කොහොමද අදත් අපේ Subz LK හිතවතුන්ට.වැම්පයර් ඩයරීස් 9 වෙනි කොටසෙන් පස්සෙ 10 වෙන කොටස එනකං නොඉවසිල්ලෙන් හිටි හැමෝටම මෙන්න අද 10 වෙනි කොටස.මේ කොටස නම්වෙන්නෙ The Turning Point (හැරවුම් ලක්ෂය) කියලයි.විකාශය වූ දිනය 2009 වසරේ නොවැම්බර් 19.මේ කොටසට ලැබී ඇති IMDB අගය 8.6ක්. මුලින්ම අපි කෙටියෙන් මතක් කරගමු පසුගිය කොටස...
ජෙරමිගෙ පංතියට අලුතෙන් ඉතිහාසගුරුවරයෙක් එනවා.ඔහු නමින් අලාරික් සෝල්ට්ස්මන්.කොහොමහරි ජෙරමි ඔහුව තම නැන්දා ජෙනාට අඳුන්වා දීමෙන් පසු ඒ දෙන්නා අතර ලොකු හිතවත්කමක් ඇතිවෙනවා.ඔය අතරෙ තම පවුලේ ආදිතමයෙක් වන එමිලි බෙනට්ගේ භූත ආත්මය සිහිනෙන් පෙනී සිටීම නිසා බොනී ඉන්නෙ ලොකු බයකින්.ඒකට හේතුව එකල ඇයට අයත්ව තිබූ අද තමන් අත තිබෙන පලිඟු මාලය කියල තීරණය කරන බොනී ඒක විසිකරල දානව.ඇය කැරොලින්ටත් කියනවා තමන් ඒක විසිකර දැමූ බව.හැබැයි විසි කල මාලය නැවතත් බොනීගේ බෑගය තුල තිබී කැරොලින්ට හමුවන අතර, දෙදෙනා අතර බහින්බස්වීමකුත් ඇතිවෙනවා.ඒ නිසා.කොහොමහරි එලේනායි කැරොලිනුයි බොනී තුන්දෙනා එමිලිව කැඳවන්න තීරණය කරනවා ඇයට සැබෑවටම අවශ්‍ය දේ දැනගන්න.ඒක අවසන් වෙන්නෙ එමිලි බොනීට ආවේශ වීමෙන්.ඒ අතරෙ ඩේමන්ට මේ මාලය අවශ්‍ය හේතුවත් ස්ටෙෆන් ඩේමන්ගෙන් දැනගන්නවා.ඩේමන්ට වුවමනා නැවතත් කැතරින්ව මේ ලෝකෙට ගේන්නයි.අවසානයේදී බොනීට ආවේශවූ එමිලි විසින් ඩේමන්ගෙ ඒ බලාපොරොත්තුව බිඳල දානවා.ඩේමන් බොනීට පහරදෙන අතර ස්ටෙෆන් විසින් බොනීව ඩේමන්ගෙන් බේරගන්නවා.ඔන්න ඔය වගේ සිදුවීම් ටිකකින් පස්සෙ අද 10 වෙනි කොටස.එහෙනම් මං ගිහින් එන්නම්…හමුවෙමු 11 වෙනි කොටසෙන්!!!
Damon and Stefan find they have some competition to deal with; Elena makes a shocking discovery...




Windows 10Chrome 89
මේකෙ ඉතිරී සීසන් හතරෙත් උපසිරැසි ලබාදෙන්න පුළුවන් නම් හොඳයි. ගොඩාක් අය කැමති වෙයි…