Space Sweepers (2021) Sinhala Subtitle
අභ්‍යවකාශ පිරිසිදුකරන්නෝ
මම අද ඔයාලට සබ් අරගෙන එන්නෙ කොරියාවේ පළවෙනි Sci-Fi movie එක වගේම පළවෙනි space opera ගණයේ movie එකටයි.කොරෝනා වසංගතය නිසා තිර ගත කිරීම කල් ගියත් මේ මාසේ පෙබරවාරි 5 වන දින මේක netflix හරහා විකාශනය වුණා.මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 21ක් පමණ වෙනවා.
2092 දී,
“වනාන්තර නැතිවී කන්තාර පැතිරේ.”
“වියැකි යන හිරු හා ආම්ලික පස ශාක වැනසි යාමට හේතු වේ.”
“රෝගී වූ පෘථිවියෙන් පලායමින්, UTS කෝපරේෂන් විසින් මානව වර්ගයා
සඳහා නව කක්ෂගත නිවසක් සාදයි.”
“නමුත් තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් ඉහළට යා හැකියි.”
මේ කාලේ වෙනකොට පෘථිවිය මුළුමුනින්ම වගේ මිනිස් වාසයට නුසුදුසු තත්වයට පත් වෙලා හමාරයි.ගොඩක් සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනෙදා වේල හොයාගන්න කර්මාන්තශාලා ආශ්‍රිත වැඩ,අභ්‍යාවකාශ සුන්බුන් එකතු කිරීම,ආරක්ෂාව සැපයීම වගේ රැකියා වල නිරත වෙනවා.කතාවේ ප්‍රධාන චරිත Victory කියන අහස් නෞකාවේ නැගිලා අභ්‍යවකාශ සුන්බුන් එකතු කරනවා.ප්‍රධාන චරිතය වන කිම් ටේ හෝට පණ පොවන්නේ අපි කවුරුත් හොදින් අදුරන Song Joong-ki. ටේ හෝ හැරෙන්න මේ කණ්ඩායමේ තව තුන්දෙනෙක් ඉන්නවා.අව්වක් තිබ්බත් නැතත් sunglass දාගෙන ඉන්න කැප්ටන් ජන්ග්(Kim Tae-ri),නැව ක්‍රියාත්මක කරන කොටි පාක් මහත්තයා (Jin Seon-kyu).ලස්සන හමක් බද්ධ කරගන්න හීන දකින රොබෝ බබ්ස් (Yoo Hae-jin).ඉතින් දවසක් මේ අමුතු කණ්ඩායම සුපුරුදු විදිහට වැඩ කරගෙන ඉන්නකොට එයාලට අතරමං වෙච්ච ගෑණු ළමයෙක් හම්බ වෙනවා.මේ ළමයා ඇත්තටම ගොඩක් විශේෂ කෙනෙක්.කොච්චර විශේෂද කිව්වොත් එයාට මිනිස්සුන්ව පුපුරුවලා දාන්න පුළුවන්?.ත්‍රස්ත සංවිධානය වෙන Black Foxes වගේම UTS සංවිධානේ ආරක්ෂක භටයොත් මේ පොඩි කෙල්ල පස්සෙන් පන්නවා.ඉතින් මේ කෙල්ලගෙ ඇත්තටම කවුද?මෙච්චර පිරිසක් එයාව හොයන්නෙ ඇයි?කිම් ටේ හෝ සල්ලි වලට තියන තණ්හාවට මේ කෙල්ලව විකුණයිද?ඇත්තටම මේ Victory නැවේ ඉන්න කට්ටිය කොහෙ ඉදන් ද ආවේ?එයාලා මොන වගේ කට්ටියක්ද?එයාලට මොනවගේ කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙයිද?

මේ චිත්‍රපටිය webtoon එකක් විදිහට එළිදක්වන්නත් නියමිතයි.

තෑන්ක්ස් සබ් එකට
අනේ sorry ස්බ් file එක වැරදි නිසා ආපහු UPDATE කළා.:sweat:
please download the updated subtitle file.:sweat_smile:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි!:pray:
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි.බුදු සරණයි!:pray:
pipeline movie ekt dennko subtitles