MacGyver [S01 : E01] Sinhala Subtitle
ටිවී සිරිස්වල රසිකයො වහවැටිලා ඉන්න කතාවක් තමයි ඉතින් මැක්ගයිවර් කියන්නේ.මම රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ඉන්න ඔරිජිනල්ම මැගයිවර් බැලුවේ ජාතික රුපවාහිනියෙන්,ඒ කාලේ නම් ඉතින් ටිවී සිරිස් එකක් කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා දැනන් නොහිටියට මගේ ආසම කතාව වුනේ මෙක.පස්සෙනේ මේ මැගයිවර්ව මොඩ් කරලා 2016 කතාව ආවෙ.හැබැයි මෙකට ලැබිලා තියෙන්නේ එච්චර හොද IMDb අගය නම් 4.9යි.රිචඩ් ඩීන් ඇන්ඩර්සන් නම් රගපාන මැගයිවර් සිරිස් හතක් තියෙනවා.එවා නම් IMDb අගය අරන් තියෙනවා 7.7ක්.ලේසි නැනේ.ඒ 1985-1992 අතරකාලේ.ඒවුනාට කතාවේ ජනප්‍රියතාව හිතාගතහැකිනේ ඒ නමින්ම ඒ චරිතම භාවිතාකරලා කතාව ආපහු 2016දි හදනකොට,කොහොමවුනත් IMDb අගය අඩුවුනත් කතාව සාර්ථකවෙලා කියලා හිතෙන්නේ 2017දි ආපහු දෙවනි කතාසමය ආරම්භකරලා තියෙනනිසා.
මං කියන්නම් මැගයිවර් කොයිවගෙ කෙනෙක්ද කියලා ඔයාලා කවුරුහරි එයා ගැන දන්නැත්තම්,මොකද පරණ මැගයිවර් චරිතයයි, Lucas Till ගොයියා රගපාන මැගයිවර් චරිතයයි අහසට පොලොව වගෙ.මොකද මේ සිරිස්වල මෙයා ඇමරිකාවෙ රහස් එජන්සියකට තමයි වැඩ කරන්නේ,පරණ මැගයිවර් වගෙ අවිහින්සා වාදියෙකුත් නෙවෙයි ටිකක් ලොකේ බේරගන්න ගියාට.මොකක්නිසාද මේ මැගයිවර් හාදයා මෙච්චර විශේෂ,මිනිහාට මොකක්වත් අමුතු බලයක්වත් තියෙනවද?
අපොයි නැ.මිනිහාට තියෙන එකම බලේ සමඟි බලේ නෙවෙයි මොලේ බලේ.මැගයිවර් කියන්නේ සිරාම වැඩකාරයෙක්.එක ඔගොල්ලො පරන මැගයිවර් එකේ කොටසක් හරි අඩුම ගානේ යූ ටියුබ් එකේ මැගයිවර් ට්‍රික් කියලා තියෙන විඩියෝ එකක් හරි බලලා තියෙනවානම් දන්නවා.මිනිහාට තියෙන්නේ මොනාද මිනිහා එකෙන් මිනිහාගෙ වැඩේ කොහොමහරි කරගන්නවා.සාමාන්‍යයෙන් මිනිස්සු කොහොමද හැසිරෙන්නේ තමන් කරදරෙක වැටිලා ඉන්නකොට,මෙයාට නම් තියෙන කරදරේ කොහොමද නොමැරි තමන්වත් බේරගෙන අනුන්වත් බේරන්නේ කියලා.මිනිහා රසායන විද්‍යාව,භෞතික විද්‍යාවේ කප්පිත්තෙක් නිසා.
කතාවෙ නමින්ම තෙරෙනවනේ පයිලට් එක ආරම්භ කරන්නේම කොහොම කතාවකින්ද කියලා.මේකෙ වෙන්නේ මෙයාලා ගිහිල්ලා ජෛව රසායනික අවි ප්‍රහාරයක් සාර්ථකව මැඩපවත්වන හැටි,ඒ එක්කම මෙයාගේ පෙම්වතිය මෙයාට පලමු එපියෙම පිටුපානවා.එහෙනම් ගිහින් එන්නම් තව දවස් තුන හතරකින්.හැමොටම ජයින් ජයිම වේවා!
Spoiler Warning : Special agents for the Department of External Services, Angus “Mac” MacGyver and Jack Dalton, work to recover a missing bioweapon…
උපසිරසියට තුති සහෝ 🙂
elama sahoo sub ekata
ස්තුතියි …දිගටම කරගෙන යන්න
MacGyver 1985 sub eka karannako
Parana series eka gena nam ahanna deyak na patta kiyala nm dannawa mekath man me lagadi TV eke baluwa 😍 tnx mekata kohewath sub tibbe na 😘 balanna gannam mcn tnx.. thawa godakata sub danna labewa kiyala pathanawa
මොනවා උනත් මම නම් තාමත් original Macgyver ට තමයි කැමති . ඒ කතාව පරණ උනත් හරිම ලස්සනයි .හැම episode එකකින්ම අපේ ජීවිතයට එකතු කරගන්න දෙයක් තියනවා . Macgyver කියන්නේ වෙනස්ම විදිහෙ වීරයෙක් . Richard Dean Anderson ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කළා කියලා මං හිතනවා. ඒ හින්දා අලුත් MacGyver බලන හැමෝගෙන්ම පරණ එකත් බලන්න කියලා මං ඉල්ලීමක් කරනවා .
අලුත් එකේ කව්ද මෙයාගෙ පෙම්වතිය ?? නිකී කාපෙන්ටර් නෙවෙයි නේද