13 Reasons Why [S01 : E12] Sinhala Subtitle

June 19, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Tape 6, Side B

මේ දවස්ටිකේ පොඩිකාලවේලාවක් ලැබුණ නිසා 13 Reasons Why එකේ 12වෙනි කොටසට සබ් කරන්න ඉඩකඩක් ලැබුණ.කට්ටියට මතකනෙ පසුගිය කොටස?

ගිය කොටසත් වෙන් වෙන්නෙ ජෙසිකාගෙ පාටියට.වෝල්ප්ලෙක්ස් ආයතනය නිසා තමන්ගේ වෙලඳ ආයතනයෙන් පාඩු ලබමින් ඉන්න  බේකර්ස් පවුලෙ පොඩි පොඩි අඩදබර.පාටියට නොයා ඉන්න හිතාගෙන ඉන්න හැනා ගෙදර කරදරවලින් මිදෙන මගක් හැටියට පාටියට ගියා.ඒ පාටියෙදි සිදුවුණ තවත් සිදුවීම් දාමයක් තමයි ගිය කොටසෙන් අපිට දකින්න ලැබුණෙ.ඒ සිදුවීම් සේරම අහන්න වුණ අවාසනාවන්තය තමයි ක්ලේ,ඒ මේ ටේප් එකේ අයිතිකාරය ඔහු නිසා.ඇත්තටම ක්ලේ තමන්හේතුවක් විදියට හිතාගෙන හිටියත් ඒක එහෙමම නෑ කියලත්,හැනා ක්ලේට කොච්චර ආදරය කරල තියනවද කියලත් ඒ ටේප් එකෙන්ම ක්ලේට අහන්න ලැබුනෙ.හැනාගේ මරණයට පාසල වගකිවයුතු බවට චෝදනා කරමින් බේකර්ස් පවුලේ අය පවරන්න යන නඩුවට අදාල සිතාසි පාසලේ අයට යවන බවට ලැබෙන ආරංචිය නිසා විදුහල්පති බෝලන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ මුළු පාසලම ඉන්නෙ කැලඹීමෙන්.ඒ අතරෙ ජෙසිකා පාටිය දිනයේ සිදුවූ දේ ගැන හැනා කියූ දේ ඇත්තද කියල බලන්න යොදන උපාය සාර්ථක වීමෙන් ඇයට හැනා කියූ දේ ඇත්තක් බව දැනගන්න ලැබුණා.ඔය අතරෙ හැනාගෙ කාමරයෙන් ටේප් හා සම්බන්ධ සටහනක් හම්බවුණා හැනාගේ අම්මට..

අද කොටසත් මේ සිතාසි ලැබීම සම්බන්ධවම තමයි.ඒ අතරම අර හැනාගෙ අම්මට හම්බවුණ සටහනත් මේ කොටසට සම්බන්ධ වෙනව.ඒ වගේම තවත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙනව මේකොටසෙදි.මේක තමයි දැනට අපිට ලැබුණ හේතුවලින් හැනාගෙ දිවිනසාගැනීමට අදාල ලොකුම හේතුව.එහෙනම් මීට වඩා කියල කතාව ස්පොයිල් කරන්න කැමති නෑ මම…

ඕගොල්ලන්ට මේ කතාවෙ ඊලඟ සහ මේ සීසන් එකේ අවසාන කොටස  අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයා.ඇත්තටම මම මේ කතාමාලාව බලන්න පෙලඹුණේ කවීෂ සහෝදරයා නිසයි.ඒ වගේම වැඩ රාජකාරි ගොඩක් තියාගෙනත් මේකෙ කොටස් කීපයක් කරන්න ඔහු ඉදිරිපත් වීමත් මේ වෙලාවෙ ස්තූති පූර්වකව මතක් කරන්න ඕනෙ…

ඇත්තටම මේ කතාමාලාව වයස්භේදයකින් තොරව හැමකෙනෙක්ම නරඹන්න ඕනෙ කතාමාලාවක් කියලයි මගෙ අදහස.අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ කවදාවත්ම ජීවිතයක් අඳුරට ඇදදමන හේතුවක් වෙන්න එපා  කියලයි.එහෙනම් මම ගියා…

Spoiler Warning : After an argument with her parents, Hannah ends up at a party; students are served with subpoenas; Justin struggles with conflicting loyalties…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (13)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, කවීෂ!!

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55

    thanks bro!

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      Thanks, Lakshan!!

  • Gavinda Unregistered
    Android 5.1 Chrome 54

    Elama saho.thanq mcn.

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      Thanks, Gavinda!!

  • Sam fisher Unregistered
    Windows 7 Firefox 53

    උනහැදිලා 7days in hospital(god damn dengue)
    yesterday තමා homecoming
    තාමත් අමාරැයි
    thankyou sub එකට හසිත

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      ඒක තමයි මමත් මේ බැලුවේ අපේ ලොකුම 13RW රසිකයට මොකද හිටපු ගමන් වුණේ කියල. දැන් ඩෙංගු හැමතැනම Sam. ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!

    • sam fisher Unregistered
      Android 4.2 Chrome 34

      ස්තුති brother හැම‍ොම ඇත්තටම ග‍ොඩක් සිරියස් ගන්න ඔනි ද‍ෙයක් ම‍ෙක. hospital එක‍ෙ
      දි හම්බ උන(පස්ස‍ෙ හ‍ොද යඑ‍ෙවෙක් ව‍ෙව්ව) එක්ක‍ෙකුත්ඇස් ඉස්සරහම නැති උනා.මාර අප්සට් මට

  • pasindu Unregistered
    Windows 10 Opera 45

    බොහෝම ස්තූතියි යාළුවා………..
    අනිත් එපියත් ඉක්මනටම ඕනී………….
    කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් කරනා සේවය වෙනුවෙන් හදපිරි ස්තූතිය පුදකරන අතර
    මෙවන් සේවයක් කිරීමට ශක්තිය ධෛර්ය වැඩි වැඩි යෙන් ලැබේවායි පතමි….

  • navo Unregistered
    Android Opera Mini 24

    download link eka dennako

  • wathsala wickramasinghe Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    thank you very much bro!ela!

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search