The Vampire Diaries (2009) [S01 : E12 ] Sinhala Subtitle

January 17, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හැමදෙනෙක්ටම. මේ අද අරගෙන එන්නෙ වැම්පයර් ඩයරීස්හි පළමු සීසන් එකේ 12වන කොටස. මේ කොටස නමින් Unpleasantville. විකාශය වූ දිනය 2010 ජනවාරි 28. මෙම කොටස ලබා ඇති Imdb අගය 8.5ක්. ගිය කොටස පොඩ්ඩක් මතක් කලොත් මෙන්න මෙහෙමයි…
තමන් පැදවූ වාහනය පෙරලී යාමෙන් අනතුරට පත්වූ එලේනාව බේරාගන්නවා
ඩේමන් විසින්. එතනදි එලේනාට ක්ලාන්තයක් සෑදීමෙන් පසු, නැවත සිහිය එනවිට එලේනා
ඉන්නෙ ඩේමන් එක්ක වාහනයක, හැබැයි නුපුරුදු පැත්තක, ඒ තමයි ජෝර්ජියාවෙ. ඩේමන් ඒ ගියේ ඔහුගේ පැරණි මිතුරියක වගේම මන්ත්‍රකාරියකත් වන බ්‍රී ව හම්බවෙන්න. මේ ගමනෙ අදහස කැතරින් සිරවී සිටින සොහොන්ගැබ විවෘතකරගැනීමට ඇයගේ උදවු ලබාගන්න. මේ අතරේ එලේනා ඩේමන් සමග බව දැනගන්න ස්ටෙෆන් බොනීගෙන් උදවු ඉල්ලනවා ඇය ඉන්න තැනක් දැනගන්න. නමුත් ඒක සාර්ථක වෙන්නෙ නෑ බොනීගේ චිත්ත ශක්තිය නැතිවගොස් තිබීම නිසා. ඔය අතරෙ අලාරික් විසින් බාරදුන්න නිබන්ධනය සඳහා මිස්ටික් ෆෝල්ස් ගැන කරුණු හොයන්න යන ජෙරමිට අලුත් ගැහැණු ලමයෙක් මුණගැහෙනවා, ඇය තමයි ඇනා. ඇය මිස්ටික්ෆෝල්ස් හා සබැඳි වැම්පයර පුරාවෘත්තයන් ගැන ජෙරමිට පවසමින් මේ නිබන්ධනයට කරුණු සෙවීමට ජෙරමිට උදවු වෙනවා. ඔය අතරේ ඩේමනුත් එක්ක කාලය ගතකරන එලේනා තුල ඩේමන් ගැන යම් විදියක පැහැදීමකුත් ඇතිවෙනවා. කෙසේවෙතත් බ්‍රීගේ කුමන්ත්‍රණයක් නිසා ඩේමන් තවත් වැම්පයරයෙකුගේ පහදීමකට ලක් වෙනවා, ඒ තමයි ඩේමන් විසින් මරාදැමූ ලෙක්සිගෙ පෙම්වතා. කොහොම නමුත් එලේනාගේ මැදිහත්වීම මත ඩේමන් ගේ ජීවිතය ගැලවෙනවා. එලේනා සහ ඩේමන් නැවතත් මිස්ටික්ෆෝල්ස් බලා එනවා. එතනදී තමන් සහ කැතරින්ගේ සමානකම ගැන ස්ටෙෆන්ගෙන් ප්‍රශ්ණ කරන එලේනාට දැනගන්න ලැබෙනවා ඇය ගිල්බර්ට් පවුල විසින් හදාගන්න ගත්ත ලමයෙක් බව. ජෝර්ජියා ගමනෙදිත් කරදරේකට මුහුණ දුන්න ඩේමන්ගෙ කරදර එතනින් අවසන් නෑ, තම බිරිඳව මරාදැමූ ඩේමන්ගෙන් පළිගන්න තව කෙනෙක් බලාගෙන ඉන්නවා, ඒ තමයි මිස්ටික්ෆෝල්ස් පාසලේ ඉතිහාස ගුරුවරයා අලාරික් සෝල්ට්ස්මන්. ඔන්න ඔහොමයි 11වන කොටසෙ අවසානය… අද එතැන් සිට… එහෙනම් මම ගිහින් එන්නම් ඊලඟ කොටසින් හමුවෙමු.

විශේෂයි :-
* තීම් පාටි (Theme Party) :-
යම් තේමාවක් මුල්කරගෙන සංවිධානය කෙරෙන සාදවලට තමයි තීම් පාටි කියන්නෙ .සාදයට පැමිණෙන්නන්ටත් ඒ අදාළ තේමාව මුල්කරගෙන තමයි තමන්ගේ ඇඳුම් පැළඳුම් , කොණ්ඩ විලාසිතා ආදිය සකස් කරගන්නට වෙන්නේ .උදාහරණයක් විදියට මේ කොටසේදී ඔබ දකින සාදය 1950 දශකය තේමා කරගෙනයි පැවැත්වෙන්නේ. මේකෙදි 1950 යුගයේ ජනප්‍රියව පැවති ඇඳුම් පැළඳුම්, කොණ්ඩා විලාසිතා, සංගිතය ඇතුළු තවත් බොහෝ දේ දකින්න අහන්න පුළුවන්.

* මැකාතිවාදය :-
මේකත් 1950 කාලයේ සිදුවීමක්. මෙය සැලකෙන්නේ එක්සත් ජනපද ඉතිහාසයේ ලැජ්ජා සහගතම සිදුවීම්වලින් එකක් විදියටයි. මෙය 1950 ගණන්වලදී එවක එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු වූ ජෝෂප් ආර් මැකාතිගේ මූලිකත්වයෙන් ඇතිකල දෙයක්. සරලව කිව්වොත් එකල ඇමරිකාවේ ඇතිවූ ගැටුම් උද්ඝෝෂණ ආදී මෙකීනොකි හැමදෙයක්ම කොමියුනිස්ට්වාදීන් පිට පටවමින් ( ප්‍රධානවම රුසියාවට), ඔවුන්ට රාජ්‍යද්‍රෝහීන් යැයි බොරු චෝදනා කරමින් ඔවුන්ව දඩයම් කිරීම සඳහා ඇතිකල රැල්ල තමයි මේ මැකාතිවාදය විදියට හැඳින්වෙන්නේ. එවක මෙය දැඩිව විවේචනය කල සම්මානලාභී කාටුන් ශිල්පී හර්බට් ලෝරන්ස් බ්ලොක් හෙවත් හර්බ්ලොක් විසින් තමයි මෙයට මැකාතිවාදය යන නම තබා තිබෙන්නේ.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (4)
  • Madushanka Unregistered
    Windows 8 Opera 50

    meke ithuru ewage sub denna nathda

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 58

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search