Abyss (2019) [S01 : E14] Sinhala Subtitle
සෝ ජි-වූක් ළඟ තිබුණු අබිස් බෝලය නැවත මින් සතු වෙනවා. හැබැයි බෝලය දැන් කලින් වගේ නෙවෙයි, ඒකේ පාට වෙනස් වෙලා (කළු පාට වෙලා) තියෙන්නේ. ඒ කියන්නේ බෝලයේ තියෙන ශක්තිය අවසන් වෙන්න ළඟයි කියන එකයි.තමන්ගේ රහස් හෙළි වෙයි කියලා බයට සෝ ජි-වූක් දැන් ඉන්නේ “පිස්සෙක්” වගේ. ඔහු මින්ව සහ සෙ-යොන්ව මරා දමන්න ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙනවා. ඔහු සෙ-යොන්ව කාර් එකකින් යට කරන්න පවා උත්සාහ කරනවා.සෙ-යොන්ව බේරගන්න ගිහින් මින්ට දරුණු ලෙස තුවාල වෙනවා. මින් රෝහල්ගත කරන අතරතුර සෙ-යොන් ගොඩක් කම්පනයට පත්වෙනවා. මින්ට මොකක් හරි වුණොත් අබිස් බෝලය පාවිච්චි කරන්න කෙනෙක් නැති වෙන එක ලොකු ප්රශ්නයක්.සෝ ජි-වූක්ගේ අතීතය සහ ඔහු කරපු මිනීමැරුම් ගැන ස්ථිර සාක්ෂි රහස් පරීක්ෂක පාක් දොං-චොල් අතට පත් වෙනවා. දැන් සෝ ජි-වූක්ට පැනලා යන්න පාරවල් වැහීගෙන යන්නේ.ඕ යොං-චොල් සහ සෝ ජි-වූක් අතර තියෙන වෛරය උපරිමයට යනවා. තමන්ගේ පියාව පවා මරා දමන්න තරම් සෝ ජි-වූක් නපුරු වෙනවා.