Peaky Blinders (2013) [S02 : E02] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 2 Episode 2 (18+)
ආයුබෝවන් !Peaky Blinders කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කොටස විකාශය වෙලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තොම්බර් 09 දා. මේ කොටස IMDB වල 8.6 ක රේට් එකක් අරන් තියෙනවා.
කලින් කොටසෙදි කවුරු හරි ගැරිසන් පුපුරවලා හරිනවා.ඒ වගේම ඇඩාගේ ස්වාමි පුරුෂයා වසංගත රෝගයකින් මිය යනවා. දැන් තෝමස්ට බොහෝම විශාල ලාබ ලබන ව්‍යාපාර තියෙනවා. නගරේ පොලීසියත් දැන් ටොමීට තමයි වැඩ කරන්නේ. කොහොම හරි ටොමීට ගැරිසන් පුපුරවපු අයව මුණ ගැහුනා. එයාලා ටොමීට ලොකු රාජකාරියකත් බාර දුන්නා. අපේ පරණ මිත්‍රයා කැම්බල් දැන් රහස් අංශේ ලොක්කෙක්. හැබැයි ග්‍රෙස්ට පින් සිද්ද වෙන්න කැම්බල් දැන් ආබාධිත වෙලා. කැම්බල්, චර්චිල් එක්ක එකතු වෙලා තෝමස් ලවා යමක් කරවන්න සැලසුම් කරනවා. මේ අතරේ පොලී තමන්ගේ නැති වුන දරුවෝ හොයන්න මහන්සි වෙනවා. ටොමීට තමන්ගේ ව්‍යාපාර ලන්ඩන් දක්වා පතුරවන්න ඕනි වෙනවා. මේ වැඩේට එස්මේ නම් තදින්ම විරුද්ද වෙනවා. ගැරිසන් පුපුරවපු අයගේ ඉල්ලීම ඉටු කරන්න “ඒමන් ඩගන්ව” මරන්න ටොමීට සිද්ද වෙනවා.ෂෙල්බි සහෝදරයෝ, ලන්ඩන් වල සබීනිගේ සමාජ ශාලාවකට ගිහින් එතන ලොකු කලබගෑනියක් ඇති කරලා තමන් කවුද කියලා ලන්ඩන් වල අයට පෙන්නලා එනවා. හැබැයි සබීනී කියන්නේ ටොමී හිතපු තරම් ලේසි කෙනෙක් නෙමෙයි.ටොමී මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි කැම්බල් නිසා ජීවිතේ බේර ගන්නවා. සබීනිගේ තව කට්ටියක් ඇඩාව පැහැර ගෙන යනවා. ඔන්න ඔහොමයි පලවෙනි කොටස ඉවර වුනේ. දෙවෙනි කොටසත් රස විදින්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා.
මීළඟ කොටසෙන් හමු වෙමු!!
ilaga episode ekata sub eka ikmanat denawa neda
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු……
Ilaga episode ekatath ikmta sub eka diyan saho
Patta machooo
මං මේකෙන් සබ් සෑහෙන්න ඩවුන්ලෝඩ් කරා. මේ සබ් එක තියෙන්නෙ මේකෙ විතරයි ෆ්ට්ටයි නියම වැඩක් තව දුරටත් මේව කරන්න ශක්තිය දහීර්ය ලැබේව.🤘🤘
Thanks machan