Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Avengers: Infinity War (2018) Sinhala Subtitle

Avengers: Infinity War (2018) Sinhala Subtitle

May 05, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 9.0
GENRES
ActionAdventureEnglish MoviesfantasyGenresMovies
CAST

robert downey jr., chris hemsworth, mark ruffalo, chris evans

ආයූබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ උපසිරැසි අරගෙන එන්නෙ විශේෂ චිත්‍රපටයකට වගේම මගෙ උපසිරැසි දිවියෙත් විශේෂ අවස්ථාවක් මේ. මොකද හේතුව මේ තමයි මගේ 150 වෙනි උපසිරැසිය. වසර දෙකකට මදක් අඩු කාලයක් තුල මේ කඩයිමට ලඟාවීමට හැකිවීම ගැන ඇත්තටම හිතට ගොඩක් සතුටුයි. ඒක වචනවලට පෙරලන්න බැරි එකක් ඇත්තටම කිව්වොත්. 50 සහ 100 කඩයිම්වලදි මම මම ගැන ගොඩක් දේ කිව්ව නිසා අදත් ඒ ගැන කතාකරන්න මගෙ අදහසක් නෑ. අද මම කතාකරන්න ඉන්නෙ මේ 150 කණුව පිටිපස්සෙ ඉන්න අය ගැන. මුලින්ම කියන්න ඕනෙ වෙනත් උපසිරැසි අඩවියකට සම්බන්ධ නොවී (සම්බන්ධ කර නොගෙන) කෙලින්ම Subz LK වලටම සම්බන්ධ වෙන්න ලැබීම මම ලද භාග්‍යයක් විදියටයි මම සලකන්නෙ. මොකද එහෙම නොවුණනම් මට දමිත් ඇතුළු මේ ඇඩ්මින් මණ්ඩලය එක්කවැඩ කරන්න සහ මේ වගේ විශාල පහසුකම් රැසක් අත්විඳින්නත් තිබුණ අවස්ථාව අහිමිව යන්න ඉඩ තිබුණ. අඩවියට පිවිසෙන ඕගොල්ලන්ටත් පේනව ඇති දවසින් දවස අඩවියේ තත්වය උසස් වෙන විදිය. ඒ ඉතිං තනිකරම දමිත්ගෙ සහ ඇඩ්මින් මණ්ඩලයේ මහන්සිය සහ කැපවීම තමයි. විශේෂම දේ මොන විදියේ අලුත් අංග එකතු කලත් අඩවියේ තියන භාවිතා කිරීමේ පහසුව කියන දේ ටිකකින්වත් අඩුනොවෙන එක. ඊට අමතරව උපසිරැසිකරුවන් වන අපේ පැත්තෙනුත් දමිත් ලබාදීල තියන පහසුකම් මම හිතන්නෙ දේශීය හෝ විදේශීය (Subscene වල පවා) කිසිම අඩවියක නෑ. උදාහරණයක් විදියට උපසිරැසියක් අපටම පළකිරීමේ හැකියාව Subscene වල තිබුණත් ලිපියක් පළකිරීමේ හැකියාවක් ඒකෙ නෑ. ඒත් එක්කම පළකරන ලිපිය සහ ඩවුන්ලෝඩ් ලින්ක් ආදී ඕනෑම දෙයක් අවශ්‍යතාවය මත නැවත වෙනස් කිරීමේ හැකියාවත්, අප කිරීමට සතුටු උපසිරැසියක් ඇත්නම් එය අඩවිය හරහා ස්වයංක්‍රීයව තෝරාගැනීමේ පහසුකමත් උපසිරැසිකරුවන් වන අපටම ලබාදෙන්න ඔවුන් පියවර ගත්තා. වැදගත්ම දේ පහසුකම් රැසක් පිරුණ අන්තර්-අඩවි පණිවිඩ හුවමාරු සේවාවක් සහ පළවන ප්‍රතිචාර එවෙලේම අපට පෙන්වන නොටිෆිකේෂන් තීරුවක්ද මේ පහසුකම් අතර තිබීමයි. මෙතන අපූරුම දේ මේ කිසිම පහසුකමක් අපි ඉල්ලා සිටිය දේ නොව ඔවුන් සිය කැමැත්තෙන්ම අපට ලබාදෙන ඒව වීම. මේ සියලු පහසුකම් නිසාමයි අප කරනා උපසිරැසි ඉතා ඉක්මනින් ඔබ වෙතට ගෙන ඒමටත්, ලැබෙන ප්‍රතිචාරවලට ඉක්මන් ප්‍රති පිලිතුරු දීමටත්, අක්‍රීයවන ඩවුන්ලෝඩ් ලින්ක් ආදිය දැනුම්දීමක් ලැබුණ සැනින් යථා තත්වයට පත්කිරීමට හැකියාව ලැබිල තියෙන්නෙ. ඉතිං දමිත්, කවීෂ, සමීර ඇතුළු ඇඩ්මින් මඩුල්ලේ සියලු දෙනාට හදවතින්ම ස්තූතියි අපට මේ ලබාදෙන ශක්තිය වෙනුවෙන්. ඒ වගේම අලුතින් උපසිරැසිකරණයට එක්වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එකතුවෙන්න කියලත් ආරාධනා කරනව Subz LK එක්ක. මොකද මීට වඩා පහසුකම් තියන, මිත්‍රශීලි ඇඩ්මින් මඩුල්ලක් සිටින උපසිරැසි අඩවියක් වෙන කිසිම තැනක නැති බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. නැත්තං මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ මට කීයටවත්. ඊලඟට මතක් කරන්න ඕනෙ හැමදාමත් ප්‍රතිචාරයකින් සහයෝගය දුන් සහ ඉදිරියටත් සහයෝගය දෙන සියලුම දෙනාවත්. නම් වශයෙන් නොකීවත් ඔයගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හෝ ප්‍රතිචාරය තමයි උපසිරැසිකරණයට අපව දිරිගන්වන ඊලඟ වැදගත්ම සාධකය. ඒ එක්කම තව මතක් කරන්න ඕනෙ මගේ මේ උපසිරැසිකරණයට හැකි අයුරින් සහය දෙන මගේ පවුලේ සියලු දෙනාවත්, ටයිප් කරන අතරෙ පරිගණකය ලඟටම එන තේ කෝප්පය පවා ලොකු උදවුවක් වුණා මේ ගමනට. මොකද ලැබෙන විවේකයකදි පැය ගාණක් පරිගණක තිරයක් ඉදිරියට වෙලා යතුරු පුවරුවක් එක්ක ඔට්ටු වෙන එක ඒතරම් පහසු කටයුත්තක් නෙමෙයි. සේරටම වඩා වෙහෙසකර කටයුත්ත ඉංග්‍රීසි දෙබස් හැකිතරම් නිවැරදිව පරිවර්තනය කිරීම. අපේ අසම්පූර්ණ යල්පැනගිය ශබ්දකෝෂ එක්ක මේ කාර්යය තවත් අසීරුයි. සමහර වචනවලට සිංහල අර්ථ හදාගන්න වෙන්නෙ අපිටමයි. අන්තර්ජාලයේ පිහිට නැත්නම් ඉතිං උපසිරැසිකරණය බොහොම නීරස එකක් වෙනව අනිවාර්යයෙන්ම. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ මෙතෙක් කල් අප අඩවිය හා රැඳීසිටිමින් අපට දැක්වූ සහයෝගය ඉදිරියටත් ලබාදෙන්න කියලයි.

එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…

මම කිව්වනෙ මේක විශේෂ චිත්‍රපටයක් කියල. මේ තමයි කොමික්ස් රසිකයන් ඇස් කන් අයාගෙන බලා සිටි මේ වසරේ මාවල් විශ්මය, නොහොත් Avengers: Infinity War තවත් වචනයකින් කිව්වොත් අනන්ත පාෂාණ සංග්‍රාමය. මේ වනවිටත් ලෝකය පුරා අති දැවැන්ත ආදායමක් ලබමින්, IMDB සිනමා දර්ශකයේ 9.0ක් වැනි ඉහලම අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 10වන ස්ථානයත් තමන් සතුකරගෙන සිටින මේ මාවල් විශ්මය Rotten Tomatos වෙතින් ලබා ඇති අගය 84%ක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 96%කගේ ප්‍රසාදයත් ලබාගෙන තියනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණ දායකත්වය ඇන්තනි රුසෝ සහ ජෝ රුසෝ හෙවත් රුසෝ සහෝදරයන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු පරිදි Robert Downey Jr. (අයන් මෑන්/ ටෝනි ස්ටාක්), Chris Hemsworth (තෝර්), Mark Ruffalo (හල්ක්/ බෲස් බැනර්), Chris Evans (කැප්ටන් ඇමරිකා/ ස්ටීව් රොජර්ස්), Scarlett Johansson (නතාෂා රමනොෆ්/බ්ලැක් විඩෝ), Benedict Cumberbatch (ඩොක්ට.ස්ට්‍රේන්ජ්), Don Cheadle (වෝ මැෂින්), Tom Holland (පීටර් පාකර්/ස්පයිඩර් මෑන්), Chadwick Boseman (බ්ලැක් පැන්තර්), Tom Hiddleston (ලෝකි), Zoe Saldana (ගැමෝරා), Karen Gillan (නෙබියුලා), Paul Bettany (විෂන්), Chris Pratt (පීටර් ක්විල්/ ස්ටා-ලෝඩ්), Dave Bautista (ඩ්‍රැක්ස්), Josh Brolin (තානෝස්), Vin Diesel (ගෲට්-හඬ), Bradley Cooper (රොකට්-හඬ) ඇතුළු අපට සුපුරුදු නළුනිලියන් පිරිසක්. Thor: Ragnarok (2017) වගේම මේ චිත්‍රපටයත් ගොඩක්ම හාස්‍ය පැත්තට බර කරල තියනව වගේම හැඟීම්බර අවස්ථාත් ඒ අතරෙම සාර්ථකව ඉදිරිපත් කරල තියනව. කොහොමහරි ස්පයිඩර් මෑන්ට පණපොවන Tom Hollandටනම් පොඩි දඬුවමක් දෙන්න අධ්‍යක්ෂක දෙපල තීරණය කරල තියනව. ඒ තමයි ඔහුට තිර පිටපත කියවීම තහනම් කිරීම.  ඒකට හේතුව Spider-Man: Homecoming (2017) තිරගත වෙන්න පෙර එහි තිර පිටපතේ කතාවේ රහස් ඕනෑවට වැඩියෙන් හෙලිකර අසුවීම. ඒ වගේම කැප්ටන් ඇමරිකාව අලුත් පෙනුමකින් දැකගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගාඩියන්ස් ඔෆ් ගැලක්සි පිරිවර ඇවෙන්ජර්ස්ල මුණ ගැහෙන පළමු අවස්ථාවත් මෙය වනු ඇති. තෝර් රැග්නරොක් හීදී කරණවෑමි චරිතයකට පණපොවපු ස්ටෑන් ලී සුපුරුදු පරිදි මේ වතාවෙත් තවත් අපූරු කැමියෝ එකකින් දැකගන්න පුළුවන්. එසේම විනාඩි 156ක ධාවන කාලයකින් යුත් මෙය තමයි මාවල් සිනමා විශ්වයේ දීර්ඝතම චිත්‍රපටය ඒ විනාඩි 147ක ධාවන කාලයක් තිබූ Captain America : Civil War වලින් පසුව.

