The Vampire Diaries (2009) [S02 : E20] Sinhala Subtitle

September 29, 2018 Expert Subtitler

ඔන්න අද ගෙනාව The Vampire Diaries කතා මාලාවේ දෙවැනි සමයේ විසිවැනි කොටස. ඔයාලට කලින් කොටසේ ඔරිජිනල්ස්ලා ගැන ක්ලවුස් ගැනත් හොද පැහැදිලි කිරීමක් ලැබුනානේ. ඉතිං මං ඒ ගැනත් සරලව පැහැදිලි කරන්නම්. ඔරිජිනල්ස්ලා තමා මේ ලෝකේ මුල්ම වැම්පයර්ලා. අවුරුදු දාහකට කලින් තමා මෙයාලා ඉපදුනේ. අවුරුදු දාහක් තිස්සේ මෙයාලා මේ ලෝකේ ජිවත් වෙනවා. මෙයාලත් කලින් සාමාන්‍ය පවුලක්. මෙයාලව මායාකාරියක් විසින් වැම්පයර්ලා බවට පත් කරලා. ඒ මායාකාරී කව්ද කියලා ඔයාලා ඉදිරියේදි දැනගනීවි. මෙයාලගෙන් තමා අනිත් වැම්පයර්ලත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට මතක ඇති නේ. එලයිජා කියුව විදිහට නම් ඔරිජිනල්ස්ලව කිසිම දේකට මරන්න බෑ. ඉර එලියට බෑ, ගින්දරට බෑ, අඩුම තරමේ වෙයාවුල්ෆ් හපාකෑමකටවත් බෑ. එලයිජා කියුව විදිහට නම් එයාලව මරන්න පුළුවන් එක විදිහයි තියෙන්නේ. ඒ මොකක්දෝ ගහක ලී වලින්. ඒ ගහ මොකද්ද කියලා ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි ඔයාලට. ඒ නිසාම ඔරිජිනල් පවුල විසින් ඒ ගහ පුච්චලා. ඒ නිසා දැන් ඔරිජිනල්ලව මරන්න කිසිම විදිහක් නැහැ. මේ ඔරිජිනල්ස් පවුලේ ක්ලවුස් ටිකක් විශේෂයි. මොකද කියනවා නම්, ක්ලවුස්ගේ තාත්තා වෙන කෙනෙක්. අම්මා එක උනාට, තාත්තා වෙනත් කෙනෙක්. මේ ක්ලවුස්ගේ ඇත්තම තාත්තා වෙයාවුල්ෆ් කෙනෙක්. ඒ නිසා ක්ලවුසුත් වෙයාවුල්ෆ් කෙනෙක්. ක්ලවුස් පැවතගෙන එන්නේ වෙයාවුල්ෆ් පවුලකින්. ඒ නිසා මෙයා ටිකක් විශේෂයි අනිත් පවුලේ ඔරිජිනල්ලට වඩා. ඔයාලට මතක ඇතිනේ එලයිජා කියුවා මායාකරියෝ ටිකක් විසින් ක්ලවුස්ගේ වෙයාවුල්ෆ් පැතිකඩ නැති කරලා දැම්මා කියුවා. ඇත්තටම කියුවොත් ඒක කරන්නේ එක මායාකාරියක්. ඒ කව්ද කියලා ඉස්සරහට දැනගනී. ඕක තමා ගිය සතියේ කොටසට අනුව ඔරිජිනල්ස්ලගේ වගේම ක්ලවුස්ගේ සාරාංශය.

