Rellik (2017) [S01 : E03] Sinhala Subtitle
ඔන්න යාලුවනේ rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ තුන්වෙනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. ධාවන කාලය විනාඩි 57 ක්. මේ කොටසෙ imdb අගය 7.0 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller. ඉතින් rellik අනිත් පැත්තට බැලුවම killer. ඒ වගේම පලවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙනවා, කතාව කුතුහලයෙන් පුරවමින් ගලාගෙන යන්නෙ ආපස්සට කියලා. මේ කොටස නම් කරලා තියෙන්නෙ “The Lies We Tell” නමින්.
හරි. දෙවෙනි කොටස බැලුවනම් ඔයාල දකින්න ඇති කතාවෙ ඇතිවුනු ගින්න ගැන වගේම, දොස්තර අයිසැක්ගේ ලැප්ටොප් එක හොරකම් කලේ කවුද කියලත්. ඒ වගේම ඒ ගැන අයිසැක් විමර්ශන කන්ඩායමට කියපු දේවල් ගැනත්. ඒ වගේම ඉලේන් සහ ගේබ්‍රියෙල් එකට ඉන්න ෆොටෝ වගේකුත් ඔහුගෙ ගෙදරට කවුරුහරි යවල තිබුනා. මේවා ඇතුලු තවත් හුගක් දේවල් සිද්ද වුනා ඔයාල දකින්න ඇති. ඉතින් අන්න ඒ දේවල් වලින් පස්සෙ, නෑ නෑ ඒ දේවල් වලට කලින් වුනු දේවල් තමා මේ කොටසින් පෙන්නන්නෙ. ඉතින් කියන්න දෙයක් නැහැනෙ. කතාව බොහොම අපූරුවට ආපස්සට යනවා. ඒ වගේම කතාවෙ මෙතුවක් වුනු දේවල් ලිපියෙ කියන්නත් හරි අමාරුයි. ඒකට හේතුව මේ කතාව යන්නෙ ආපස්සට නිසා යාලුවනේ. එහෙනම් ඊලඟ කොටසින් ආයෙ හමුවෙමු. බුදු සරනයි!
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
Thnaks machan
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
suppa vadak broo