ආයුබෝවන් අදත් Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ වැම්පයර් ඩයරීස්හි පලමු සීසන් එකේ 11වන කොටස. 2010 වසරේ ජනවාරි 21වන දින විකාශය වූ මේකොටස ලබා ඇති Imdb අගය 8.5ක්. ඒ වගේම මේ කොටස නම් වෙන්නෙ Bloodlines කියලයි. පසුගිය කොටස ටිකක් මතක් කරනවානම්…ලෝගන් වැම්පයරයෙක් විදියට නැවත පැමිණීම ලොකු කරදරයක් වුණා මිස්ටික් ෆෝල්ස්වලට. මේ ගැන ෂෙරීෆ් ෆෝබස් උදවු ඉල්ලනවා ඩේමන්ගෙන්. ලෝගන්ගෙන් ලොකුම කරදරේ තියෙන්නෙ ඩේමන්ට ඔහු ඩේමන්ගෙන් නිතරම අහනවා ඔහු සහ ස්ටෙෆන් ඉර එලියෙන් හානියක් නොවී ඇවිදින්නෙ කොහොමද කියල. ඔය අතරෙ කැරොලිනුත් ලෝගන්ගේ ගොදුරක් බවට පත්වෙන්න ඔන්න මෙන්න තිබියදී ඩේමන් විසින් ඇයව බේරගන්නවා. එතනදී ඩේමන් ලෝගන්ගෙන් දැනගන්නවා කැතරින්ව සොහොන්ගැබෙන් එලියට ගත හැකි තවත් ක්‍රමයක් තිබෙනව බව. ඒ නිසා ඔහු කරන්නෙ ලෝගන්ට බේරී පැනගන්න ඉඩදීම. නමුත් ඩේමන්ගේ අරමුණ ඉටුකරගන්නට පෙර මිස්ටික්ෆෝල්ස් පාසලේ නව ඉතිහාස ගුරු අලාරික් සෝල්ට්ස්මන් අතින් ලෝගන් මියයනවා. ඔය අතරේ ස්ටෙෆන්ගේ නිවසට යන එලේනා දකිනවා කැතරින්ගේ ජායාරූපයක්. එය දුටු වහාම ස්ටෙෆන්ටත් නොකියා නිවසෙන් පිටවන එලේනා අවසානයේඅනතුරකට ලක් වෙනවා….අද එතැන් සිට.. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසින්.
The Vampire Diaries (2009) [S01 : E11 ] Sinhala Subtitle
Thanks machan… ithiri tikath ohomama denna….. Jayawewa…..
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
උපසිරසියට ස්තුතියි සහෝදරයා…
සබට තෑන්ක්ස් බ්‍රෝ!
හසිත ප්‍රසාද් ! ස්තූතියි සහෝදරයා !