ඔන්න එහෙනම් ගෙනාවා The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ අන්තිම කොටස. හැමෝම නොයිවසිල්ලෙන් හිටියේ කියලා මම දන්නවා. අපි පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටසේ උන දේවල්. මතක ඇතිනේ ටයිලර් වුර්කයෙක් වෙලා මැටුයි කරෝලින්ගේ පස්සෙනුයි ආවා. එතැනදී මැට් ටයිලර්ට වෙඩි තිබ්බා. ඒක නම් එච්චරම ප්‍රශ්ණයක් උනේ නැහැ. ඒත් එක්කම දැන් ක්ලවුස් ශාපය බිදින්න හදන්නේ. එයා ඩේමන්ට දෙන දඩුවමක් විදිහට එයාගේ වැම්පයර් විදිහට පාවිච්චි කරන්නේ ජෙනාව. එතකොට වෙයාවුල්ෆ් විදිහට පාවිච්චි කරන්නේ ජුල්ස්ව. ජෙනාට මැරෙන්න දෙන්න බැරි හින්දා ස්ටෙෆනුයි, එලයිජයි, බෝනියි එකතු වෙලා සැලැස්මක් හදනවා. ඒ තමා ජෙනාගේ තැන ස්ටෙෆන් ගන්න. ස්ටෙෆන් ක්ලවුස් ලගට ගිහිං කියුවත් ජෙනා වෙනුවට එයාව ගන්න කියලා ක්ලවුස් ඒක ඇහුවේ නැහැ. ඒ වගේම ක්ලවුස් එතැනදී කියුවා ස්ටෙෆන් ගැන වෙනස් විදිහේ සැලැස්මක් තියෙනවා කියලා. කොහොම හරි දැන් ප්‍රශ්නේ උනේ එලේනගේ ඇගේ වැම්පයර් ලේ තියෙන නිසා එලේනා ආපහු ජීවිතේට එන්නේ වැම්පයර් කෙනෙක් විදිහට. ඒක වෙන්න දෙන්න බෑ. ඒකට විසදුමක් හොයලා දෙනවා ජෝන්. ජොනතන් ගිල්බට්ගේ ජර්නලයෙන්. ඒක මායාවක්. ඒ මායාවට ප්‍රාණවත් කෙනෙක් බන්දනය කරන්න ඕන. හැබැයි අනිත් කෙනා ජිවිතයට ආවම බන්දනය උන කෙනා මැරෙනවා. ජෝන් තීරණය කරා බන්දනය වෙන්න. ජෝන් ලග තියෙන මුද්ද නිසා එයාට ආපහු මරණයෙන් එන්න පුළුවන්. ඒත් එයා පරපු වරදවල් ගැන පසුතැවෙන හින්දද මංදා එයා මුද්ද ගලවලා දැම්මා. එයාට තව දුරටත් ජිවත් වෙන්න ඕන නෑ කියනවා වගේ. ඒ වගේම ජෝන් එලේනට ලියුමකුත් ලියලා තිබ්බා. ඒකට නම් ටිකක් දුක හිතෙනවා. කොහොමින් කොහොම හරි ක්ලවුස් ශාපය බින්දා. ජෙනා වගේම ජුල්ස් මැරුණා. ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් බවට පත් උනා. කට්ටිය කතා උන විදිහට අන්තිමට බෝනි ගිහිං මන්තරය මැතිරුවා. අන්තිමේට එතනට එලයිජා ආවා ක්ලවුස්ව මරණ්න. ඒත් ක්ලවුස් කියුවා එයාගේ පවුලේ අයගේ ශරීර තාමත් තියෙනවා කියලා.ඒ වගේම එලයිජව එතනට එක්කන් යන්නම් කියලා. ඒ නිසා එලයිජා ක්ලවුස්ව අරං එතනින් පැනලා ගියා. ක්ලවුස්ව මැරුවේ නැහැ. ඒ වගේම ඩේමන්ව් වෙයාවුල්ෆ් හපාකෑමකට ලක් වෙලා තියෙන්නේ. අන්තිමේට ඩේමන් ඒ ගැන කියනවා ස්ටෙෆන්ට. ඕක තමා කලින් කොටසේ සාරාංශය.
අද කොටසේ තමා ඉතුරු හරිය ඔක්කොම තියෙන්නේ. වෙයාවුල්ෆ් හපාකෑමට ලක් උනා ඩේමන් මැරෙයිද? නැත්තම් බෙහෙතක් හොයාගනීද? ක්ලවුස් කියුවා මතක ඇතිනේ ස්ටෙෆන් ගැන වෙනම සැලැස්මක් තියෙනවා කියලා. ඒ සැලැස්මවල් මොනාද? එතකොට ක්ලවුස් උන පොරොන්දුව එලයිජට ඉටු කරයිද? කැතරින්ට මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඒ වගේම ෂෙරිෆ් මොන වගේ තීරණයක් ගනීද කැරොලයින් ගැන? මේ ඔක්කොම දේවල් වලට අද කොටසකින්, ඒ කියන්නේ අවසාන කොටසින් උත්තර දැනගන්න පුළුවන්. අද කොටස විකාශය වෙලා තියෙන්නේ May 12, 2011 දින As I Lay Dying නමින්. ලබා ගෙන තියෙන IMDB අගය 9.1ක් තරම් වෙනවා.
එහෙනම් තුන්වෙනි සමය ඉක්මනට ගේන්න බැරි උනත් කොහොමහරි ගේන්න උත්සහා කරනවා. මොකද වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලට මේ කතා මාලාව අරගෙන එන්නේ. අනික උපසිරැසිය උපරිම ගුණත්වයෙන් තියෙන්නේ ඕන නිසා උපසිරැසිය නිර්මාණය කරද්දී ටික කාලයක් ගත වෙනවා. එහෙනම් මම යනවා. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සාමය මේ ආකාරයට නිමා කරනවා. එහෙනම් මම ගිහිං එන්නම්. තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!
As I Lay Dying
Stefan’s attempt at preventing a tragedy leads to him paying a terrible personal price; Sheriff Forbes makes a fatal mistake; consequences of the sacrificial ritual threaten lives.
උපසිරසියට ස්තුතියි සහෝ…
Thanks for this
Thanks bro 👍
jaya wewaa.. thankzzz
thanks bro sub ekata :thumbsup: