Orphan Black [S02 : E10] Sinhala Subtitle
තවත් කතා සමයක අවසානය එක්ක තමා අද මේ එකතුවෙන්නේ.Season දෙකේම සම්පුර්ණ උපසිරැසි අරගෙන ඇවිත් ඉවරයි.ඒත් එක්කම කතාව හැමෝටම සාර්ථකවෙන්න ඇති කියලා හිතනවා.ඒ වගේම මේ කතා මාලාවේ දැනට Season 4ක් ඇවිත් තියනවා.ඒ වගේම මතක් කරන්න ඕන මේ කතා මාලාවේ 5වෙනි Season එකෙත් කොටස් 8ක් දැනටම ඇවිත් තියෙන්නේ.වැදගත්ම දේ තමා මේ කතා මාලාවට ලැබෙන IMDB එකේ අඩුවක්නම් වෙන්නෙම නෑ.ඒ වගේම වෙනත් අඩවියක මේ කතා මාලාවේ උපසිරැසි නැති හේතුවත් එක්ක සම්පුර්න කතා මාලාවේම උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තවත් ලොකු ගමනක් යන්න තියනවා…
හරි එහෙනම් කලින් කොටසේ සදහන් කළා කතාව ගැන පැහැදිලි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා.එහෙනම් ඒ වැඩේ ගැන පොඩ්ඩක් බලමු.කතාව සමන්විතවෙන්නේ ජීව විද්‍යාත්මක අත්හදාබැලීම් එක්ක.ඒ වගේම විශේෂයෙන්ම ක්ලෝනීකරණය ගැන තමා අත්හදාබැලීම.ඒ වගේම ප්‍රේක්ෂකයාට පේන විදිහට නම් සාර්ථක අත්හදාබැලීමක් කියන්න පුළුවන්.කතාවේ ප්‍රධාන චරිතය සාරා මේ ගැන දිගින් දිගටම හොයනවා වගේම මේ හැමදේටම උත්තරත් හොයන එක එක්ක තමා කතාව ගෙතෙන්නේ.පලවෙනි එපියේ ආරම්බයේම සාරාට බෙත්ව දකින්න හම්බෙනවා මතක ඇතිනේ. ඒත් එක්කම සාරාට තවත් කීප දෙනෙක්වම හම්බෙනවා.කොසිමා, කට්යා, ඇලිසන්, හෙලේනා, ජෙනිෆර්, රේචල් වගේ අය.මේ වෙනකොටනම් පිරිමි ක්ලොනයකුත් කතාවේ ඉන්නවනේ.මතක ඇතිනේ ටෝනිව…කොහොමවුනත් කතාව ගලාගෙන යද්දී මේ හැමෝම එකදෙයක් වෙනුවෙන් එකට ඉන්නවා.(පොඩි පොඩි ප්‍රශ්න තියනවා උනාට හැමතැනම වගේ).ඒ තමා ඇත්ත හොයාගන්න එක…
සාරා මේ ගැන දැනගන්න වෙලාව වෙනකොටත් කොසිමා බෙත් වගේ අය මේ ගැන කලින් හොයලා තියනවා.මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ, ඒ කියන්නේ මේ අත්හදාබැලීම් කරන්නේ ඩයාඩ් එක.ඒ විදිහට තමා දැනට කතාව තියෙන්නේ දැනට..(පොඩි ඉගියක් අද කතාව ගැන).මේ ක්ලෝනවලට ආරම්බයේ ඉදලම එයාලට වෙන වෙනම නිරීක්ෂකයෝ ඉදලා තියනවා.ඒ විදිහට තමා පෝල්,ඩොනී වගේ අය කතාවට සම්බන්ද වෙන්නේ.පරීක්ෂණ කරපු අය දැනට උනත් මේ ක්ලෝනවල පසුබිම නිරීක්ෂණය කරනවා එයාලා දන්නේ නැති උනත්.ඒත් ඇත්තටම මේ පරීක්ෂණය ඩයාඩ් එකට ලැබෙන්නේ වෙනත් දෙයක ප්‍රතිපලයක් විදිහට.පරීක්ෂණය ආරම්භ කරන්නේ රේචල්ගේ අම්මයි තාත්තයි උනත් අන්තිමට රේචල්ගේ අම්මට ජිවිතේත් නැතිවෙනවානේ.වැරදීමකින් වගේ ඩයාඩ් එක අතට වැටුනට පස්සේ තමා පරීක්ෂණ වැරදි පැත්තකට යොමුවෙන්නේ.මේ විදිහට තමා කතන්දරේ තියෙන්නේ.හැබැයි මේ කවුරුවත් හිතනවට වඩා මේකට සම්බන්දවෙන්නේ ඉහලම පෙලේ කට්ටියක්.ඒ ගැන ඔයාලට අද ගෙනාව කතාවෙන් දැනගන්න පුළුවන්.මේ හැමදේම එක්ක සාරාගේ වටිනාම දේ කීරා.සාරාගේ බලාපොරොත්තුව මේ ප්‍රශ්න විසදලා කීරා මේ කිසිම දේකට පසුතැවෙන්නේ නෑ කියන එක තහවුරු කරගන්න.ඒත් තවමත් මේකට සාරාට උත්තරයක් ලැබිලා නෑ…
මේ විදිහට තමා මේ Season දෙකම අවසානේ කතාව සරලම විදිහට.හැමෝටම කොහොමත් කතාව ටිකක් විතර පැටලිලි සහිත තැන් ඇති.ඒ හැමදේම ඉස්සරහට තියන Season වලටත් සම්බන්දයි.මේ කිව්වේ මේ වෙනකම් කතාවේ සිද්ධවුන දේවල් විතරයි.ඉදිරියේදී කතාව එක්ක එකතුවුනාම හැම අවුල් තැනකම ඇත්තම දේවල් දැනගන්න පුළුවන්.කතාව ගැන ගොඩක් අවුල් තැන් තිබුන අයට ටිකක් විතර උනත් රසයක් එන්න ඇති කියලා හිතනවා.එහෙනම් දැනට සමුගන්න හදන්නේ.අමතක කරන්න එපා අදහස් දක්වන්න.අදහස් ගොඩක් වැදගත් වෙනවා ඊලග Season එකත් එක්ක එකතුවෙන්න.යෝජනා තියනවනම් ඒ වගේම චෝදනා උනත් වටිනවා.හැම දෙයක්ම Comment කරන්න.එහෙනම් වෙනදා වගේම Plot එකත් එක්කම සමුගන්නවා.ඊලග Season එකෙන් හම්බෙනකම් හැමෝටම සුභ දවසක්….
“Rachel’s latest ploy forces Sarah to concede; the Clone Club unites to save Sarah and gain freedom; Sarah finds a new ally.”
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
තුන්වෙනි කතා සමයත් ඉක්මනටම අරන් එමු…
ජය වේවා!!!
ස්තුති bro sub එක(එකට න්‍ෙමෙ සබ් 20ටම)මෙක්‍ෙ ඉතුරැ සිසන් ටිකත් පුලුවන් විදිහට දෙන්න බලන්න.අපිවෙනුවෙන් වග්‍ෙම sublk වෙනුවෙනුත් නොමිල්‍ෙ කරන ම්‍ෙ ස්‍ෙවය අගය කරනවා.
hammeh enakn hitiye ithuru tikath denna saho ikmanata
Thanks bro
මේකේ තුන්වෙනි සීසන් එකටත් ඉක්මනටම සබ් දෙනවද? සීසන් 1,2 ට සබ් දුන්නට ගොඩාක් ස්තූතියි.
ko ane season 3 sub
3 sub oni ban patta kathawak meka