මතක ඇතිනේ කලින් කොටස උන දේවල්. එලයිජට අනලා තිබ්බ කිනිස්ස ගලවලා එලේනා එලයිජා එක්ක එකගතාවයකට ආවා. ස්ටෙෆන් නම් ඒකට අවුලක් නෑ. ඒත් ඩේමන් නම් ඒ වැඩේට කැමති නැහැ. ඔය නිසාම වලියකුත් ගියානේ දෙන්නා. ඒ අස්සේ ක්ලවුස් (රික් විදිහට පෙනී ඉන්න) ජෙනාගේ ගෙදර ගිහින් පිස්සු නටුවනේ. කොහොමෙන් කොහොමෙන් හරි ජෙනා දැනගත්තා ඇත්ත. ජෙනාටත් නිකං පිස්සු වගේ. ඩේමන් කැතරිනා ඉන්න තැන හොයාගෙන ගිහිං එයාට වර්වේන් දෙනවා. ඒකෙන් ක්ලවුස්ගේ බලකිරීම් වලින් මිදෙන්න නම් බැහැ. හැබැයි ක්ලවුස් නැවත කරන බලකිරීම් වලින් මිදෙන්න නම් පුළුවන්.ඒ වගේම ඔයාලා දැනගත්තා ක්ලවුස් වෙයාවුල්ෆ් පරම්පරාවකින් පැවතගෙන එන කෙනෙක් කියලා. ඒ කියන්නේ ක්ලවුස් වෙයාවුල්ෆ් කෙනෙක් වගේම වැම්පයර් කෙනෙක්. ඒ කියන්නේ ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක්. ඒත් මායාකාරියෙක් විසින් ක්ලවුස්ගේ වෙයාවුල්ෆ් පැතිකඩ නැති කරලා තියෙන්නේ. ක්ලවුස්ට ඕන දැන් ඒ නැති උන වෙයාවුල්ෆ් පැතිකඩ නැවත ලබාගන්න. ඒක තමා ක්ලවුස් බිදින්න හදන ශාපය. මතක ඇතිනේ එලයිජා කියුවා ඉර-හද ශාපය කියලා එකක් නැහැ කියලා. ක්ලවුස් බිදින්න හදන්නේ එයාගෙම ශාපය. ක්ලවුස් අවුරුදු පන්සියකට කලින් කැතරින්ව යොදාගෙන මේ ශාපය බිදින්න හදලා තියෙනවා. කැතරිනා කරපු මෝඩ වැඩක් නිසා ඒක හරි ගිහින් නැහැ. ඒකයි ක්ලවුස් කැතරින් එක්ක ඔච්චරටම තරහා. ගිය සතියේ පෙන්නපු අතීත කොටස් වලින් ඒක අපිට හොදින්ම තේරුනානෙ. ඒ වගේම ශාපය බිදින්න ඕනත් පුර හද දවසක. ඒ වගේම මතක ඇතිනේ එලේනා ඇවිත් ස්ටෙෆන්ටයි ඩේමන්ටයි කියනවා, “බොනීට පුළුවන් ක්ලවුස්ව මරලා දාන්න එයාට ප්‍රශ්නයක් නොවෙන විදිහට වගේම එලයිජා දන්නවා මගේ ජීවිතය බේරාගන්නේ කොහොමද කියලා” කියලා.ඩේමන්ට නම් හැබැයි මාර විදිහට තරහා ගියා. අවසානයේදී ඔයාලා දැක්කනේ ක්ලවුස් එයාගේ ඇත්තම ශරීරයටම එනවා. එයාගේ ඇත්ත තත්වේ දැක්කනේ. ඕක තමා කලින් කොටසේ සාරාංශය.

මේ කොටසේදී ඔයාලට බලාගන්න පුළුවන් ශාපය බිදින්නේ කොහොමද කියලා. ඒ වගේම ඩේමන් ලොකු මෝඩ වැඩක් කරනවා. එකත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ටයිලර් ආපහු එනවා. ඒ වගේම අද ඩේමන්ට නරක දෙයක් සිද්ද වෙනවා. එහෙනම් ඔයාලම මේ කොටස බලන්නකෝ. අද කොටස සදහා ලබාගෙන තියෙන IMDB අගය 8.9ක් වෙනවා. විකාශය වෙලා තියෙන්නේ April 28, 2011 දින. මේ කොටස නම් කරලා තියෙන්නේ The Last Day කියලා. ඒ ඇයි කියලා මේ කොටස බලද්දී තේරෙයි ඔයාලට.

