගොදුරක් වුණ මේසන්ගෙන්. මේසන් ටයිලර්ගෙන් අහනවා තමන්ගෙ පවුල සතුව තිබෙන චන්ද්‍රපාෂාණයක් ගැන. කැරොලින්ටනම් කාලෙකට පස්සෙ තමන්ගෙ මව වන ෂෙරීෆ් ෆෝබ්ස් සමග දිනයක් ගත කරන්න ලැබුනා, ඒ උත්සවවලින්ම පිරුණ මිස්ටික්ෆෝල්ස්වල විනෝද උයනක් විවෘතකිරීමේ උත්සවයකදි. කැතරින්ගේ තර්ජණය නිසා එලේනා සහ ස්ටෙෆන් හැසිරෙන්නෙ තමන් එකිනෙකා හා අමනාප ගාණටයි. උත්සවය වෙලාවෙදි ස්ටෙෆන් උත්සාහ කලා ඩේමන් සහ මේසන් අතර වුණ ගැටුම සමථයකට පත්කරගන්න, ඒ පොඩි තර්ජණයකුත් එක්ක. ගැටුම අත්හරින බවට පොරොන්දු වුණ මේසන් අන්තිමේ කලේ ෂෙරීෆ් ෆෝබ්ස්ට ඩේමන් සහ ස්ටෙෆන් වැම්පයරයන් බව ඔප්පු කරල පෙන්වපු එක. උපායකින් ස්ටෙෆන්ව සහ ඩේමන්ව කැලය ඇතුලට ඇදගන්න ෂෙරීෆ් ෆොබ්ස් ලී උණ්ඩවලින් ඔවුන්ට වෙඩි තබා මරන්න හැදුවත් කැරොලින්ගේ සහ එලේනගෙ මැදිහත් වීමෙන් ඒ දෙන්නගෙ ජීවිතය ගැලවුනා. එතනදි ෆෝබ්ස් දැනගත්ත තමන්ගේ දුවත් වැම්පයරයෙක් බව. කතාවෙ අවසානෙට ඔයගොල්ලෝ දැක්කනෙ මේසන් චන්ද්‍ර පාෂාණය හොයන්නෙ කාගෙ ඉල්ලීමටද කියල... අද එතැන් සිට.. එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසින්..




Windows 7Firefox 59
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
Android 5.1Opera 37
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Windows 10Chrome 65
thank u saho sub ekt.diagtama demu.jaya wewa!
Windows 10Chrome 65
thanks machoo.. digatama karamu. elama. 👍👍👍
Android 7.1Chrome 66
බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!
Android 8.1UC Browser 12.5
JAthi bro😘