Avengers: Infinity War (2018) Sinhala Subtitle

May 05, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයූබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ උපසිරැසි අරගෙන එන්නෙ විශේෂ චිත්‍රපටයකට වගේම මගෙ උපසිරැසි දිවියෙත් විශේෂ අවස්ථාවක් මේ. මොකද හේතුව මේ තමයි මගේ 150 වෙනි උපසිරැසිය. වසර දෙකකට මදක් අඩු කාලයක් තුල මේ කඩයිමට ලඟාවීමට හැකිවීම ගැන ඇත්තටම හිතට ගොඩක් සතුටුයි. ඒක වචනවලට පෙරලන්න බැරි එකක් ඇත්තටම කිව්වොත්. 50 සහ 100 කඩයිම්වලදි මම මම ගැන ගොඩක් දේ කිව්ව නිසා අදත් ඒ ගැන කතාකරන්න මගෙ අදහසක් නෑ. අද මම කතාකරන්න ඉන්නෙ මේ 150 කණුව පිටිපස්සෙ ඉන්න අය ගැන. මුලින්ම කියන්න ඕනෙ වෙනත් උපසිරැසි අඩවියකට සම්බන්ධ නොවී (සම්බන්ධ කර නොගෙන) කෙලින්ම Subz LK වලටම සම්බන්ධ වෙන්න ලැබීම මම ලද භාග්‍යයක් විදියටයි මම සලකන්නෙ. මොකද එහෙම නොවුණනම් මට දමිත් ඇතුළු මේ ඇඩ්මින් මණ්ඩලය එක්කවැඩ කරන්න සහ මේ වගේ විශාල පහසුකම් රැසක් අත්විඳින්නත් තිබුණ අවස්ථාව අහිමිව යන්න ඉඩ තිබුණ. අඩවියට පිවිසෙන ඕගොල්ලන්ටත් පේනව ඇති දවසින් දවස අඩවියේ තත්වය උසස් වෙන විදිය. ඒ ඉතිං තනිකරම දමිත්ගෙ සහ ඇඩ්මින් මණ්ඩලයේ මහන්සිය සහ කැපවීම තමයි. විශේෂම දේ මොන විදියේ අලුත් අංග එකතු කලත් අඩවියේ තියන භාවිතා කිරීමේ පහසුව කියන දේ ටිකකින්වත් අඩුනොවෙන එක. ඊට අමතරව උපසිරැසිකරුවන් වන අපේ පැත්තෙනුත් දමිත් ලබාදීල තියන පහසුකම් මම හිතන්නෙ දේශීය හෝ විදේශීය (Subscene වල පවා) කිසිම අඩවියක නෑ. උදාහරණයක් විදියට උපසිරැසියක් අපටම පළකිරීමේ හැකියාව Subscene වල තිබුණත් ලිපියක් පළකිරීමේ හැකියාවක් ඒකෙ නෑ. ඒත් එක්කම පළකරන ලිපිය සහ ඩවුන්ලෝඩ් ලින්ක් ආදී ඕනෑම දෙයක් අවශ්‍යතාවය මත නැවත වෙනස් කිරීමේ හැකියාවත්, අප කිරීමට සතුටු උපසිරැසියක් ඇත්නම් එය අඩවිය හරහා ස්වයංක්‍රීයව තෝරාගැනීමේ පහසුකමත් උපසිරැසිකරුවන් වන අපටම ලබාදෙන්න ඔවුන් පියවර ගත්තා. වැදගත්ම දේ පහසුකම් රැසක් පිරුණ අන්තර්-අඩවි පණිවිඩ හුවමාරු සේවාවක් සහ පළවන ප්‍රතිචාර එවෙලේම අපට පෙන්වන නොටිෆිකේෂන් තීරුවක්ද මේ පහසුකම් අතර තිබීමයි. මෙතන අපූරුම දේ මේ කිසිම පහසුකමක් අපි ඉල්ලා සිටිය දේ නොව ඔවුන් සිය කැමැත්තෙන්ම අපට ලබාදෙන ඒව වීම. මේ සියලු පහසුකම් නිසාමයි අප කරනා උපසිරැසි ඉතා ඉක්මනින් ඔබ වෙතට ගෙන ඒමටත්, ලැබෙන ප්‍රතිචාරවලට ඉක්මන් ප්‍රති පිලිතුරු දීමටත්, අක්‍රීයවන ඩවුන්ලෝඩ් ලින්ක් ආදිය දැනුම්දීමක් ලැබුණ සැනින් යථා තත්වයට පත්කිරීමට හැකියාව ලැබිල තියෙන්නෙ. ඉතිං දමිත්, කවීෂ, සමීර ඇතුළු ඇඩ්මින් මඩුල්ලේ සියලු දෙනාට හදවතින්ම ස්තූතියි අපට මේ ලබාදෙන ශක්තිය වෙනුවෙන්. ඒ වගේම අලුතින් උපසිරැසිකරණයට එක්වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එකතුවෙන්න කියලත් ආරාධනා කරනව Subz LK එක්ක. මොකද මීට වඩා පහසුකම් තියන, මිත්‍රශීලි ඇඩ්මින් මඩුල්ලක් සිටින උපසිරැසි අඩවියක් වෙන කිසිම තැනක නැති බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. නැත්තං මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ මට කීයටවත්. ඊලඟට මතක් කරන්න ඕනෙ හැමදාමත් ප්‍රතිචාරයකින් සහයෝගය දුන් සහ ඉදිරියටත් සහයෝගය දෙන සියලුම දෙනාවත්. නම් වශයෙන් නොකීවත් ඔයගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හෝ ප්‍රතිචාරය තමයි උපසිරැසිකරණයට අපව දිරිගන්වන ඊලඟ වැදගත්ම සාධකය. ඒ එක්කම තව මතක් කරන්න ඕනෙ මගේ මේ උපසිරැසිකරණයට හැකි අයුරින් සහය දෙන මගේ පවුලේ සියලු දෙනාවත්, ටයිප් කරන අතරෙ පරිගණකය ලඟටම එන තේ කෝප්පය පවා ලොකු උදවුවක් වුණා මේ ගමනට. මොකද ලැබෙන විවේකයකදි පැය ගාණක් පරිගණක තිරයක් ඉදිරියට වෙලා යතුරු පුවරුවක් එක්ක ඔට්ටු වෙන එක ඒතරම් පහසු කටයුත්තක් නෙමෙයි. සේරටම වඩා වෙහෙසකර කටයුත්ත ඉංග්‍රීසි දෙබස් හැකිතරම් නිවැරදිව පරිවර්තනය කිරීම. අපේ අසම්පූර්ණ යල්පැනගිය ශබ්දකෝෂ එක්ක මේ කාර්යය තවත් අසීරුයි. සමහර වචනවලට සිංහල අර්ථ හදාගන්න වෙන්නෙ අපිටමයි. අන්තර්ජාලයේ පිහිට නැත්නම් ඉතිං උපසිරැසිකරණය බොහොම නීරස එකක් වෙනව අනිවාර්යයෙන්ම. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ මෙතෙක් කල් අප අඩවිය හා රැඳීසිටිමින් අපට දැක්වූ සහයෝගය ඉදිරියටත් ලබාදෙන්න කියලයි.

එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…

මම කිව්වනෙ මේක විශේෂ චිත්‍රපටයක් කියල. මේ තමයි කොමික්ස් රසිකයන් ඇස් කන් අයාගෙන බලා සිටි මේ වසරේ මාවල් විශ්මය, නොහොත් Avengers: Infinity War තවත් වචනයකින් කිව්වොත් අනන්ත පාෂාණ සංග්‍රාමය. මේ වනවිටත් ලෝකය පුරා අති දැවැන්ත ආදායමක් ලබමින්, IMDB සිනමා දර්ශකයේ 9.0ක් වැනි ඉහලම අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 10වන ස්ථානයත් තමන් සතුකරගෙන සිටින මේ මාවල් විශ්මය Rotten Tomatos වෙතින් ලබා ඇති අගය 84%ක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 96%කගේ ප්‍රසාදයත් ලබාගෙන තියනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණ දායකත්වය ඇන්තනි රුසෝ සහ ජෝ රුසෝ හෙවත් රුසෝ සහෝදරයන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු පරිදි Robert Downey Jr. (අයන් මෑන්/ ටෝනි ස්ටාක්), Chris Hemsworth (තෝර්), Mark Ruffalo (හල්ක්/ බෲස් බැනර්), Chris Evans (කැප්ටන් ඇමරිකා/ ස්ටීව් රොජර්ස්), Scarlett Johansson (නතාෂා රමනොෆ්/බ්ලැක් විඩෝ), Benedict Cumberbatch (ඩොක්ට.ස්ට්‍රේන්ජ්), Don Cheadle (වෝ මැෂින්), Tom Holland (පීටර් පාකර්/ස්පයිඩර් මෑන්), Chadwick Boseman (බ්ලැක් පැන්තර්), Tom Hiddleston (ලෝකි), Zoe Saldana (ගැමෝරා), Karen Gillan (නෙබියුලා), Paul Bettany (විෂන්), Chris Pratt (පීටර් ක්විල්/ ස්ටා-ලෝඩ්), Dave Bautista (ඩ්‍රැක්ස්), Josh Brolin (තානෝස්), Vin Diesel (ගෲට්-හඬ), Bradley Cooper (රොකට්-හඬ) ඇතුළු අපට සුපුරුදු නළුනිලියන් පිරිසක්. Thor: Ragnarok (2017) වගේම මේ චිත්‍රපටයත් ගොඩක්ම හාස්‍ය පැත්තට බර කරල තියනව වගේම හැඟීම්බර අවස්ථාත් ඒ අතරෙම සාර්ථකව ඉදිරිපත් කරල තියනව. කොහොමහරි ස්පයිඩර් මෑන්ට පණපොවන Tom Hollandටනම් පොඩි දඬුවමක් දෙන්න අධ්‍යක්ෂක දෙපල තීරණය කරල තියනව. ඒ තමයි ඔහුට තිර පිටපත කියවීම තහනම් කිරීම.  ඒකට හේතුව Spider-Man: Homecoming (2017) තිරගත වෙන්න පෙර එහි තිර පිටපතේ කතාවේ රහස් ඕනෑවට වැඩියෙන් හෙලිකර අසුවීම. ඒ වගේම කැප්ටන් ඇමරිකාව අලුත් පෙනුමකින් දැකගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගාඩියන්ස් ඔෆ් ගැලක්සි පිරිවර ඇවෙන්ජර්ස්ල මුණ ගැහෙන පළමු අවස්ථාවත් මෙය වනු ඇති. තෝර් රැග්නරොක් හීදී කරණවෑමි චරිතයකට පණපොවපු ස්ටෑන් ලී සුපුරුදු පරිදි මේ වතාවෙත් තවත් අපූරු කැමියෝ එකකින් දැකගන්න පුළුවන්. එසේම විනාඩි 156ක ධාවන කාලයකින් යුත් මෙය තමයි මාවල් සිනමා විශ්වයේ දීර්ඝතම චිත්‍රපටය ඒ විනාඩි 147ක ධාවන කාලයක් තිබූ Captain America : Civil War වලින් පසුව.