දැන් අපි යමු කතාව පැත්තට…

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙ අවසානය. සතාර් අතින් ඇස්ගාඩය සහමුලින්ම විනාශ වුණාට පස්සෙ එයින් දිවිගලවාගත් ඇස්ගාඩ වැසියන්ව තෝර් විසින් යානයක දමාගෙන අරගෙන යනවා ආරක්ෂිත ස්ථානයක් (පෘතුවිය) කරා. ඔඩිනුත් මිය ගිහින් නිසා තෝර් තමයි නව ජනතාවගේ රජු. එහි පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයකදී අපි දැක්ක තෝර් සහ ලෝකි දෙන්න සාකච්ජාවක ඉන්නව. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති ඒ සාකච්ජාවට බාධා වුනා. ඔවුන් ගමන්කල යානය ඉදිරියට තවත් අති දැවැන්ත යානාවක් පැමිණීම නිසා. ඒක අයිති කාටද කියල පෙන්නන්න කලින්  දර්ශනය අවසන් වුණත් අපි හැමෝම තේරුම්ගත්තනෙ යානෙ කාගෙද කියල. වෙන කාගෙද තානෝස්ගෙනෙ. ඒ වගේ දැවැන්ත යුධ යානයකට අසුවුණ තෝර්ගෙ යානයට  මොනවගේ දෙයක් වෙන්න ඇතිද? අන්න එතනින් තමයි මේ Infinity War ආරම්භ වෙන්නෙ. එතනින් එහාට කියල ඔයගොල්ලන්ගෙ රසවින්දනයට බාධා කරන්නෙ නෑ මම. එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම. මතක ඇතිව  පහලින් තියන ටිකත් කියවන්න.

පිටපත :-

  • Bluray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර උපසිරැසි ගොණුව තුල WEB-DL පිටපතට සැකසූ උපසිරැසියද ඇතුලත්ය.
  • ඉහලින් ඇති බාගතකිරීම් ලින්ක් එක WEB-DL පිටපත සඳහාවන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.

විශේෂ :-

  • මෙහි තියෙන්නෙ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් විතරයි. Iron Man 3 (2013) චිත්‍රපටයෙන් පස්සෙ ප්‍රථම වතාවටයි එහෙම වෙන්නෙ.
  • ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි මාවල් ස්ටුඩියෝස් ලාංජනයෙ “io” අකුරු දෙක 10 විදියට පේන්න හයිලයිට් වෙනවා. ඒ මාවල් සිනමා විශ්වයේ දසවන වර්ෂ පූර්ණය  සිහිවෙන්නයි.
  • මේකෙදි පීටර් ක්විල් තානෝස්ව හඳුන්වන්නෙ ගැමෝරගෙ බාප්පා කියලයි. හැබැයි ඇත්තටම තානෝස් ගැමෝරව හදාවඩාගත් කෙනා විතරයි.
  • ගාඩියන්ස් ඔෆ් ගැලක්සිවලදි ගැමෝරව හඳුන්වන්නෙ ඇගේ කුලකයේ අවසන් ජීවියා කියලයි. හැබැයි මේකෙදි ඒක වෙනස් වෙනවා.
  • ඩොක්ට.ස්ට්‍රේන්ජ්ට තමන්ගෙ ප්‍රධානම හැකියාවක් භාවිතා කරන්න අමතක වෙනව අවශ්‍යම වෙලාවලදි.
  • Footloose (1984), මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කලේ කෙවින් බේකන්. මැන්ටිස් මේ නම සඳහන් කරනව එක් වතාවක්. 80 දශකයේ එකක් නිසා බොහෝවිට ඒක ගැන මැන්ටිස්ට කියන්න ඇත්තෙ පීටර් වෙන්න ඕනෙ. පස්සෙ ඒක හරියටම තහවුරු වෙනව.
  • මතකද රැග්නරොක් එකේදි ඔඩින්ගෙ සේප්පුව තුල තිබූ ටෙසරැක්ටය දිහා ලෝකි අමුතු බැල්මක් දාගෙන යනවා. ඒකට මොකද වුණේ කියලත් බලාගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.
  • මතකද රැග්නරොක් එකේදි හෙලා සහ ස්කර්ජ් ඔඩින්ගේ සේප්පුවෙ ඇවිදිද්දි ලෝහ අත්වැස්ම දකින හෙලා කිව්ව දේ, ” ව්‍යාජ එකක්”. ඒක හරි කියල තේරෙනව මේකෙදි.
  • පීටර් පාකර්ගෙ ස්පයිඩර් සංවේදනය පළමු වතාවට දකින්න පුළුවන් මේකෙදි.
  • ටෝනි එබනි මාව්ට “ස්ක්විඩ්වර්ඩ්” කියල කියනව. මේ තමයි ස්ක්විඩ්වර්ඩ්.
  • 80 දශකයෙ දේවල් අඩුනැතුව තියනවනෙ පීටර් ක්විල් ඉන්න තැන. ඔන්න Arcade Defender ඉලෙක්ට්‍රොනික් ගේම් එකත් තියනව මේකෙ.
  • Grimace (ග්‍රිමේස්), මේකත් 80 දශකය හා සම්බන්ධයි. මැක්ඩොනල්ඩ්ස් ආහාර ජාලය ඒ කාලෙ ප්‍රචාරණයට යොදාගත් චරිතයක්.
  • මේ වගේ තවත් Easter Eggs සහ Callbacks විශාල ප්‍රමාණයක් තියනවා චිත්‍රපටය තුල. මේ දැම්මෙ එයින් ටිකක් විතරයි. සමහර ඒව දැම්මොත් රසවින්දනයට බාධාවක් වෙනව.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.

