The Vampire Diaries (2009) [S01 : E22 ] Sinhala Subtitle
එහෙනම් ආයුබෝවන් වැම්පයර් ඩයරීස් රසිකයන් සියලුම දෙනාට. ඔන්න අද ඔයගොල්ලො හමුවට එන්නෙ පළමු සීසන් එකේ 22වන එහෙමත් නැත්නම් අවසාන කොටස සමගයි. මුලින්ම කියන්න ඕනෙ මම දන්නවා අපේ ඇඩ්මින් මණ්ඩලය විසින් මට මේ සීරීස් එක බාරදෙද්දිත් අපේ ගොඩක් අය මේ පළමු සීසන් එක බලල තිබුණ බව. ලැබුණ සීමිත ප්‍රතිචාර අතරෙනුත් ගොඩක්ම අය ඉල්ලල තිබුණෙ දෙවෙනි සීසන් එකේ ඉඳන් උපසිරැසි දෙන්න කියලයි. ඒ වුණත් පළමු සීසන් එකට උපසිරැසි දීම 8වන කොටසෙන් නැවතිලා තිබුණ නිසා, අපිට අවශ්‍යවුණේ ඒ අඩුවත් සම්පූර්ණ කරල පිළිවෙලකට කතාමාලාවට උපසිරැසි දෙන්නයි. එතකොටනෙ අලුතෙන් බලන අයටත් අසාධාරණයක් නොවී කතාමාලාව බලන්න පුළුවන්. ඉතිං ඕගොල්ලො හැමෝම වගේ බොහොම ඉවසීමෙන් හිටියා පළමු සීසන් එක ඉවරවෙනතුරු. ඒකට මම Subzlk වෙනුවෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අදහස් දක්වපු නොදක්වපු හැමකෙනෙක්ටමත් බොහොම ස්තූතියි.රැඳී ඉන්න කතාමාලාවත් එක්කම, දෙවන කතාසමයත් අරන් ලඟදීම ඕගොල්ලො හමුවට එන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් අපි කතාව පැත්තට..
මේ කොටස නම් වෙන්නෙ Founder’s Day කියලයි. 2010 වසරේ මැයි 13 වන දින විකාශය වූ මේ කොටසට ලැබී ඇති Imdb අගය 9.2ක්. මතකනෙ පසුගිය කොටස..
අලාරික් සෝල්ට්ස්මන්ගෙ බිරිඳ වන ඉසබෙල් ආවා මිස්ටික්ෆෝල්ස්වලට. ඇයගෙ අරමුණ
වුණේ එලේනගෙ මාමා වන ජෝන් ගිල්බර්ට් හරහා ජොනතන් ගිල්බර්ට්ගේ නව නිර්මාණය තමන් සතු කර ගන්න එක. මතකයිනෙ ඒක වැම්පයරයො විනාශ කරන්නම හදපු ආයුධයක් බව. කොහොමහරි ජෝන් හරහා මේක ලබාගන්න බැරි බව වටහාගත්ත ඉසබෙල් ඊලඟට මේ උපකරණෙ ඉල්ලල තර්ජණය කරන්නෙ එලේනට. තැනට සුදුසු නුවණ පාවිච්චි කල එලේනා, බොනී ලවා ඒ උපකරණෙ බල බිඳලයි ඉසබෙල් අතට දෙන්නෙ. කොහොමහරි යමින් ගමන් ඉසබෙල් කියන කතාවක් නිසා ස්ටෙෆන්-ඩේමන් දෙන්න අතරෙ පොඩි ප්‍රශ්ණයකුත් ඇතිවුණා අන්තිමේදි. ඔන්න ඔය විදියටයි ගිය කොටස අවසන් වුණේ..අද එතැන් සිට.. එහෙනම් මම ගිහින් එන්නම් , හමුවෙමු දෙවන කතා සමයෙන්.
2 wen eka ikmanata senna
Deweni eka ikmanata Denna
tnx saho sub ekta.season 2th ikmnatama complete karamu.
thanks mchn,digtma sub tika denna
elama machan s2 ekath karamu
Pattai sahoo deweni season ektath sub denna
ජයවේවා දිගටම sub දෙමු
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
thanks…………………..
උපසිරසියට ස්තුතියි සහෝදරයා…