The Lodge (2019) Sinhala Subtitle
හැමදාම වගේ Subz LK වටා එකතු වෙලා ඉන්න සුන්දර ප්‍රේක්ෂක මඩුල්ලට මුලින්ම ආයුබෝවන්. අද මම මේ ලිපිය ලියන්නෙ මගෙ 50 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන්. ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම නිසා මම උපසිරැසි කරන්න පටං ගත්තු විදිය ගැන පොඩි විස්තරයක් ලියන්නම්. ඉස්සෙල්ලම මට මේ වෙබ් අඩවිය හම්බෙන්නෙ මතක විදියට 2017 වසරෙදි විතර. කොහොමහරි මම ඉස්සෙල්ලම උපසිරැසියක් විදියට කලේ Control (2004) චිත්‍රපටය. ඒ උපසිරැසිය කරලා ඉස්සෙල්ලාම මම කලේ සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි කීපයකට මේල් කරපු එකයි. එහෙම කරලා පැය බාගයකින් විතර Google කරලා බලනකොට Subz LK එකෙන් ඒ උපසිරැසිය පල කරලා තිබුණා. ඇත්තටම උපසිරැසි කරුවන් හැම කෙනෙක්ටම නිදහසේ තමංගෙ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ගොඩක් හොද වෙබ් අඩවියක් තමයි මේක. ඒ වගේම අලුතෙන් උපසිරැසි කරන්න පටන් ගන්න ඉන්න කෙනෙක්ටත් හරියන හොඳම තැන තමයි මේ වෙබ් අඩවිය. ඒත් අවාසනාවට කතාමාලාවක් පටන් අරන් අතරමග නවත්වන අයත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔයාලගෙන් සමාව ඉල්ලනවා වගේම ඒ නිර්මාණ සම්පූර්ණ කරන්න මම පුලුවන් උපරිමයෙන් උත්සාහ කරනවා. ඉතිං එතනින් පටංගත්තු ගමන අද වෙනකොට උපසිරැසි 50 ක් දක්වා අරගෙන එන්න මට පුලුවන් උනා. ඒ අතරට අරාබි/ඊශ්‍රායලය කතාමාලාවක් උන Fauda කතාමාලාව මට ලොකු උපකාරයක් උනා.
ඇඩ්මින් මඩුල්ල ගැන කතාකරනකොට කතා නොකරම බැරි චරිතයක් තමයි පසිඳු සාරංග සහෝදරයා. මගෙ පළවෙනි උපසිරැසියේ පටන් හැම එකකම වගේ අනිවාරෙන්ම වැටුන කමෙන්ටුවෙක් පසිදු සාරංග නමට වෙන් වෙලා තිබුණා. ඉතිං ගොඩක් ස්තූතියි ඒ කරපු දිරිගැන්වීමට. ඒ වගේම කවීෂ සහෝදරයා තමයි ටිකක් දිග ලිපියක් වගේම මේ වගේ ලිපියක් ලියන්න අදහසක් ලබලා දුන්නෙ. ඒකටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම එකී මෙකී නොකී හැම ඇඩ්මින් කෙනෙකුටමත් ගොඩක් ස්තූතියි වෙබ් අඩවියෙන් මගෙ උපසිරැසි පල කලාට. නොමිලේ ලබාදෙන උපසිරැසිය නිකන්ම අරගෙන යන්නෙ නැතුව ඩේටා කපාගෙන අනිවාරෙන් කමෙන්ටුවක් දාගෙන යන Mithun සහෝ ඇතුලු එකී මෙකී නොකී හැම සහෝදරයෙක්ටම වගේම මගෙ උපසිරැසි නිර්මාණ රසවිඳපු හැම කෙනෙකුටමත් ගොඩක් ස්තූතියි. ඉදිරියටත් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. අමාරුවෙන් උපසිරැසියක් හදාගෙන ඇවිත් අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ ඔයාලගෙ කමෙන්ටුවක් විතරයි, ඒත් ඒ කමෙන්ටුව ගොඩක් වටිනවා ඒ නිසා ඒ හැම සහෝදරයෙකුටම ගොඩක් ස්තූතියි. හරි එහෙනං මරු කියවිල්ල මෙතනින් ඉවරයි අපි දැන් බලමු චිත්‍රපටය ගැන.

The lodge (2019) මතක අවදියෙන් පලිගැනීම
මේ අරගෙන එන්නෙ IMDB අගය 6.3 ක්, Rotten Tomatoes අගය 73% වගේම ගූගල් පරිශීලකයන් 73% කැමති චිත්‍රපටයක්. මේක විකාශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 ජූලි මාසෙ 27 වෙනිදා රුසියාවෙදි, ඒ වගේම චිත්‍රපටය Horror, Thriller ගනයට තමයි අයත් වෙන්නෙ. 18+ බලනවනං වඩාත් හොඳයි. චිත්‍රපටයෙ ඇතුලාන්තය ගැන මුකුත් කියන්න යන්නෙ නෑ අරගෙනම බලමු. ඉතිං මේ මගෙ 50 වෙනි උපසිරැසි නිර්මාණය ඒක නිසා පුංචි දෙයක් කියන්නම්. මෙච්චර කල් වචනෙකින් හරි සහයෝගය දුන්නු, හැමදාම කමෙන්ටුවකින් දිරිමත් කරපු, මගෙ උපසිරැසි රසවිඳපු හැමෝටම ගොඩක් ස්තූතියි. ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි!
