13 Reasons Why [S01 : E03] Sinhala Subtitle

May 04, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Tape 2, Side A

පොරොන්දු වුණ විදියටම 13 Reasons Why කතාවෙ 3වෙනි කොටසත් අරගෙන ඔන්න මම අද ආවා.මේ කතාවෙ කොටස් නම් කෙරෙන විදිය දැන් ඕගොල්ලො දන්නවනෙ.අද කොටස කැසට් අංක 2 සයිඩ් A.ගිය කොටසෙදි ඕගොල්ලො දැනගත්තනෙ හැනාට ජෙසිකා මුණ ගැහුණ විදිය.ඒ දෙන්නගෙ මිත්‍රකම. ඒ අතරට ආවා ඇලෙක්ස් ස්ටැන්ඩල් කියල පිරිමි ළමයෙකුත්.ඒ පැමිණීමත් එක්කම මේ ජෙසිකා හා හැනා දෙන්නගෙ අඹ යාළුකම නැත්තටම නැතිවෙලා.ඒක වෙන්නෙ මොකද්ද ලැයිස්තුවක් මුල්කරගෙන කියලත් මතකයිනෙ.ඔය අතරෙ ජස්ටින් ෆොලී  ඉස්කෝලෙ මගහරිමින් බ්‍රයිස්ගෙ ගෙදරට වෙලා හැංගිලා ඉන්නව (බ්‍රයිස්නං එහෙම නරක කෙනෙක් පාටක් පේන්න නෑ,නේද?).අඩුම තරමෙ පැසිපන්දු කණ්ඩායම නම් කිරීමේ අවස්ථාවටවත් ජස්ටින් එන්නෙ නෑ.ඒකට කේන්තියෙන් ජෙසිකා ජස්ටින්ව හොයනව.ඔය අතරෙ ජස්ටින්ගෙ යාළුවො ටික වෙනදා නැති හිතවත් කමක් එහෙම පෙන්නනව ක්ලේට.හැබැයි ඒක කරගන්න බෑ ඇයි ටෝනි හැමවෙලේම ක්ලේගෙ පස්සෙන්නෙ.ඔය අස්සෙ හැනාගෙ අම්මට හැනාගෙ පොතක් ඇතුලෙ තිබිල හැනාගෙ නමත් ඇතුළත් ලැයිස්තුවක් හම්බවෙනව.ඒ ගැන දැනගන්න ටෝනිට කතාකරනවා.එතනින් තමයි ගිය කොටස අවසන් වුණේ…

අද කොටසින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ ටේප්වලට ඇලෙක්ස්ගෙ නම ආව විදිය සහ බ්‍රයිස් කියන කෙනා මොන විදියෙ කෙනෙක්ද කියලත්.ආ තව අපිට තියන ප්‍රශ්ණයක්නෙ මේ ටෝනි ඇත්තටම ටෝනිගෙ නම ටේප්වල තියනවද නැද්ද කියලත් අද කොටසින් දැනගන්නපුළුවන්.ඊලඟ කොටස ඔයාලට ගේන්නෙ අපේ කවීෂ සහෝදරය කියලත් මතක් කරන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්.

ඒ වගේම කියන්න ඕනෙ මේ කතාමාලාව තවමත් බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න කියලත් ආරාධනා කරනව (කවීෂ සහෝදරය නැත්තං ඉතිං මමත් මේ වගේ වටින කතාවක් මගහැරගන්නවා) මොකද මේක බොහොම හොඳ අර්ථයක් තියන වටිනා කතාවක්…

ගීත දෙකක් ගැන සඳහන් මේ ඒ දෙක

Take Five – ධෛර්යය වැඩිකරන වාදනයක් කියලයි කියන්නේ.තැතිගත කරල තියෙන්නෙ 1959 වසරෙදි.අහන අයට මෙන්න ලින්ක් එක.

Gloomy Sunday – නිර්මාණය හංගේරියානු පියානෝ වාදන ශිල්පියෙක් වන රෙසෝ සෙරෙස් (Rezzo Serress) විසින් ඒ 1939 වසරේදී.මේකට කියන්නෙ හංගේරියානු දිවිනසාගැනීමේ ගීතය කියල.BBC සේවය මේක තහනම් කරල තිබුණලු වසර 66ක් තිස්සෙම.තහනම අයින් කරල තියෙන්නෙ 2002 වසරෙදි.කැමති අය අහල බලන්න අමුතුම හැඟීමක් දැනෙනවා.ගීතයත් එක්කම මේකට මේ නම ලැබුණ විස්තරෙත් තියනවා.මෙන්න ලින්ක් එක.

Spoiler Warning : Jealousy and gossip cause Hannah’s relationships to begin to fray; Alex struggles with regret; the guys pressure Clay into getting drunk…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (32)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, කවීෂ!!

  • pasindu Unregistered
    Windows 10 Opera 40

    Thanks……………..mcn…………
    ikmntm 4 epiyt demu bro

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, පසිඳු. 4 වෙනි එපිය අපේ කවීෂ සහෝදරය අරගෙන එයි ඉක්මනටම.

  • Damitha Basnayake User
    Android 5.1 Chrome 56

    අම්මෝ ඇති යාන්තං.තෑන්ක්ස් ඈ?

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, දමිත.

  • Udara Cooray Unregistered
    Android 6 Samsung Browser 4

    ස්තූතියි සහෝ

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ඔබටත් ස්තූතියි, උදාර.

  • shehan Unregistered
    iOS 10.3 Chrome 58

    thanks machan. meka denakan ivasillak nathuva hitiyee. thava 4 pas denek akathu karagena davas 4 5 kin denna barida ban

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, ෂෙහාන්. 4වෙනි එපිය අපේ කවීෂ සහෝදරය අරගෙන ඒවි ඉක්මනටම.

