Peaky Blinders (2013) [S04 : E01] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S04 E01 (18+)
ආයුබෝවන් යාලුවනේ!
හැමෝම නොයිවසිල්ලෙන් බලන් හිටිය Peaky Blinders කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ පලමු කොටසේ උපසිරැසියත් අරන් මම ආවා. හතර වෙනි සීසන් එකට යන්න කලින් තුන් වෙනි සීසන් එක ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු.
තුන් වෙනි සීසන් එකේදි ටොමී සහ ග්‍රේස් විවාහ වෙනවා.හැබැයි ඒ වෙද්දිත් එයාලට දරුවෙක් ඉන්නවා චාල්ස් කියලා.(???) ටොමීගේ මංගල උත්සවය දවසේ ටොමීව හමුවෙන්න රුසියානුවෝ පිරිසක් එනවා. සාර් රජුගේ කාලයේ රුසියාවේ හිටපු වංශාධිපතියන්ව රුසියානු විප්ලවයෙන් පස්සේ බෝලෂේවික්වරු විසින් පලවා හරිනවා.එහෙම පැනලා ආපු රුසියානු වංශාධිපතියෝ පිරිසක් තමයි ටොමීව හමු වෙන්න එන්නේ. බෝල්ෂේවික්වරුන්ට එරෙහිව යුද්ධ කරන්න සන්නද්ද රථ ටොමී ලව්වා හොරකම් කරගන්න තමයි මෙයාලට ඕනි වෙලා තියෙන්නේ.මේකට ටොමීව පටලවන්නේ එංගලන්තයේ බොහොම බලවත් පුද්ගලයන්ගේ සැදුම්ලත් සංවිධානයක්.මෙයාලා කොමියුනිස්ට්වරුන්ට එරෙහි සංවිධානයක්.ජෝන් ඉතාලියානුවෝ එක්ක ආරවුලක් ඇති කරගන්නවා.මේ හේතුව නිසා ග්‍රේස්ට ජීවිතය අහිමි වෙනවා. කොහොම හරි අවසානයෙදි ටොමීට බලපෑම් කරන සංවිධානයේ අරමුණ රුසියාව සහ එංගලන්තය අතර තියෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිද දාන එක කියලා ටොමී හොයා ගන්නවා. ඒ නිසා ටොමී කොමියුනිස්ට්වරු එක්ක එකතු වෙලා සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. හැබැයි හියුස් පූජකතුමා ටොමීගේ පුතාව පැහැර ගැනීමත් එක්ක ටොමීගේ සැලැස්ම වෙනස් වෙනවා.ටොමීට කලින් සැලසුම් කරපු විදියටම සන්නද්ධ රථ ප්‍රවාහනය කරපු කෝච්චිය පුපුරවලා හරින්න වෙනවා.ඒ සිද්දිය කොමියුනිස්ට්වරු කරපු බවට සාක්ෂිත් ඉතුරු කරනවා. කෙසේ නමුත් අවසානයේදි මයිකල් හියුස්ව මරලා ටොමීගේ පුතාව බේර ගන්නවා.හැබැයි තමන් විරුද්ධ වුනේ එසේ මෙසේ හතුරෙකුට නොවන බව ටොමීට තේරෙනවා.ඒ නිසා ටොමී වෙනම් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.ඒකේ ප්‍රතිඵලයක් විදියට ආතර්ට, ජෝන්ට,මයිකල්ට විතරක් නෙමෙයි පොලීට පවා හිර භාරයට පත් වෙන්න සිද්ද වෙනවා. ඔන්න ඔහොම තමයි කලින් කතා සමය අවසන් වුනේ.
ඉතිං අලුත් කතා සමයත් රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා.මේ කොටස 2017 නොවැම්බර් 15 විකාශය වුනේ IMDB අගය 9.5ක් ලබාගනිමින්.
එහෙනම් අදට සමුගන්නවා.මීළග කොටසින් හමු වෙමු.
Thanks bro sub ekata
Ituru epi tikatath ikmanata sub eka demu
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ස්තූතියි .අනේ ඉක්මනට දියන් බන් මේකෙ එකක් බැලුවම අනිත් ටිකත් බලන්නම හිතෙනව❤️
thanx machooo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
ස්තූතියි සහෝ
Thanks machan ❤️
ඉතුරු ටිකත් ඉක්මන්ට දාමු 😍
Ado meka supiri .puluwan nam ikmanata sub deepan machan.ubata pin ban karana wadeta.mekata sub deela thiyenne subz.lk witharai.digatma karapan machanla.good work.
thank you ♥