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Trouble (2019)
Acceleration (2019)
උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ…
Thanks…..jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
50වෙනි උපසිරැසියට සුබපැතුම් යාළුවා.
මේ වගේම ඉදිරි කඩයිම් පසු කරන්නත් ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සුබ පතනවා 50වෙනි සබ් එකට ඉක්මනට 100න් මුණගැහෙමු බ්‍රෝ එහෙනම් 👊..
ජය වේවා.!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
well done. good luck.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ජය වේවා.! puluwan nam Valhalla 2019 oya film ekatath sub denna..
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
50ට සුබ පැතුම් මචන්.ඉක්මනට 100 වෙනි සබත් අපි වෙනුවෙන් අරගෙන එන්ඩ ලැබේවා.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරයට සුබ පතනවා සහෝදරයා. අපේ සයිට් එකේ තවත් සහෝදරයෙක් මේ වගේ කඩයිමකට ලඟා වීම ගැන ඇත්තටම ආඩම්බරයි. දිගටම මේ වගේ උපසිරසි කරන්න සහෝදරයා. ගොඩක් කට්ටියගේ ඉල්ලීමක් තියනවා riverdale එකට sub දෙන්න කියලා. පොඩ්ඩක් ඒක ගැන සලකලා බලන්න සහෝ.
අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි
අර්ධ ශතක කඩයිමට උණුසුම් සුභ පැතුම්,භවන්ත. කාලයත් එක්ක සටනක් කරමින් කඩයිමකට ලඟාවීම පහසු නෑ, ඒ කරා සාර්ථකව ලඟාවීම ඉතාම වටින දෙයක් වගේම සිනමා රසිකයන් වෙනුවෙන් කරන මහත් මෙහෙයක්. මේ වගේම ඉදිරි කඩයිම්වලටත් සාර්ථකව ලඟාවන්නට උණුසුම් සුභ පැතුම්.
කතාමාලා මග නතර කරන අය ගැන කියල තියන එකේ හැබැයි දෙපැත්තක් තියනවා. මම රූපවාහිනී කතාමාලාවලට උපසිරැසි කිරීම නතර කරන්නත් එක හේතුවක් වෙනවා ඒක, ඒ හින්ද කියන්නම් මොකද මේ අතරමග අතාරින චෝදනාවට මාත් අදාල වෙනවා. අපි මුලින්ම කතාවක් ඇඩ්මින්ලා බාර දීල කරගෙන යද්දි, සීසන් එකක් දෙකක් ඉවරවුණාට පස්සෙ තව කවුරුහරි ඒක බාරගන්නවා කරන්නම් කියල, හැබැයි ඒක සිද්ධවෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. මට ඔය සිද්ධියම වුණා The Vampire Diaries කරන්න ගිහින්. ඇත්තටම ඇඩ්මින්ලගෙ ඉල්ලීමට මම ඒක බාරගත්තෙ ඉතුරු සීසන් සියල්ලටම උපසිරැසි දෙන්න හිතාගෙන. ඒත් සීසන් දෙකක් කරල අතරමගදි ඒක කරන්න කෙනෙක් ඉන්නව කිව්වා. ඒ එච්චර තමයි ඉන් එහාට TVD එකට උපසිරැසි කෙරෙනව දැක්කෙම නෑ මම.
කොහොම හරි අපි කට්ටිය ඒ ටිකත් එකින් එක සම්පූර්ණ කරමු සහෝ කමෙන්ටුවට ස්තූතියි…
මගේ පොඩි ඉල්ලිමක් තියෙනවා .. හසිත සහොත් එක්ක සබ් එකක් කලොත් මොකද දෙන්නම..😍 වැඩමකාරයෝ දෙන්නෙක් එකතුවෙල subtitleඑකක් ගහනව කියන්නෙ සුපිරි නෙ..
දැම් ඔය ෆිල්ම් සමාගම් එකට එක්වෙලා මුවි නිර්මාණය කරන්නෙ..දැම් එකත් පෙරලිකාර රැල්ලක් නෙද..😍😍😁
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහෝ!!! දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව!!! සබ් එකටත් බොහොම ස්තූතියි!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
The house that jack built (2018)
My friend dahmer (2017)
Extremely Wicked, Shockingly Evil and Vile (2018)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
In the name of the father (1993)
Michael Collins (1996)
Big fish (2003)
උත්සාහ කරන්නං මෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks for sub bro….(salaam ae ishq 2007) movie eke sub denna bro…..please…….
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
50 වෙනි උපසිරසියට සුභපැතුම් සහෝ.. !
මාත් subz lk එකෙන් දැකපු, රසවින්දනය කියන දෙ අඳුනන හොඳ උපසිරසිකරුවෙක් ඔයත්. බලපු දෙයක් අපිත් එක්කත් මෙ විදියට බෙදගන්න එකට සතුටුයි
කාලය ලැබෙන විදියට හොඳ නිර්මාණ ගෙන්න ඉස්සරහටත් …… සබ් එකට බොහොම ස්තුතියි සහෝ අනිවා බලන්න ඔනෙ ❤❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