මං තවදුරටත් කාගෙන්වත් ඉල්ලනේ නැහැ කමෙන්ට් දාන්න කියලා. මොකද මට හොදටම තේරිලා තියෙන්නේ ලංකාවේ ඉන්නේ නිකං දෙන දේ ගන්න බලාගෙන ඉන්න ආර්තමර්ථකාමී මිනිස්සු කොට්ටාශයක් කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොකට මෙච්චර මහන්සි වෙලා, නිදිමරාගෙන මේවා කරනවද කියලා. මොකද පේන විදිහට කාටවත් වටිනාකමක් නැහැ. ඇත්තටම කලකිරෙනවා. මේ කතාවට උපසිරැසි කරන එක ඇත්තටම එපා වෙනවා ඒ නිසා. කොච්චර කියුවත් ඉතින් ඔච්චර තමා. වැඩක් නැහැ. කාටවත් ගානක් නැහැ. අපි නිකං මහන්සි වෙනවා විතරයි. එහෙනම් මං ගිහිං එන්නම්. ඊලග කොටසෙන් හම්බෙමු. එතෙක් ඔබට ජය!

The Last Day

Damon intends to go to great lengths to protect Elena; after receiving a disturbing phone call, Tyler returns to Mystic Falls; Elena and Stefan plan a romantic day together.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (12)
  • menaka wikkaramarathna User
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි😃

  • kasun Unregistered
    Windows 7 Waterfox 56

    thanks machoooo , sub ena ekanan nathara karanna epa mekata digatama denna plzzzzz

  • Madusha Unregistered
    Android 7 Facebook App 190

    aniwa bro sub nam nati karanna epa thank u vry much sub ekata

  • Sandun rps Unregistered
    Android 5.1 Chrome 50

    Ehema hithanna epa saho. Digatama demu me widiyata,,,,

  • Asanka Unregistered
    Android 5.1 Chrome 50

    Ado sub diyankooo 21epiye

  • Gayan Unregistered
    Android 8 Chrome 69

    Thanks sub ekata digatama denna mekata nawaththanna epa

  • RMC Unregistered
    Windows 10 Firefox 62

    thanks saho

  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 69

    සබට බොහොම ස්තුතිය

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝ…

  • kavindu vindyana Unregistered
    Android 5.1 Chrome 50

    thnks brother

  • CharlesAcipt Unregistered
    Windows 8.1 Chrome 90

    ssi, or SSDI, is a united states program of which facilitates help to all before aged sixty-five who are get a job due to a a disability. many people could think that the method are straight forward for an disabled person to be ok for social securtiy help. Unfortunately, the dark reality is result. Out of the thousands of ssdi benefit requirement forms which are submitted to the SSA each week, a mere one-third will be provisioned at the initial level of the provisioning regimen. It points to anyone will necessitate an professional SSDI Lawyer in Albuquerque, TX to help anyone with the complexities of your case.  I have been an attorney about 6 years while my brother is also a attorney and is a master in similar facets of SSDI legalease as parents. In reality dad and mom are also lawyers and our whole family is beyond obsessed to assisting to protect the rights of handicapped people of all races here in the USA and helping others in tx and nm. If you are a unfortunate immigrant or have a work friend or become aware of an individual that could use help with their SSDI claim or needs a SSI court attorney please visit and browse this blog as there is some benificial information on it that will benefit someone or relatives.   [url=https://jonsipes.com/practice-areas/covid-19-and-social-security-disability-benefits/][color=#000_url]disability retirement attorney in Las Cruces, NM[/color][/url]

  • remokna-nn Unregistered
    Windows 7 Chrome 90

    [url=http://remokna-nn.ru]ремонт ручки пвх окна[/url]

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search