දැන් අපි යමු කතාව පැත්තට…

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙ අවසානය. සතාර් අතින් ඇස්ගාඩය සහමුලින්ම විනාශ වුණාට පස්සෙ එයින් දිවිගලවාගත් ඇස්ගාඩ වැසියන්ව තෝර් විසින් යානයක දමාගෙන අරගෙන යනවා ආරක්ෂිත ස්ථානයක් (පෘතුවිය) කරා. ඔඩිනුත් මිය ගිහින් නිසා තෝර් තමයි නව ජනතාවගේ රජු. එහි පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයකදී අපි දැක්ක තෝර් සහ ලෝකි දෙන්න සාකච්ජාවක ඉන්නව. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති ඒ සාකච්ජාවට බාධා වුනා. ඔවුන් ගමන්කල යානය ඉදිරියට තවත් අති දැවැන්ත යානාවක් පැමිණීම නිසා. ඒක අයිති කාටද කියල පෙන්නන්න කලින්  දර්ශනය අවසන් වුණත් අපි හැමෝම තේරුම්ගත්තනෙ යානෙ කාගෙද කියල. වෙන කාගෙද තානෝස්ගෙනෙ. ඒ වගේ දැවැන්ත යුධ යානයකට අසුවුණ තෝර්ගෙ යානයට  මොනවගේ දෙයක් වෙන්න ඇතිද? අන්න එතනින් තමයි මේ Infinity War ආරම්භ වෙන්නෙ. එතනින් එහාට කියල ඔයගොල්ලන්ගෙ රසවින්දනයට බාධා කරන්නෙ නෑ මම. එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම. මතක ඇතිව  පහලින් තියන ටිකත් කියවන්න.

පිටපත :-

  • Bluray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර උපසිරැසි ගොණුව තුල WEB-DL පිටපතට සැකසූ උපසිරැසියද ඇතුලත්ය.
  • ඉහලින් ඇති බාගතකිරීම් ලින්ක් එක WEB-DL පිටපත සඳහාවන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.

විශේෂ :-

  • මෙහි තියෙන්නෙ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් විතරයි. Iron Man 3 (2013) චිත්‍රපටයෙන් පස්සෙ ප්‍රථම වතාවටයි එහෙම වෙන්නෙ.
  • ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි මාවල් ස්ටුඩියෝස් ලාංජනයෙ “io” අකුරු දෙක 10 විදියට පේන්න හයිලයිට් වෙනවා. ඒ මාවල් සිනමා විශ්වයේ දසවන වර්ෂ පූර්ණය  සිහිවෙන්නයි.
  • මේකෙදි පීටර් ක්විල් තානෝස්ව හඳුන්වන්නෙ ගැමෝරගෙ බාප්පා කියලයි. හැබැයි ඇත්තටම තානෝස් ගැමෝරව හදාවඩාගත් කෙනා විතරයි.
  • ගාඩියන්ස් ඔෆ් ගැලක්සිවලදි ගැමෝරව හඳුන්වන්නෙ ඇගේ කුලකයේ අවසන් ජීවියා කියලයි. හැබැයි මේකෙදි ඒක වෙනස් වෙනවා.
  • ඩොක්ට.ස්ට්‍රේන්ජ්ට තමන්ගෙ ප්‍රධානම හැකියාවක් භාවිතා කරන්න අමතක වෙනව අවශ්‍යම වෙලාවලදි.
  • Footloose (1984), මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කලේ කෙවින් බේකන්. මැන්ටිස් මේ නම සඳහන් කරනව එක් වතාවක්. 80 දශකයේ එකක් නිසා බොහෝවිට ඒක ගැන මැන්ටිස්ට කියන්න ඇත්තෙ පීටර් වෙන්න ඕනෙ. පස්සෙ ඒක හරියටම තහවුරු වෙනව.
  • මතකද රැග්නරොක් එකේදි ඔඩින්ගෙ සේප්පුව තුල තිබූ ටෙසරැක්ටය දිහා ලෝකි අමුතු බැල්මක් දාගෙන යනවා. ඒකට මොකද වුණේ කියලත් බලාගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.
  • මතකද රැග්නරොක් එකේදි හෙලා සහ ස්කර්ජ් ඔඩින්ගේ සේප්පුවෙ ඇවිදිද්දි ලෝහ අත්වැස්ම දකින හෙලා කිව්ව දේ, ” ව්‍යාජ එකක්”. ඒක හරි කියල තේරෙනව මේකෙදි.
  • පීටර් පාකර්ගෙ ස්පයිඩර් සංවේදනය පළමු වතාවට දකින්න පුළුවන් මේකෙදි.
  • ටෝනි එබනි මාව්ට “ස්ක්විඩ්වර්ඩ්” කියල කියනව. මේ තමයි ස්ක්විඩ්වර්ඩ්.
  • 80 දශකයෙ දේවල් අඩුනැතුව තියනවනෙ පීටර් ක්විල් ඉන්න තැන. ඔන්න Arcade Defender ඉලෙක්ට්‍රොනික් ගේම් එකත් තියනව මේකෙ.
  • Grimace (ග්‍රිමේස්), මේකත් 80 දශකය හා සම්බන්ධයි. මැක්ඩොනල්ඩ්ස් ආහාර ජාලය ඒ කාලෙ ප්‍රචාරණයට යොදාගත් චරිතයක්.
  • මේ වගේ තවත් Easter Eggs සහ Callbacks විශාල ප්‍රමාණයක් තියනවා චිත්‍රපටය තුල. මේ දැම්මෙ එයින් ටිකක් විතරයි. සමහර ඒව දැම්මොත් රසවින්දනයට බාධාවක් වෙනව.
Download Links
720P
TOR
720P
TOR
Available Torrents
3D bluray 2.39 GB
720p bluray 1.25 GB
1080p bluray 2.39 GB
2160p bluray 7.32 GB
720p web 1.24 GB
1080p web 2.39 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (98)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 66

    හසිත සහෝ එහෙනං ඔන්න 150 ත් පසු කරා. දැනෙන සතුටනම් ඉතින් කියාගන්න බැහැ. මොකද අපේ උපසිරැසි සෙට් එකේ අයියා තමා හසිත කියන්නේ, වයසින් නම් නෙවෙයි, වැඩ වලින්🤗 කොච්චර වැඩ තිබුනත් කාගේ හරි විශේෂ කඩයිමක් හෝ වෙබ් අඩවියේ විශේෂ අවස්තාවක් නම් මම එනවා කොහේ හිටියත්, ඔන්න අදත් ආවා ඒ වගේම. අද උපසිරැසිය මගේ අතින්ම පල කිරීමට ලැබුන එකත් මාර සතුටුයි. මොකද එක අතකින් හසිත සහෝගේ 150, අනික් අතින් ලොකු කුඩා කවුරුත් ඇගිලි ගැන ගැන ඉන්න මාවල් විශ්වය හොල්ලන ඒ සිනමා පටය. ලිපියත් කියෙව්වා. ඒකත් නියමයි හැමදාමත් වගේම.🤗 ඉතින් තව කවර කතාද, කියන්න තියෙන්නේ 150 ට සුබ පැතුම්. වගේම හැමදාමත් වගේම ප්‍රාර්ථනය 200, 300, 500, නෙවෙයි ඊටත් එහා යන්න පුළුවන් වෙන්න කියලයි. වගේම නිහතමානි හසිත සහෝට තව තවත් උපසිරැසි කරන්න වගේම පෞද්ගලික ජීවිතේ සියලු දේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 52

      බොහොමත්ම ස්තූතියි ,සමීර, ප්‍රතිචාරයට 🙂 ෆොටෝ එකත් ලස්සණට එඩිට් කරල තියනවා.

  • viraj Unregistered
    Windows 8.1 Firefox 59

    150ta suba pathum. sub ekata thanks saho. jaya wewa!!

  • gihan Unregistered
    Android 4.4 Chrome 63

    150 congratz broo

  • Asitha Madusanka Expert Subtitler
    Android 4.3 Facebook App 89

    ඇත්තටම හරිම සතුටුය්…ඉස්සෙලාම සුබ පැතුම් එක් කරනවා ඔයාට…මේකට සබ් එක කරලා මම මගේ උපන්දිනය දවසෙ දාන්න හිටියේ..ඊයේ තමා උපන්දිනය..ඒත් අපේ සුමින්ද මල්ලියා කිව්වා හසියා 150 ගහනවා අපි එයාට කරන්න දෙමුද කියලා ..මම එක පය්න්ම එයාට කිව්වා මට හරිම සතුටුය් ඒ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන කියලා…මේ වෙලාවේ මම ඒ මල්ලියාවත් මතක් කරනවා…දිගටම කරගෙන යමු යාලුවා…

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 52

      අයියෝ ඒකත් එහෙමද, මම දැනන් හිටියෙ නෑ 😪 , අසිත, ඔයාට මේකට සබ් කරන්න අදහසක් තිබුණ කියල. එහෙනම් ඊලඟමාවල් එකටවත් ට්‍රයි එකක් දෙමු නේ 👍 . .. කොහොමහරි 🍔🍔 සුභම සුභ උපන්දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. (100 කඩයිමට එනකං මග බලාගෙන ඉන්නෙ, ඉක්මනට 100ටත් එමු ) බොහොම ස්තූතියි ප්‍රතිචාරයට 🙂

    • Asitha Madusanka Expert Subtitler
      Windows 8.1 Opera 42

      මේ දිනවල කාලය තමයි හරස් වෙලා තියෙන්නේ ශතකය ගහන්න….ඒක ගැන හිතන්න එපා150 වෙනුවෙන් මගෙන් පුංචි තෑග්ගක් කොහේ ගියත් හසිතලා තමා වැඩ්ඩෝ….

  • Madawa mihiranga Unregistered
    Android 5.1 Facebook App 75

    150ta suba pathum saho… patta filumak <3

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx oyata me film eka enakan hitiye

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    150 subapathum oyata

  • Mithun Unregistered
    Android 7 Chrome 66

    Congratulations සහෝ…150කුත් එහෙනම් ගැහුව නෙද.. .. sabz.lk වලට වසනාවකට ආපු උපසිරැසිකරුවෙක් ,කරන වැඩේ දැනෙන්නම කරනව අවන්කවම. මාත් හොද ෆිල්ම් එකක් ආපුම දිගටම කමෙන්ට් දාන්නෙ ඔයාගෙ උපසිරැසිවල තියෙන රහ හොදටම දන්න නිසයි, ඔයාගෙන් සබ් ගන්න පිරිස එක දන්නව ඇති. වෙනස කොහොමද කියල . ___ ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා, එවත් සාර්ථක කරගන්න ගමන් මේ සෙවයත් කරන්න ශක්තිය ,ධෛර්යය ,සතුට ලැබෙව.____ මේක නම් පුද්ගලිකවම බලම් උන්න එකක් ,බ්ලුරේ එනකල්ම ඉන්නව. දැම් ඉතින් බොක්කටම වදින්න බලනන්න පුලුවන් සබ් හසිතගෙනෙ.. සතුටුයි 😊✨✨✨✨✨✨✨🍟

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 52

      බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා, අපට හැමදාමත් දක්වන හෘදයාංගම සහයෝගයට 🙂

    • Sajee Unregistered
      Windows 8.1 Opera 52

      Shikkari Shambhu ෆිල්ම් එකේ sub එක පුලුවන්නම් දාන්ඩ සහෝ…

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 60

    Congratulations broooooo………. & Thanks………..

  • Shan Unregistered
    Android 6 UC Browser 11.1

    Sub එකට පට්ට thanks බ්‍රෝ👆👍💪💪

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 59

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 52

      බොහොමත්ම ස්තූතියි, Kantha 🙂

  • kasun Unregistered
    Windows 7 Firefox 59

    mena boleeeeeee wadaaaaaaakkkkkkkkkkkkkkkkk avengeraya mehene bnnnnnnnnnnnnnnnnnnnnnn attaaaaaaaaaaaaaaaaaaa.150taaaaaaaaaaa suba pathummmmmmmmmmmmm kollooooooooooooooooo thawa sub denaaaaaaaaaaa

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search