13 Reasons Why [S01 : E01] Sinhala Subtitle

April 24, 2017 Expert Subtitler

Tape 1, Side A

ඔන්න අද මේ ගෙනාවේ කට්ටිය සැහෙන්න ඇඩ්මින්ලට වගේම උපසිරැසිකරුවන්ට වද දීලා ඉල්ලන ටීවී සීරිස් එකක්.ඇත්තටම මම ඔයාලට මේකේ ගේන්නේ පලවෙනි කොටස විතරයි.මේකේ ඉතුරු කොටස් ඔයාලට ගේන්නේ හසිත සහෝ.මං මේ සීරිස් එක ගැන හසිත සහෝට කියද්දී බෑ නොකියා මේ කතා මාලාව බාරගත්තු එකට මං හසිත සහෝට ස්තූති කරනවා.ඒ වගේම සමහර විට මම තව එපිසෝඩ් කිහිපයක් කරන්න ඉඩ තියෙනවා…

කතාව ගැන පොඩ්ඩක් හදුන්වලා දෙන්නම්.මේක Netflix Network එකේ කතා මාලාවක්.මේ කතා මාලාව හදලා තියෙන්නේ Jay Asher විසින් ලයපු Thirteen Reasons Why කියන 2007 වර්ෂයේ නිකුත් වුන පොතක් මුල් කරගෙන.ඒ වගේම Fact එකක් තියෙනවා කතා මාලාව කරන්න කලින් නිෂ්පාදකවරු ෆිල්ම් එකක් කරන්න හිටියත් පස්සේ ආයෙමත් 13 Reasons Why කතා මාලාව නිෂ්පාදනය කළා කියලා.ඒ වගේම ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායකත්වය දෙනවා Dylan Minnette, Katherine Langford, Brandon Flynn හා Giorgia Whigham යන නළු නිළියන් පිරිස.මුලදී කතා මාලාව ඉතා විශාල IMDB අගයක් ලබාගත්තත් මේ වන විට 8.9 දක්වා IMDB අගය පහළ ගොස් තියෙනවා.ඒ වගේම ලබා ගෙන තියෙන Rotten Tomatoes අගය 91% හා ලබාගෙන තියෙන Metacritic අගය 71% ක්…

දැන් කතාව පැත්තට හැරෙමු.13 Reasons Why කියද්දීම තේරෙනවනේ ඔයාලට මේ කියන්නේ හේතු 13ක් ගැන කියලා.ඔයාලා කැමතිද ඉස්සර කාලේ තිබ්බ කැසට් ටේප් අහන්න?අද ඉදන් කැමති වෙයි.හැනා බේකර් කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක්.සාමාන්‍ය කියුවට සාමාන්‍යම නැහැ.පොඩ්ඩක් විසේ කාරයි.මේ හැනාට යාලුවෙක් ඉන්නවා ක්ලේ කියලා.දෙන්නා ටිකක් ලගින් අශ්‍රය කරනවා.දවසක් පටියකදී හැනාට කොල්ලෙක් හම්බෙනවා.නමින් ඌ ජස්ටින්.ඌ කියුවේ කතාව බැලුවම මට ඌ ගැන තරහක් ඇති උන නිසා.ඒ එයාගේ හොදම යාළුවගේ කොල්ලා.කොහොම හරි හැනා සෙට් වෙනවා ජස්ටින්ට.පස්සේ ඔහොම ඉන්නකොට හැනාගේ නිරුවත් බව පේන ෆොටෝ කිහිපයක් ජස්ටින් ලීක් කරනවා.ඒ කොහොමින් කොහොම හරි හැනා මැරෙනවා.කව්රුත් දන්නේ නැහැ හැනා මරුනේ ඇයි කියලා.දවසක් ක්ලේගේ ගෙදරට පාර්සලයක් එනවා.ඒකේ කැසට් ටේප් කිහිපයක් තියෙනවා.කැසට් ටේප් වල තියෙන්නේ හැනා මරුන විදිහ හේතු 13ක් විදිහට.ඒ නිසා තමා මේ කතාව එපිසෝඩ් දහතුනකින් සමන්විත වෙන්නේ.ඇත්තටම මේ හැනාට මොකද උනේ?හැනා මරුනේ ජස්ටින් නිසාද?ඒ ප්‍රශ්ණ ඉතුරු කරලා මම යනවා…

ඇත්තටම මේක හුගක් ජිවිතයට වටිනා පාඩමක් වගේම ගොඩක් අය නරඹන්න ඕන කතාවක්.කතාව තුල තියෙන්නේ යථාර්තය.ඒ වගේම පලවෙනි කොටසෙන් කතාව අතහරින්න එපා.මම කියුව විදිහටම හසිත සහෝ ඊලග කොටස් කිහිපය අරගෙන එයි…ඒ වගේම හැමෝගෙන්ම කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා…එහෙනම් මම ගිහිං එන්නම්…තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!!!

Spoiler Warning : Newcomer Katherine Langford plays the role of Hannah, a young woman who takes her own life.Two weeks after her tragic death, a classmate named Clay finds a mysterious box on his porch. Inside the box are recordings made by Hannah — on whom Clay had a crush — in which she explains the 13 reasons why she chose to commit suicide.If Clay decides to listen to the recordings, he will find out if and how he made the list.This intricate and heart-wrenching tale is told through Clay and Hannah’s dual narratives…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (33)
  • ~MANOJ SACHINTHA~ Unregistered
    Windows 8.1 Chrome 57

    හම්මෝ පට්ට…එල කවිශ..
    උපසිරියසියට බොහෝම ස්තුතියි..

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Beyond eka sub den nedda bn

    • kavisha Expert Subtitler
      Android 5.1 Chrome 54

      Ikmanatama dennam bn.

    • Kasun Widusha Unregistered
      Windows 7 Maxthon 4.9

      Elaa bn

  • Naveen Randika Unregistered
    Windows 8.1 Chrome 57

    මේකට කට්ටිය හොඳයි හොඳයි කියනවනේ.
    බොහොම ස්තූතියි මේක දෙන්න පටන් ගත්ත එකට.
    නවත්තන්නෙ නැතුව දිගටම දෙන්න.
    ජයවේවා!

  • pasindu Unregistered
    Windows 10 Opera 40

    Thanks mcn…….
    patta t.v. series ekk wage………

  • P.K Unregistered
    iOS 10.2 Facebook App 75

    මචන් එපි එකක් විතරක් දීල ඉන්න නම් එපා ඈ. ඔක්කොම ටික දීපන් මචන් තෑන්ක්ස්

  • shehan Unregistered
    iOS 10.3 Chrome 57

    patta kathavak bann. 1st aka baluva anith tikath puluvan ikmanata dipan ivasanna amaruii

  • Prasad Randunu Unregistered
    Android 5.1 Chrome 53

    Adoooo Elamai. FB eke Danu aiya Epi. Dila tbba. Sub eka enkn bln unne. Ammooo Den ekath Ok. Tnk u sahooo. Jaya wewa. Digatama Ikmanata subs denna Lebewa
    Jayen Jayama Wewa….!

  • Yohan Fernando Unregistered
    Windows 10 Chrome 58

    දිගටම සබ් දීපන් මචං. ගොඩක් උන් බලන් නැතුව ඉන්නවා සිංහල සබ් නැති හින්දා. මේ වගේ පට්ට කතාවක් මග ඇරගන්න එක අපරාදේ. එපි 13 ම පට්ට මේකෙ.

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    කා‍ෙච්චර නම් ම‍ෙකට සබ් හ‍ෙව්ව ද බං ම‍ෙවග පට්ට show වලට සබ් කරන ම‍ෙ සයිට් එක සැරද‍ෙව !!!!.මචං සමහර show වලට(මම ආසාවන් බලන්න හිටපු once upon a time,american horror story)වග‍ෙ එවට බාග‍ෙට සබ් දිලා site එක‍ෙ quality ය නැති කර ග‍ෙන තිය‍ෙන්න‍ෙ.බලන්න‍ෙ එකා උනත් පටන් ගත්ත‍ොත් දිගටම සබ් කරන්න. qualityය නැතිකර ගන්න එපා.දිග ගමනක් යන්න සුබ පැතුම්

  • Doka Unregistered
    Android 6 Chrome 57

    Godakkal balagana idiya mekata sub denakan kawru hari thanx ban jaya wewaa !!

  • nuwan Unregistered
    Windows 8 Chrome 57

    තැන්ක්ස් මචන් සුපිරි ..ඒ වගේම Riverdale එකටත් සබ දෙන්න පුලුවන්නම් නියමයි

    • deshAn Unregistered
      Android 4.4 Facebook App 34

      Working on it ??

  • Ranesh Unregistered
    Android 6 Chrome 55

    Good Job Brother..Keep on

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search