Avengers: Infinity War (2018) Sinhala Subtitle + Video

කිසිදු MP4 වීඩියෝවක් හමුනොවුනි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
55715 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
720P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
6 FILES
3D bluray 2.39 GB x264
▲19 · ▼5
Magnet GET
720p bluray 1.25 GB x264
▲97 · ▼14
Magnet GET
1080p bluray 2.39 GB x264
▲100 · ▼100
Magnet GET
2160p bluray 7.32 GB x265
Magnet GET
720p web 1.24 GB x264
Magnet GET
1080p web 2.39 GB x264
▲100 · ▼27
Magnet GET
Discussion (98)
← Older
Newer →
  • geeganagamages Unregistered
    Windows 7 Chrome 60
    2018-05-08

    හදවතින්ම සුභ පතනවා 150 වෙනි උපසිරැසියට මේක එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක් ඒ වුනාට බ්ලුරේ එනකල්ම ඉන්නවා. බොහොම ස්තුතියි .

    Reply
  • Samith Unregistered
    Windows 7 Chrome 66
    2018-05-08

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    Reply
  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63
    2018-05-09

    150හට 250ක්x(2x+3y)+(a+4d)=infinity 🔁🔁අනන්තයටම ස්තුති හසිත සහො.🙂එකසිය පනහ සුපිරි ෆිලුමත් එවගේම සුපිරි👍👍.ඉතිං මෙච්චරකාලයක් අපිට උපසිරසක් ගේන්න වෙච්ච මහන්සිය හදවතිම්ම අගයකරනවා❤️❤️.ගොඩ කාලෙකට කලින් 13 reason why වලින් පටන්ගත්ත පාර පට්ට කතා තොගයක්ම බැලුව ඔයා මහන්සිවෙලා උපසිරස කරපුනිසා එයින් මම කැමතිම කිහිපයක්ම කියාගෙන යන්නම්1)අපිව ස්පැනිෂ් කතා බලන්න පිස්සුවට්ටපු සියලුම ෆිල්ම් ටික.2)ආසම ඇනිමෙෂන් එක වෙච්ච කොකො.3)ආසම drama එක 3බිල්බොඩ්4)ආසම ඇක්ෂ් සුපර් හිරො thor5)ඔයාගේ ලැබිච්චහොදම හින්දි ෆිලුම half gf6)korean එක සපත්තු අස්සෙ උත්තර පත්‍ර😂පාං බනිස් කොච්චර කැවත් බත් කැවවගෙ ඇගට දැනුන මැන් from earthතව ඔවගේ තොගයක් තියනව ඔයාට පිංසිද්ද වෙන්න බලපු.ස්තුති එ හැම එකකටම සහො.

    Reply
    • Sam fisher Unregistered
      Android 5.1 Chrome 63
      2018-05-09

      අර තේ කොප්පෙ ගෙනත් දෙන්නෙ කවුද😆😆

    • Sam fisher Unregistered
      Android 5.1 Chrome 63
      2018-05-09

      අපිට මෙවගෙ තැනක් උපසිරස බලන්නdownload කරන්න තැනක් හදල දිපු දමිත්ලවත් අමතක කරන්නබැ.කොහොම මහන්සියක් වෙනවද කියල හිතාගන්න පුලුවන්.මුල් කාලෙදි සයිට් එක එක පාරක් දෙපාරක් ඩවුන් උනාට පස්සෙ කවදාවත් එවගෙ ප්‍ර්‍රශ්නයක් ඇතිඋන්නැ.දැං සයිට් එක හරිම detail නියමයි.අයන්ස්පිඩිය අනික.හොදට හිතන නිර්මාන ශිලි ඇඩ්ඩිං අයියල😂😂😂ටිකටත් ස්තුති කියන්නම ඔනි.ගුඩ් ජොබ් කොල්ලනෙ👍👍👍👍වෙඩිවගෙ🔫🔫🔫🔫🔫ආ👍

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59
      2018-05-11

      හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා 🙂 ❤ ඔයගොල්ලන්ගෙ හයියත් එක්ක තමයි අපි මෙහෙම ගමනක් යන්නෙ. අනිවාර්යයෙන්ම දමිත්ල ඉතිං වැඩකරුවොම තමයි.සයිට් එක තියන පිළිවෙල පේනවනෙ. * තේ කෝප්පෙ ගෙනත් දෙන්නෙනං ඉතිං ගෙදර අයම තමයි. අපිට එහෙම විශේෂ කවුරුත් නෑනෙ තාම.

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-08-01

      මොකද අපේ සෑම්ට වුණේ 😦 ? ? ඔන්න WeB-Dl අප්ඩේට් කලා.

  • දමිත් Unregistered
    Windows 10 Chrome 66
    2018-05-09

    සුපිරි චිත්‍රපටයකට සුපිරි ලිිපියක් දීලා තියෙන්නේ.හසිත සහෝ ගේ උපසිරැසි ගුණාත්මක බවින් ඉහලයි කියන එක අපි හැමෝම දන්න කාරණයක්.මම ඒක දැනගත්තේ Watchmen (2009) චි්‍රපටයට ඔයා කරපු සබ් එක දැකලා.150ට මගේ සුබ පැතුම් සහෝ.ජයෙන් ජයම වේවා!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59
      2018-05-11

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, දමිත් 🙂

  • Madusha Unregistered
    Windows 10 Firefox 60
    2018-05-10

    150 උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියිජය වේවා!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Firefox 59
      2018-05-11

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මධූෂ 🙂

  • Sandun rp Unregistered
    Android 5.1 Chrome 50
    2018-05-11

    Good luck bro….

    Reply
  • Supun Chamara Madhushan Unregistered
    Windows 10 Chrome 66
    2018-05-11

    hd hari brry webrip ahema update une nadda

    Reply
  • Dinu™️ Unregistered
    Android 6 UC Browser 12.5
    2018-05-13

    TNx broCongratz 🤘💪👍👌✌️👏

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 66
    2018-05-15

    ගොඩක් ස්තුතියි හසිත …මට ඇත්තටම හසිත ගැන කියන්න දෙයක් නැහැ ..හසිත ගැන කියන්න තියෙන සේරම දේවල් මම කලින්ම කියලා තියෙනවා ..මම හැදුවේ නත්තල් ගහක් නම් එහි තරුව හසිත ..මොකද නත්තල් ගහක් එහි තරුව නැතිව සම්පුර්ණ නැහැ ..ඒ වගේම එක නත්තල් ගහක් වෙන්නේ නැහැ …සෑම් කියනවා වාගේ (සෑම් ද නැත්නම් same ද )දෙපාරක් down උනා ..එක ඇත්තටම අපේ ලංකාවේ හොස්ටින් කරන අයගේ හොදකම තමා එතින් ..කොහොමහරි ඒ අවස්ථා වලදී මට ඉන්න බැරි උනා …අපිට වඩා හසිත කට්ටිය දැන ගන්න ආසා ඔයා ගැන .. subz.lk එකේ හදවත ඔබයි …….ඔබට මාගෙන් උණුසුම් සුබ පැතුම් !!!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 53
      2018-05-16

      බොහොම ස්තූතියි, දමිත් 🙂 මම ගැන ඉතිං මම 50දියි 100දියි දෙකේම වගේ කිව්වනෙ, ඉතිං මට හිතුණ මේ වතාවෙ ලිපිය මේ විදියට ඕගොල්ලනුත් ඇතුළු තිරය පිටුපස අය වෙනුවෙන් වෙන් කරන්න. නැත්තං ඒක ශතකය ගහල බැට් එක අමතක කලා වගේ දෙයක් මට හිතෙන විදියට. නැවතත් ස්තූතියි දමිත් මේ ලබාදෙන සහයෝගයට.

  • Viraj Unregistered
    Windows 7 Chrome 66
    2018-05-18

    ස්තුතියි සහෝ සබ් එකට. Post credit කියන එකෙන් මොකක්ද අදහස් කරන්නෙ?

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 53
      2018-05-18

      සාමාන්‍යයෙන් චිත්‍රපටයක එහෙමත් නැත්නම් වීඩියෝ ක්‍රීඩාවක නිර්මාණකරනය සඳහා දායක වු අයගෙ , නන් අයුරින් සහය වුන අයගෙ නම් එහෙම ඒ අදාල චිත්‍රපටය හෝ වීඩියෝ ක්‍රීඩාව තුලදි අපට පෙන්නනවනෙ නාමාවලියක් විදියට, මෙන්න මේ නාමාවලියට තමයි ක්‍රෙඩිට් කියන්නෙ. ක්‍රෙඩිට් දර්ශන කියන්නෙ යම් චිත්‍රපටයක මේ නාමාවලිය අතරින් යොදන, මීලඟට එන චිත්‍රපටය ගැන යම් ඉඟියක් දීමට එහෙම යොදාගන්න දර්ශන පෙලක්. පොදුවේ ක්‍රෙඩිට් දර්ශන කියල කිව්වත් මේක බෙදෙනවා කොටස් තුනකට , (1) Opening credits – මේක යෙදෙන්නෙ චිත්‍රපටයක ආරම්භයේදි . (2) Mid credits – මේක යෙදෙන්නෙ චිත්‍රපටය අවසානයේ දිවෙන නාමාවලියෙ මැදදි. ( 3) Post credit A.K.A After credit – මේක දිවෙන්නෙ චිත්‍රපටයක නාමාවලිය අවසානයේදි. ක්‍රෙඩිට් දර්ශන බොහෝවිට දකින්න ලැබෙන්නෙ මේ මාවල් සිනමා වගේ චිත්‍රපට පෙළක් එන ඒවයෙ. ඒකත් බොහෝවිට පෝස්ට් ක්‍රෙඩිට් ,මිඩ් ක්‍රෙඩිට් තමයි. ඒ ඇරෙන්න සාමාන්‍ය චිත්‍රපටවලත් කලාතුරකින් මේ පෝස්ට් ක්‍රෙඩිට් , මිඩ් ක්‍රෙඩිට් දර්ශන දකින්න ලැබෙනවා උදා : Peter Rabbit (2018) . සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නරඹද්දි නාමාවලිය එන තැනින් නරඹන එක නවත්වන්නෙ නැතුව දිගටම බලනවනම් හරි ( මම හිතන්නෙ ක්‍රෙඩිට් දර්ශන දාන හේතුවත් ඒකයි) , සමහරවිට අපි පැයගාණක් නරඹපු චිත්‍රපටයෙ කතාවම වෙනස් වෙන්න පුළුවන් මේ විනාඩි දෙක තුනක ක්‍රෙඩිට් දර්ශනෙන් හෝ දෙකෙන්. ඔන්න ඔය තමයි කෙටිම පැහැදිලි කිරීම , නොතේරුණ තැනක් තියනම් අහන්න දන්න විදියට කියාදෙන්නම්. බොහොමත්ම ස්තූතියි, විරාජ්, ප්‍රතිචාරයට 🙂

  • sameera pradeep User
    Windows 7 Chrome 66
    2018-05-19

    supiri machan aya wewa oyata

    Reply
  • Darshana Unregistered
    Android 7 Chrome 65
    2018-05-21

    Download kama zip file akak anne.a ai

    Reply
    • Darshana Unregistered
      Android 7 Chrome 65
      2018-05-21

      Download karana widiya awando

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 53
      2018-05-21

      මීට පහලින් තියන කමෙන්ට් එක බලන්න.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 730
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved