Vikings (2013) [S05 : E17] Sinhala Subtitle
SubzLK වයිකින්ග්ස් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියලා පටන් ගන්නම් මුලින්ම.? මං දන්නවා අපි හෙන දිගට කොච්චර විස්තර කරලා ලිපි ලිව්වත් ඕක ඉවර වෙනකන් කියවන්නෙ කීයෙන් කී දෙනාද? උපසිරැසියකට කමෙන්ට් එකක් දාලා යන්නෙත් නැති කම්මැලියොනෙ ඉන්නෙ ? ඒක නිසා වැඩිය දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ ? හරි කොහොමහරි මේකයි කතාව, වෙනදා වයිකින්ග්ස් ගේන පසිදු සහෝදරයනම් නෙවෙයි අද වයිකින්ග්ස් අරන් ආවෙ. පසිදු සහෝදරයගෙ පෞද්ගලික කාරණාවක් හේතුවෙන් මෙදා පාර එපිය ඔහුට කරගන්න බැරි වෙනවා කියලා මට භාරගන්න පුලුවන්ද අහපු වෙලාවෙ මමත් හා කියලා කිසි නොපැකිලි වීමකින් තොරව භාරගත්තෙ ඔහු වගේම වයිකින්ග්ස් පිස්සෙක් වෙච්ච නිසයි. කොහොම වුනත් මේ වෙබ් අඩවිය ඇතුලේ මම වැඩිය උපසිරැසි කරණයේ යෙදෙන කෙනෙක් නෙවෙයි. සයිට් එකේ තිරය පිටුපසට වෙලා වෙනමම කොටසක් සිදු කරන කෙනෙක්. අවසන් වරට උපසිරැසියක් කරලා වසරකට වැඩිද මංදා. ඒ කාලේ රනිල් ෆ්‍රී වයිෆයි දෙනකන් බලන් හිටපු කාලෙ. ? අගමැති මාරු උන දවසෙත් උපසිරැසියක් කරන්න බලාපොරොත්තුවෙන් හිටියා,? කොහොමින් කොහොමින් හරි ඒකත් මිස් වුනා.? ඊලග උපසිරැසිය ඊලග ජනාධිපතිවරණෙන් පස්සෙවත් ගේන්න උත්සහා කරන්නම්.? ඒක නිසා උපසිරැසියේ වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන? තව දෙයක් පසිදු සහෝදරයා එක දිගට රැගෙන ආව වයිකින්ග් වාග් මාලාවෙන් පිටතට පැනපු යම් යම් වචනද තිබෙන්නට පුලුවන්. ඒවා නිරාකරණය කරගෙන කතාව නරබන්න ආරාධනා කරනවා සියලුදෙනාටම. ලබන සතියෙ එපිසෝඩ් එක පුරුදු විදියට පසිදු සහෝම ගෙනේවි.
ආ තව දෙයක් කියන්නම ඕන, උපසිරැසි දෙන ප්‍රධාන වෙබ් අඩයි කීපයයිනෙ තියෙන්නෙ ලංකාවෙ, ඒවගෙ උපසිරැසිකරුවන් අමාරුවෙන් වරු ගණන් කාලය කැප කරලා මහන්සියෙන් කරන උපසිරැසි අපේ වෙබ් අඩවි වල පලකරපු ගමන් ඒ ක්ෂණයෙන් අනික් පැත්තෙන් ඒවා ඩවුන්ලෝඩ් කරලා පරිවර්තන අයිතිය වෙනස් කරලා වෙබ් අඩවියේ නම වෙනස් කරලා තමන්ගේ වගේ දාගන්න වෙබ් අඩවි කීපයක්ම බිහිවෙලා තියෙනවා. ඒ වගේ හොර සයිට් වලට වැඩි ආයුෂත් නෑ ඉතින්. කොහොම වුනත් ඒ වගේ එකක් දැක්කොත් ඒ වගෙ හොර ආකරයෙන් පල කරන උපසිරැසි නොගෙන එම මූල්‍යම වාසි තකා කරගෙන යනු ලබන අයතා වෙබ් අඩවි බැහැරකරලා ඔරිජිනල් උපසිරැසිය ලබා දී තිබෙන වෙබ් අඩවියට පැමිණ එය බාගන්න කියලා සියලුම සිනමා ටෙලිකතා ලෝලින්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද මේවා කරලා අවසානයේදි ලැබෙන දෙයක් නොමැති අතර ඩවුන්ලෝඩ් එක්කින් කමෙන්ට් එක්කින් එම මොහොතට ලැබෙන හිතේ සංතුෂ්ටියත් මෙවැනි ක්‍රියා නිසා නැති වෙනවා. උපසිරැසිකරුවන්ට උපසිරැසි කලාවත් එපා වේවි.