  • Doka Unregistered
    Android 6 Chrome 57

    Meka denakn hena kalayak balan idiya ban. Thanxx puluwannam thawa ekek wadeta set karagana ikmanata sub eka denna mokada gidak aya balagana innawa

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි,Doka!

  • Chathura Buddhika Gunapala Unregistered
    Windows 10 Chrome 57

    අනික් කොටසුත් ඉක්මනටම දෙන්නෝ…

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ඊලඟ කොටස අපේ කවීෂ සහෝදරය අරගෙන ඒවි, චතුර. අපි දෙන්නම එකතු වෙලා පුළුවන්තරම් ඉක්මනට කතාමාලවටම සබ් දෙනවා, අනිවාර්යයෙන්ම.

  • lahiru galsm2036 User
    Windows 7 Chrome 56

    ස්තූතියි සහෝ

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, ළහිරු.

  • Manoj Sachintha User
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, මනෝජ්.

  • සමන් Unregistered
    Android 4.2 Chrome 34

    මට මාර Proud subzlk ගැන. උපසිරස කරන ඔය ග‍ොල්ලා‍ෙත් වගකිමක් අරන්උපසිරස වල් කරන්න. බාග‍ෙට සබ් කරලා site එක සවුත්තු කරන්න එපා.ම‍ෙ site එක දැන් දළුදාල යන්න පටන් අරන් තිය‍ෙන්න‍ෙ.ග‍ොඩක් කට්ටියත් දැන් ම‍ෙ site එක ගැන දැන දන්නවා තවත් popularity එක වැඩි ව‍ෙන්න ඔනි.ව‍ෙන කිසිම සබ්කරන site වල හ‍ොයාගන්න වත් නැති ම්‍ෙ වග්‍ෙ පට්ට subz දිගටම කරන්න.(සතුට වැඩිකමට දිග කම‍ෙන්ට් දැම්මට ම‍ෙවා කියවනවද මන්ද)

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, සමන්. කමෙන්ට් දිග වුණාට කමක් නෑ ,කමෙන්ට් දිග වෙන තරමට අපි කැමතියි.

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    මට ම්‍ෙ show එක්‍ෙ එක ද‍ෙයක් clear නෑ.ඔයාට මතකද ට‍ොනි කියනවා එයා reason එකක් න‍ෙම්‍ෙ කියලා BUT බං ම්‍ෙක‍ෙ තියන විදිහට ට‍ොනිය මුලින්ම අහලයි ට්‍ෙප් එක ක්ල්‍ෙට හම්බ ව‍ෙන්න‍ෙ(න‍ේද)එත් ට්‍ෙප් එක පටන් ගන්නක‍ොට කියනවා(මට ඇහුන විදිහට)ඔයා ම‍ෙ ට්‍ෙප් එක අහනවනම් ඔයත් එක හ්‍ෙතුවක් කියලා.එහ‍ෙනම්(as a theory)ගත්තම එකම ට්‍ෙප් එකනම් share කරන්න‍ෙ ඔක්ක‍ොටම(ඔයා ම‍ෙක අහනවනම් ඔයත් එක reason එකක්) කියන එක ට‍ොනියට අදාල නැත්ත‍ෙ ඇයි මාර අවුල් මට

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ඔව් sam fisher, ටෝනි මුලින්ම ටේප් අහල තමයි ක්ලේගෙ අතට එන්නෙ. දැනට තේරෙණ විදිය අනුව පැහැදිළිවම ටෝනි හැනාගෙ මරණයට හේතුවක් නෙමෙයි , (1): ඔහු හැසිරෙන්නෙත් සාමාන්‍ය විදියට. (2): පළවෙනි කොටසෙදි ඔහු ක්ලේට කියනව තමන් මේ ටේප්වල නැති බව. මම හිතන්නෙ හැනා විශ්වාස කරල තියෙන්නෙ ටෝනිව විතරයි, ඒ හින්ද ඇය දිවිනසාගන්න කලින් මේ ටේප් ටික ටෝනිට ලැබෙන්න සලස්වල, කරන්න ඕන දේත් කියන්න ඇති. මේ ටේප් එකිනෙකා අතට ලැබෙන්න සලස්වන්නෙ
      ඔහුයි.

  • hasitha Unregistered
    Windows 7 Firefox 53

    ඔව් sam fisher, ටෝනි මුලින්ම ටේප් අහල තමයි ක්ලේගෙ අතට එන්නෙ. දැනට තේරෙණ විදිය අනුව පැහැදිළිවම ටෝනි හැනාගෙ මරණයට හේතුවක් නෙමෙයි , (1): ඔහු හැසිරෙන්නෙත් සාමාන්‍ය විදියට. (2): පළවෙනි කොටසෙදි ඔහු ක්ලේට කියනව තමන් මේ ටේප්වල නැති බව. මම හිතන්නෙ හැනා විශ්වාස කරල තියෙන්නෙ ටෝනිව විතරයි, ඒ හින්ද ඇය දිවිනසාගන්න කලින් මේ ටේප් ටික ටෝනිට ලැබෙන්න සලස්වල, කරන්න ඕන දේත් කියන්න ඇති. මේ ටේප් එකිනෙකා අතට ලැබෙන්න සලස්වන්නෙ
    ඔහුයි.

    • sam fisher Unregistered
      Android 4.2 Chrome 34

      සිරාවටම මචං උබ කිව්ව point එක හරි කියලා මටත් හිතුනා.හැනා උව විශ්වාස කරන්න ඇති.තැන්ක්ස් බං මට එක හ‍ෙන අවුලක් ව‍ෙලාතිබ්බ‍ෙ.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search