මේ සතියෙ කතාව ගැනත් යමක් කියන්නම්,
(***Spoiler Alert***)
මෙදාපාර තීරණාත්මකම සිදුවීම් සිදුවුනේ ඉතා අඩුවෙන්. බියෝන් නම් ඔන්න සැබෑ ආදරයක් හොයාගත්තා. හැබැයි ඕවගෙ යටි අරමුණු තියෙන්න පුලුවන්. වයිකින්ග්ස්ලනෙ? බියෝන් සහා කින්ග් හැරල්ඩ් දෙන්න අයිවර් ව සර්ප්‍රයිස් කරන්න යන්නෙ. ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි බියෝන්ලා කැටගැට් අල්ලගන්න හැටි. ෆ්ලෝකිලාගෙ සෙට් එකෙත් හෙන සිද්ධි ගොඩයි. හැවිට්සර්ක් උත් වෙන ගමනක් යන්න පිටත් වෙනවා. එංගලන්තෙ පැත්තෙත් ලොකු යුද්ධයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි ඉස්සරහට. වැඩි දේවල් කිව්වම කතාවෙ තව මොනවා බලන්නද නේද. ඉතුරු ටික කතාව බලලම රසවිදින්න එහෙනම්.
♪ Up on the overturned keel♪
♪ Clamber with hearts of steel♪
♪ Cold is the ocean’s spray♪
♪ Your death is on its way♪
පිටපත ගැන දෙයක් කියන්න ඕන :-
මං මේ ලබා දීලා තියෙන උපසිරැසිය WEBRip පිටපත් වලට තමා ගැලපෙන්නෙ, ඒත් හැම WEBRip පිටපතකටම ගැළපෙන එකක් නෑ. පුලුවන්නම් මං ලබා දීලා තියෙන පිටපතම ගන්න බලන්න. කතාව පටන් ගන්න කලින් පසුගිය සතියෙ කොටස ගැන ආවර්ජනය කරන කොටස තියෙන පිටපත් වලට මේ උපසිරැසිය ගැලපෙන්නෙ නෑ, ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න.
එහෙනං ජය වේවා! ඔඩින් දෙවි පිහිටයි!
Thanks saho
බොහෝම ස්තූතියි අයියෙ උපසිරැසියට!
ඔයාගෙ ලිපියෙ තියෙනවා වගේම, මමත් මෙච්චර කල් හොරෙංම සබ් එක ඩවුන්ලෝඩ් කරන් ගිය කෙනෙක්. මට කමෙන්ට් එකක් දාලා යන්න හිතුනෙ අයියා ලිපියෙ කියලා තියෙන දේ හින්දමයි. ඔයාලා මේ කරන්නෙ මාරම ලොකු සේවයක්. ජයවේවා!
Thankz Bro..
උපසිරැසියට බොහොම ස්තූති සහෝ. ජය!
තැන්ක්ස් සහෝ පොඩි වැඩකට හිර වුනා මම කිව්ව ගමන් සබ් ඒක බාරගෙන කලාට බොහොම පිං <3
oya kiyana widiye site ekak math me lagadi dakka. katha wada bro ewa. man danna ekektawath ewata yanna kyan na na. hodama de e site wala nam nokiya prasidda nokara wala pallata yanna dena eka.
anyway sub ekata thanks bro!
Thnks bn bokka.. watinawa
අම්මේ තැන්ක්ස් වේවා…
elakiri saho
එලහ්……..👍